(සනත් ගමගේ)
පස්සර ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකට වහලෙන් ඇතුල් වී මෙහෙණින් වහන්සේලාට කරදරකර හුංගම රන්න වැල්ලෝඩය ප්‍රදේශයේ නිවසක සැඟව සිටි පුද්ගලයෙක් (22) අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත ක්‍රීයාත්මක කරන ලද වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරු ඥාතී නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පස්සර ඉඟරුකටුව ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක වහලෙන් බැස අවුරුදු 62 ක් පමණ වයසැති මෙහෙණින් වහන්සේ නමකට කරදර සිදු කිරීම සම්බන්ධව පස්සර පොලිසියට පැමිණිලි කර ඇත.
මීට මාසයකට පමණ ඉහත දී මෙම සිද්ධිය සිදුවී ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටි අතර පොලිස් ස්ථානවලට සැකකරු සම්බන්ධව තොරතුරු ලබා දී තිබූ බව පොලිසිය කියයි.
වයස අවුරුදු 49 ක් පමණ වන මෙම පුද්ගලයා ඥාතී නිවසේ සැඟව සිටිය දී වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පස්සර පොලිස් ස්ථානයට පරීක්ෂණ සඳහා බාර දුන් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වගේ මිනිස්සු ඉන්න රටක්ද මේ ?
නඩු විභාගයේදී මේ වරද ස්ත්‍රී දූෂණයකට වඩා බරපතල වරදක් ලෙස සලකා දඩුවම් නියමකල යුතුයි.
මෙවන් මානසික ලෙඩ්ඩු අත්අඩංගුවට ගෙන ප්‍රති කර කල යුතුයි... මේවා ලිංගික අසහනකාරී මානසික ලෙඩ වර්ගයට අයත්.
නඩු අහ අහා ඉන්න දෙයක් නැහැ ..... දඩුවම් කරන්න