කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පරිසර අධ්‍යාපන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් 08 වැනිදා තෙක් අභියාචනාධිකරණය නීතිපතිට කල් දුන්නේය.
ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණය මේ බව දැනුම් දී ඇත.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා ප්‍රකාශ කළේ පරිසර අධ්‍යාපන වාර්තා ඇතුළු අනෙකුත් තාක්ෂණික වාර්තා ලබාගැනීම සඳහා කල් අවශ්‍ය බවයි. එහෙයින් කල් ලබාදෙන ලෙස හෙතෙම අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
පෙත්සම ඔක්තෝබර් මස 08 වැනි දා යළි කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදිනට අදාළ කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝර්ට් සිටි ව්‍යාපෘතිය කරගෙන යන්න ඕනෑ. ඒ තුළින් සංචාරක ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වෙනවා. ලෝකේ මෙවැනි ව්‍යාපෘතීන් 135 කට වැඩිය කරලා තියෙන්නේ. ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය හදලා තියෙන්නේ මුහුද ගොඩකරලා. පරිසරය ගැන ලොකුවට කතාකරන අයට රට තුළ වෙන විනාශය පෙනෙන්නේ නැද්ද? (නි)
පරිසරය ඉතා වැදගත්. නමුත් තිරසාර සංවර්ධනය කියන්නේ පරිසරය, ආර්ථිකය, සමාජීය සහ සංස්කෘතික කියන අංශ හරියට සමතුලිත වුණොත් තමයි. උදාහරණයක් ලෙස පරිසරය පමණක් හොඳින් රැකගෙන ගල්ගුහා වලට වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම පරිසරය විනාශ කර දමා දුම් සහිත කොන්ක්‍රීට් වනාන්තර වල ඉන්නත් පුළුවන්. කවුරුත් මේක තේරුම් ගන්න. (නි)