සාම්පුර් ගල් අගුරු තාප බලාගාරය ඉදි නොකරන ලෙස එහි සන්තෝෂපුරම් හි ලංකා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය අද (07) උද්ඝෝෂණයක් කළේය. බලාගාරය ඉදිකළ හොත් ලී කැපිමට,මී කපා ගැනිමට හා දඩයමට වනාන්තර නැති වෙතියි මුහුදු වැදි පරපුරෙන් පැවත එන ආදිවාසිහු කියති. දැනට එවැනි පවුල් 50 ක පමණ සාමාජිකයෝ එම ප්‍රදේශයේ ජිවත් වෙති. උද්ඝෝෂණය මෙහෙය වුයේ හරිත ත්‍රිකුණාමල සංවිධානයයි. ලංකා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී කේ.නාගේෂවරන් මහතාට ලිපියක් ද බාර දුන්හ. එය ජනපතිට ඉදිරිපත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එපා නොකියන්න හිරුඑලිය තියෙනේ අපේ රටේ මොකද මේ යල්පැනපු ගලඅගුරු වලට යන්න හදන්නේ, හිරු එලිය ලබන්නේ නිකම් එනිසා වියදම ටිකකි, මුදලට කෑදර මිනිස්සු ඉන්නකම් අපේ රට ගොඩගන්නවා බොරු.(අ)
මේ ගැන නැවත වරක් සිතා බලන්න.(හේ)
සුනිල් මහතාගේ කතාව හරි (නි)
ඇයි අපිට නෙට් මීටරින් ක්‍රමය සහ සූර්‍ය ශක්ති විදුලි ජනනය දිරිගන්වන්න බැරි. දැනටමත් ලංකාවේ මේක්‍රමය තමන් ගේ වියදමින් ස්ථාපනය කරගෙන තියන පාරිභෝගිකයින් කිසිම විදුලි බිලක් නෙගෙවා වායු සමන යන්ත්‍ර පවා භාවිතා කරනවා. මේ උපකරණ සඳහා තීරු බදු නිදහස ලබාදෙන්න. වාහන වලට දෙන බදු නිදහසට වඩා ඒක රටට සම්පතක් වේවි. (බ)
බලාගාර එපා නම් 24 පැයට විදුලිය එලොවෙන්ද ?(හේ)
මේතරම් දියුණු තාක්ෂණයක් තිබියදීත් පරිසරයට හානිකරන ගල්අඟුරු භාවිතයෙන් බැහැරව සුර්ය ශක්තියෙන් විදුලිය නිපදවන ක්‍රමයකට යා හැකිනේ. ගෘහස්ථව සුර්ය කෝෂ සහන ණය ක්‍රමයකට දීමට රජය කටයුතු කරන්නේ නම් විදුලි ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වේවි (නි)
ලංකාව අවුරුද්ද පුරාම හොඳට හිරු එළිය තියෙන රටක්. ඒ නිසා සූර්ය කෝෂ ලංකාවට සුදුසුයි. මේ බලාගාර හදනවාට වඩා අඩුවෙන් නිවාසවල සූර්ය කෝෂ සවි කළහැකිය. රජය මේවට සහන දිය යුතුයි. (නි)
මිනිස්සුන් තමුන්ගේ ගමේ බලාගාර හදනවට කැමති නැති වුනාට තමුන්ට නොකඩවා විදුලිය නම් ලැබෙන්න ඕනේ.(හේ)