(ඩී.ජී.සුගතපාල )
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.
අතුරුදහන් ඇත්තේ හික්කඩුව තොටගමුව පදිංචි 25 හැවිරිදි ධිවරයෙකි.
ඔහු තවත් පස් දෙනෙකු සමග ඉකුත් 26 වනදින චමිර පුතා නමැති බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර ඊයේ(08) සවස ඔහු මුහුදට වැටුන බවට යාත්‍රාවේ හිමිකරුට සන්නිවේදන උපකරණ මගින් දැනුම්දිමෙන් පසු යාත්‍රාවේ හිමිකරු ඒ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය මේ පිළිබඳව දක්ෂිණ නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති අතර නාවික හමුදාව විසින් අතරුදහන් ධිවරයා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක තැනක මුහුදට වැටුනු ධීවරයා අතුරුදන් තව තැනක , ධීවර වෙළඳ සැල කියලා බෝඩ් තියෙනවා පළාත් පාලන ආයතන කඩ වෙන්දේසියේ කියන්නෙ මස් වෙළඳ සැල මාලු වෙළඳ සැල කියලා ඉතින් කිසිම කඩේකින් ධීවර කිලෝවක් ග්‍රෑම් 500 ඉල්ලන්නෙ නැහැ ඉල්ලන්නේ මාලු දෙන්න කියලා මට තේරුම් ගන්න බැහැ ධීවර කියන්නෙ මොනවටද කියලා