කොළඹ වරාය නගරය ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය ලබන මස ආරම්භ කරන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (15) පැවැසීය.
පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ව්‍යාපෘති නීත්‍යානුකූල ලෙස නැවත ආරම්භ කිරීම සඳහා කළ සාකච්ඡා අවසන් බවත් ඒවා ඉදිරියේදී ආරම්භ කරන බවත් රාජ්‍ය අමාත්‍ය සේනසිංහ මහතා කීය.
“අපි චීනය රජය සමඟ සමීප සබඳතා පවත්වනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ආදි ව්‍යාපෘති ලාභ ලබන ආකාරයෙන් විනිවිදභාවයකින් හා නීත්‍යානුකූල ලෙස ආරම්භ කිරීමට අපි සාකච්ඡා කර තීරණවලට එළැඹී අවසන්. එම ව්‍යාපෘති ඉදිරියේදී නැවත ආරම්භ වෙනවා.” ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන රජය පෝර්ට් සිටිය වෙනුවෙන් නඩු කියන්න සූදානම් වුණා. ඒකට බයේද මේ? කලින් ඒවා කෙරුනේ නීත්‍යානුකූලව නෙමෙයිද? (නි)
මෙතුමා ක්‍රිෂ් ව්‍යාපෘතියත් ඉක්මනටම පටන් ගන්න යනවා කියලා ආරංචියි. ඔහොම යමු ඔහොම යමු. වැඩි විස්තර එතුමාම කියයි. (නි)
හොරා කන්න දෙන්නේ නැතුව ඕනෑ ව්‍යාපෘතියක් පටන්ගන්න. දැන් වැටෙන නඩු වලින් පෙනෙනවානේ හොරා කාපු මුදල් වලින් කරලා තියෙන දේවල්. සමහරුන්ට ව්‍යාපෘතිය නැතිවුණත් කමක් නැහැ හොරාකන්න තියෙනවා නම් (නි)
එයාලා කරද්දී මේවා වැරදි වැඩ. මෙයාලා කරද්දී මේවා හොඳ වැඩ. අර එක ඇමති කෙනෙක් කියලත් තිබුණේ මේ ව්‍යාපෘතිය අපේ අදහසක් අර කලින් ආණ්ඩුව ඕක කළාට කියලා. කාට කියන්නද? (නි)
දැන්වත් මහින්දගේ අගය තේරුම් ගත්තොත් හොඳයි නේද.? (ර)
රෙදි ඇඳගෙනද මන්දා මේවා මෙහෙම කියන්නේ? (නි)
මේවා ඇහෙනකොටත් අපිට හිනායනවා (නි)
බඩු මිල නගිනවා. අපි බලා ඉන්නවා. (ර)