අතුරුදන් වූ ඉන්දුනීසියා යානයේ බවට විශ්වාස කළ සුන්බුන් හමුවූ ප්‍රදේශයේ මුහුද මත මළ සිරුරු හා ගමන් මළු පාවෙමින් තිබෙන බව ගවේෂණ කණ්ඩායම් පවසයි. මේ ස්ථානයේ සිරුරු 40ක් පමණ නිරීක්ෂණය කළ හැකි වූ බවත් ඒවා හැකි ඉක්මණින් ගොඩගන්නා බවත් ඔවුහු කියති.
ඉන්දුනීසියා නාවික හමුදාව නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මේ සිරුරු ඇත්තේ බෝර්නියෝ දූපත් ආසන්නයේ බවයි. ඉදිමී ජලයේ පාවෙන මළ සිරුරක ගුවන් දර්ශනයක් රූපවාහිනී නාලිකාවක පෙන්වීමත් සමග ගුවන්යානයේ ගමන්ගත් මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගුවන් අනතුරු සිදුවන කලාපය නිතරම දේශගුණික විපර්යාස වලට භාජනය වන නිසා ගුවන් මාර්ග වෙනස් කරනවා නම් සුදුසුයි. (නි)
අනේ අපොයි (නදී)
සංවේගය දනවන පුවතකි. ඔවුන් අයත් වන්නේ මිනිස් වර්ගයාටය .ඔවුන් අදහන දහම අනුව. මතුභවය සැනසිලි දායක වේවා.(දිල්)
මේ අපරාධයට වගකියන්න ඕන ගුවන් සමාගම, කාල ගුණය ඉතා නරක බව දැනගෙනත් මුදල් ලාබ ලැබීමට යානය නිදහස් කල නිසා මේ අපරාධය සිදුවී ඇත. (නදී)