කල්කුඩා වෙරළට කිලෝ මීටර 10ක් පමණ ඈත මුහුදින් දෙවැනි ලෝක යුද්ධයේ දී මුහුදේ ගිලී ගිය කටලිනා නැමැති ගුවන් යානයක් සොයාගත් බව මුහුදු පුරාවස්තු ගවේෂණයේ යෙදෙන දර්ශන ජයවර්ධන මහතා පවසයි. 2013 වර්ෂයේ වසන්ත නමැති ධීවරයකුගේ දැලට පැටලී ආ ඇලුමිනියම් තහඩු කැබැල්ලක් හේතුවෙන් එම ප්‍රදේශයේ කරන ලද ගවේෂණයක දී ගිලුණු යානය සොයාගත හැකිවී ඇත.
දර්ශන ජයවර්ධන මහතා පවසන්නේ යානයේ එන්ජින් දෙකක්, අවර පෙති දෙකක් පියාපත හා බඳෙහි කොටස් කිහිපයක් මුහුදු පත්ලේ දක්නට ලැබෙන බවයි.ඒවා පිහිටා ඇත්තේ මුහුදු ජල මට්ටමේ සිට මීටර 42ක් ගැඹුරිනි.
ජයවර්ධන මහතා කරන ලද ගවේෂණයෙන් සොයාගත හැකි වී ඇත්තේ 1943 දෙසැම්බර් 09 දා මින්නේරිය ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත වූ කැටලිනා වර්ගයේ යානයක් ගුවන්ගත වී පැය එකහමාරකට පසු එක් එන්ජිමක් අක්‍රියවීම හේතුවෙන් යළි පැමිණ ඇති බවයි. මේ යානය තවදුරටත් පියාසර කිරීම අපහසුවීම හේතුවෙන් ආපසු හරවා පැමිණ ඇත. යළි එන ගමනේ දී යානය පියාසර කරවිය නොහැකි බැවින් හදිසියේ ම ගොඩබස්වා ඇතැයි ද එහි සිටි ගුවන්හමුදා සෙබළු 11 දෙනා දිවිගලවාගත් බව ද පැරණි හමුදා ලේඛණවල දැක්වේ.
එම යානය මුහුදේ ගිලී ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය වරායේ සිට කිලෝ මීටර 80ක් දකුණිනින් කල්කුඩා ආසන්නයේය. ගිලීගිය ස්ථානයත් යානයේ ස්වභායත් අනුව දර්ශන ජයවර්ධන මහතා විසින් සොයාගත් යානය එදා හදිසියේ ම ගොඩබැස්සවූ යානය බව තහවුරු කරගෙන ඇත.
ඉතා අලංකාර මත්ස්‍යෙයා් රැසක් මේ යානය ගිලී ඇති ස්ථානය හා ඒ අවට ජීවත් වෙති. කල්කුඩා වෙරළ ආසන්නයේ ගිලී ගිය යානය සම්බන්ධ ප්‍රචාරයක් ලබාදීමෙන් එය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පහසුවෙන් යොදාගත හැකිවේ යැයි ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.
යානයේ කොටස් මුලින්ම සොයාගත් වසන්ත මහතා වමේ සහ ගවේෂණය කළ දර්ශන ජයවර්ධන මහතා දකුණේ
අනතුරට පත්ව ඇත්තේ මෙවැනි යානාවකි








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමේ ඇලෙත් හිල් තිබුනා අසේල වතුර හිටින්නේ නැහැ (නදී)
හරිම ලස්සනයි හැබැහින්ම බලන්න තියනවා නම් (නදී)
දර්ශන කියන්නේ දක්ෂ පරිගණක විශේශඥයෙක්. නමුත් දිය යට කිමිදීමේ ආසාව නිසාම ඔහු රැකියාවෙන් අයින් වෙලා තමයි මෙහෙම දේවල් කරන්නේ. එ් නිසයි දර්ශනගේ මේ වගේ හොයා ගැනීම් ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම ඔහු හොඳ මිත්‍රයෙක්. (නදී)
මෙවන් පෞරානික වටිනාකම ඇති දේවල් සොයාගන්නා සැබෑ දක්ෂයින්ට ස්තූතිවන්ත විය යුතුයි. ඔබට ජය. (නදී)
අපිට ඔය පරණ බඩු හොයන්න වෙලාවක් නැහැ. අපි බලන්නේ අඟහරු ලෝකෙට රොකට් යවන්න. (නදී)
දැන් ඕකේ කෑලි ගලවන්න යයි අපේ නිධන් හොරු.. ඕකෙන් සංචාරක ක්ෂේත්‍රයට වැඩක් ගන්න ඉතුරුවක් කරන එකක් නැහැ. (නදී)
නියමයි...ඔබට ජයෙන් ජය වේවා. (නදී)
ප්ලේටිස්, ෂෝට් ටෙල් යන මාළු ඇති බව පෙනේ. ගෝල්ඩ් ෆිෂ් නැත (නදී)
කැටලිනා යානා දියේ බැස්විය හැකි ඇම්පිබියස් වර්ගයේ වුවත් මුහුදේ ගිලුන හැටි පිලිබඳ විස්තරයක් හා ගවේෂණයක් කලතොත් යානයේ ගමන් ගත් කාර්ය මණ්ඩලයේ දැනට සිටින නෑයන්ට ඉතා වැදගත් වේවි. රාජකීය ගුවන් හමුදාවේ විශ්‍රාමිකයන් තවමත් ඇත්නම් ඔවුන් මෙය බලන්නට එ්වි. මේ පිළිබඳව වාර්තා අපේ ගුවන් හමුදාව සතුව ඇති. ශ්‍රී ලංකාවේ මිලිටරි හිස්ටෝරියන්ල නැති එක ලොකු අඩුවක් (නදී)
බය වෙන්න දෙයක් නැහැ, මීටර් 42 ක් යට යන්න අපහසුයි විශේෂ පහසුකම් නැතුව. නිකම් කෙනෙකුට යන්නත් බැහැ ජලයේ පීඩනයට ඔරොත්තු දෙන්නේ නැති නිසා .(අ)
ගමේ ඇළේ සිටින මාළුවෙකුට තරමටවත් මේකෙ ඉන්න සමහර අයට මොළය නැහැ කියලා පෙනෙනවා අදහස් වලින් (නි)
මම හිතන්නේ රෝදේ හිලක් තියෙන නිසා කඩා වැටෙන්න ඇත්තේ. අපේ ගමේ ඇලෙත් ඔය වගේ කෑලි වගයක් තිබුනා. (නදී)
අපෙන් සගවාගත් බොහෝ රහස් ඇති තැනක් තමා මහා සාගරය (නදී)