දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශ වල පවතින වැසිබර කාලගුණ තත්ත්වය තව දුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උදය කාලයේදීද දිවයිනේ වැසි බලාපොරොත්තුවිය හැක. ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි (මි.මී 150ට වැඩි) ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.
මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට හැකියාවක් පවතී .
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහන්නත් සතුටක්...හෙට මගෙ අැදුම් ටික වේල ගන්න පුලුවන් වෙයි. (නදී)