ආණමඩුව-කොට්ටුකච්චියේ ධීවරයන් දෙදෙනකු ඔවුන් ගමන් කළ බහු දින යාත්‍රාව ද සමග අතුරුදන්වී ඇති බව ඥාතීහු නාවික හමුදාවට දැන්වූහ.
පසුගිය හය වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ටුනා දෙක ධීවර යාත්‍රාව මෙසේ අතුරුදන් වී ඇත.
මේ අතර ත්‍රිකුණාමලයෙන් පසුගිය 28 වැනි දින පස් දෙනකු සමග මුහුදු ගිය ලක්සිරි ධීවර යාත්‍රාව ගැන ආරංචියක් නැතැයි එහි අයිතිකරු ජේ පී නීල් ප්‍රසන්න මහතා චීන වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
පසුගිය අට වැනිදායින් පසු යාත්‍රාව සමග පනිවිඩ හුවමාරුව ද නැති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඇමති? කෝ මේවයේ තියෙනවා කියපු පණිවුඩ හුවමාරු යන්ත්‍ර, ජී පී එස් සම්බන්ධතා? කාලගුනේ සහ ධීවර බලධාරීන් තවම ඉවත්ව නොගියේ ඇයි? (ත)
රටේ පවතින අයපත් කාලගුණය දැනගෙනත් ඇයි අපේ ධීවරයෝ මුදු යන්නේ? (නි)
ධීවර ඇමතිතුමා මේ දවස් වල සද්දයක් නැත්තේ මොකද? (නි)
නීල්, පොඩ්ඩක් ඉවසන්න. තවම ධීවර මුහුදුගමන් පිලිබඳ ඇමැති කෙනෙක්වත්, ධීවර සන්නිවේදන කටයුතු පිලිබඳ ඇමැති කෙනෙක්වත් පත් කරලා නැහැනේ. ඒ අයව පත් කරපුවහම ඔය ඔක්කොම ප්‍රශ්න විසදෙනවා. කාලගුනේ අයව වෙනස් කරන්ඩ ඕනෑ නැහැ.කාලගුනයම දැන් වෙනස් වෙලානේ. ධීවර බලධාරීන් ඉතින් මුකුත් වරදක් කරලා නැහැ කියලනේ කිව්වේ. ඉතින් එයාල යන්නේ මොකටද? (නි)
වෙන රටකට ගියාවද්ද? (නි)
මේ අය සොයන්න අපේ ගුවන්, නාවික හමුදාවල් යොදවන්න බැරි ඇයි? (අ)