IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුහුදට වැටුණු යානයක් වසර 71ට පසු සොයා ගනී

කල්කුඩා වෙරළට කිලෝ මීටර 10ක් පමණ ඈත මුහුදින් දෙවැනි ලෝක යුද්ධයේ දී මුහුදේ ගිලී ගිය කටලිනා නැමැති ගුවන් යානයක් සොයාගත් බව මුහුදු පුරාවස්තු ගවේෂණයේ යෙදෙන දර්ශන ජයවර්ධන මහතා පවසයි. 2013 වර්ෂයේ වසන්ත නමැති ධීවරයකුගේ දැලට පැටලී ආ ඇලුමිනියම් තහඩු කැබැල්ලක් හේතුවෙන් එම ප්‍රදේශයේ කරන ලද ගවේෂණයක දී ගිලුණු යානය සොයාගත හැකිවී ඇත.

දර්ශන ජයවර්ධන මහතා පවසන්නේ යානයේ එන්ජින් දෙකක්, අවර පෙති දෙකක් පියාපත හා බඳෙහි කොටස් කිහිපයක් මුහුදු පත්ලේ දක්නට ලැබෙන බවයි.ඒවා පිහිටා ඇත්තේ මුහුදු ජල මට්ටමේ සිට මීටර 42ක් ගැඹුරිනි.

ජයවර්ධන මහතා කරන ලද ගවේෂණයෙන් සොයාගත හැකි වී ඇත්තේ 1943 දෙසැම්බර් 09 දා මින්නේරිය ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත වූ කැටලිනා වර්ගයේ යානයක් ගුවන්ගත වී පැය එකහමාරකට පසු එක් එන්ජිමක් අක්‍රියවීම හේතුවෙන් යළි පැමිණ ඇති බවයි. මේ යානය තවදුරටත් පියාසර කිරීම අපහසුවීම හේතුවෙන් ආපසු හරවා පැමිණ ඇත. යළි එන ගමනේ දී යානය පියාසර කරවිය නොහැකි බැවින් හදිසියේ ම ගොඩබස්වා ඇතැයි ද එහි සිටි ගුවන්හමුදා සෙබළු 11 දෙනා දිවිගලවාගත් බව ද පැරණි හමුදා ලේඛණවල දැක්වේ.

එම යානය මුහුදේ ගිලී ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය වරායේ සිට කිලෝ මීටර 80ක් දකුණිනින් කල්කුඩා ආසන්නයේය. ගිලීගිය ස්ථානයත් යානයේ ස්වභායත් අනුව දර්ශන ජයවර්ධන මහතා විසින් සොයාගත් යානය එදා හදිසියේ ම ගොඩබැස්සවූ යානය බව තහවුරු කරගෙන ඇත.

ඉතා අලංකාර මත්ස්‍යෙයා් රැසක් මේ යානය ගිලී ඇති ස්ථානය හා ඒ අවට ජීවත් වෙති. කල්කුඩා වෙරළ ආසන්නයේ ගිලී ගිය යානය සම්බන්ධ ප්‍රචාරයක් ලබාදීමෙන් එය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පහසුවෙන් යොදාගත හැකිවේ යැයි ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි. 01

යානයේ කොටස් මුලින්ම සොයාගත් වසන්ත මහතා වමේ සහ ගවේෂණය කළ දර්ශන ජයවර්ධන මහතා දකුණේ

02 Catalina Engine Bay on Wing - Copy 03 Catalina Propeller 04 Catalina Second Propeller 05 Catalina Wheel 06 Catalina Wing (2) 07 Catalina Wing 08 Catalina Wreck center of wing 09 CATALNA PBY

අනතුරට පත්ව ඇත්තේ මෙවැනි යානාවකි



අදහස් (0)

මුහුදට වැටුණු යානයක් වසර 71ට පසු සොයා ගනී

අනුර Sunday, 26 October 2014 09:24 AM

ඔය ගමේ ඇලෙත් හිල් තිබුනා අසේල වතුර හිටින්නේ නැහැ (නදී)

:       0       0

ජයත් Friday, 24 October 2014 10:54 AM

හරිම ලස්සනයි හැබැහින්ම බලන්න තියනවා නම් (නදී)

:       0       0

ධම්මික Wednesday, 29 October 2014 11:03 PM

දර්ශන කියන්නේ දක්ෂ පරිගණක විශේශඥයෙක්. නමුත් දිය යට කිමිදීමේ ආසාව නිසාම ඔහු රැකියාවෙන් අයින් වෙලා තමයි මෙහෙම දේවල් කරන්නේ. එ් නිසයි දර්ශනගේ මේ වගේ හොයා ගැනීම් ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම ඔහු හොඳ මිත්‍රයෙක්. (නදී)

:       0       0

ශාන්ත මුණසිංහ විතානගේ Friday, 24 October 2014 06:04 PM

මෙවන් පෞරානික වටිනාකම ඇති දේවල් සොයාගන්නා සැබෑ දක්ෂයින්ට ස්තූතිවන්ත විය යුතුයි. ඔබට ජය. (නදී)

:       0       0

රෝහිත Thursday, 30 October 2014 01:01 AM

අපිට ඔය පරණ බඩු හොයන්න වෙලාවක් නැහැ. අපි බලන්නේ අඟහරු ලෝකෙට රොකට් යවන්න. (නදී)

:       0       0

නාලක Friday, 24 October 2014 03:12 AM

දැන් ඕකේ කෑලි ගලවන්න යයි අපේ නිධන් හොරු.. ඕකෙන් සංචාරක ක්ෂේත්‍රයට වැඩක් ගන්න ඉතුරුවක් කරන එකක් නැහැ. (නදී)

:       0       0

කොඩිතුවක්කු Friday, 24 October 2014 03:30 AM

නියමයි...ඔබට ජයෙන් ජය වේවා. (නදී)

:       0       0

කුසලාවති Friday, 24 October 2014 03:49 AM

ප්ලේටිස්, ෂෝට් ටෙල් යන මාළු ඇති බව පෙනේ. ගෝල්ඩ් ෆිෂ් නැත (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 26 October 2014 01:55 AM

කැටලිනා යානා දියේ බැස්විය හැකි ඇම්පිබියස් වර්ගයේ වුවත් මුහුදේ ගිලුන හැටි පිලිබඳ විස්තරයක් හා ගවේෂණයක් කලතොත් යානයේ ගමන් ගත් කාර්ය මණ්ඩලයේ දැනට සිටින නෑයන්ට ඉතා වැදගත් වේවි. රාජකීය ගුවන් හමුදාවේ විශ්‍රාමිකයන් තවමත් ඇත්නම් ඔවුන් මෙය බලන්නට එ්වි. මේ පිළිබඳව වාර්තා අපේ ගුවන් හමුදාව සතුව ඇති. ශ්‍රී ලංකාවේ මිලිටරි හිස්ටෝරියන්ල නැති එක ලොකු අඩුවක් (නදී)

:       0       0

මානගේ Friday, 24 October 2014 06:28 AM

බය වෙන්න දෙයක් නැහැ, මීටර් 42 ක් යට යන්න අපහසුයි විශේෂ පහසුකම් නැතුව. නිකම් කෙනෙකුට යන්නත් බැහැ ජලයේ පීඩනයට ඔරොත්තු දෙන්නේ නැති නිසා .(අ)

:       0       0

සම්පත් Sunday, 26 October 2014 09:04 PM

ගමේ ඇළේ සිටින මාළුවෙකුට තරමටවත් මේකෙ ඉන්න සමහර අයට මොළය නැහැ කියලා පෙනෙනවා අදහස් වලින් (නි)

:       0       0

අසිඳු Friday, 24 October 2014 08:27 AM

මම හිතන්නේ රෝදේ හිලක් තියෙන නිසා කඩා වැටෙන්න ඇත්තේ. අපේ ගමේ ඇලෙත් ඔය වගේ කෑලි වගයක් තිබුනා. (නදී)

:       0       0

චන්න ජයසිංහ Friday, 24 October 2014 10:17 AM

අපෙන් සගවාගත් බොහෝ රහස් ඇති තැනක් තමා මහා සාගරය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site