IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


'මුහුණට මුහුණ සටනට එනු'

නිවට දේශපාලනයේ නොයෙදී පුළුවන්නම් මුහුණට මුහුණලා සටනට එන්නැයි ජාතික කම්කරු සංගමයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා ලංකා කම්කරු කොන්ංග්‍රස් නායක ආරුන්ගම් තොන්ඩමන් ඇමැතිට අභියෝග කරයි.

මෑතදී මේ දෙපාර්ශ්වය අතර ඡන්ද ගැටුම් හටගත්තේය.

මේ දෙපාර්ශ්වයම රජයට සහයෝගය දක්වයි.

දිගම්බරන් මහතා මේ අභියෝගය කළේය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ රැස්වීමකදී ය.

තොන්ඩමන් මහතාගේ ආධාරකරුවෝ තම ආධාරකරුවන්ගේ වාහනවලට පහර දී අලාභහානි කළ බව ද දිගම්බරම් මහතා කියයි.

 



අදහස් (0)

'මුහුණට මුහුණ සටනට එනු'

දසුනි Sunday, 25 August 2013 09:26 PM

මේ ප්‍රශ්නේ දිහා මේ විදිහට බලන ඔයාව නම් මනුස්ස කම දන්න, මේ ලෝකේ කෙනෙක් බාර ගන්නේ නැහැ. (අ)

:       0       0

පිටිගල Sunday, 25 August 2013 03:04 PM

ඕක සාමාන්‍ය දෙයක්. අර වයඹත් ඕකම නේ වෙන්නේ. ගණන් ගන්න එපා.(නදී)

:       0       0

සරසි Sunday, 25 August 2013 03:41 PM

මුහුණට මුහුණ ඇවිත් අතින් පයින් ගහගන්නවද? (නදී)

:       0       0

රණා Monday, 26 August 2013 12:00 PM

උතුරත් ඔයාලට දුන්නම ඔය ටික ළඟදී වෙයි. (ස)

:       0       0

ජොනතන් Sunday, 25 August 2013 04:40 PM

ලංකාවේ කොහෙද අයිය එහෙම අය හොයන්නේ. (දී)

:       0       0

ආනන්ද ආර් Sunday, 25 August 2013 05:32 PM

පිටබැද්දර ජයා, ඔබ හරි. ඌරො කැකුණ තලනකොට ඌරන්ට අකමැති ...... කුකුලන්ට ජයමගුල්. (දී)

:       0       0

රත්න Monday, 26 August 2013 04:58 AM

මේ මොකටද මේ අය රණ්ඩු කර ගන්නේ එකම පක්සයේ අය මේ මනාප ක්‍රමය අමනාපය දනන්න හොඳම ක්‍රමය (අ)

:       0       0

සලීම් Monday, 26 August 2013 06:28 AM

21 වැනිදාට පස්සේ මිනිස්සු මුහුණට මුහුණ සටනේ නායකයෝ එකට වාඩිවෙලා තමන්ගේ ගැටළු විසදා ගනීවි (නි)

:       0       0

උපාලි Monday, 26 August 2013 07:24 AM

මේ වගේ කතා කියන ඕනෑම දේශපාලනඥයෙක් දන්නවා, දේශපාලනයේදී මුහුණට මුහුණ ලා සටන් කරන අය නැහැ කියලා. ඒවා නිකම් සෝබනේට කියන දේවල්. අර පොඩි ළමයි ඉස්කෝලේ ටීචර්ට වැඩිය ආදරේ කරන්නේ කවුද කියලා බෙදාගන්න බැරුව රණ්ඩු වෙනවා වගේ දෙයක් මේ. (නි)

:       0       0

ජගත් ලියනගේ Sunday, 25 August 2013 12:52 PM

බොරුවට පුප්පනවායි කියන්නේ ඕවට තමයි කවදාවත් ඕක වෙන්නේ නැහැ . (දී)

:       0       0

ගීත් Sunday, 25 August 2013 12:54 PM

ඔය කියුවාට කවදාවත් වෙන්නේ නැහැ. මොකද අද නාවිත්තෙන් උනායෑ මෙවන් දේ (දී)

:       0       0

දසුනි Sunday, 25 August 2013 07:00 PM

ඔයාල රණ්ඩු වෙන්නේ, අපිට ආදරේටද? (නදී)

:       0       0

එමිල් Sunday, 25 August 2013 07:02 PM

මේ අයට ඡන්දෙ දෙන්ට එපා. ඔය කව්රුවත් කමකරුවට පඩි වැඩි කරලා දෙන්නේ නැහැ. පුළුවන් නම් කම්කරුවන්ට දිනක වැටුප රුපියල් 1100 කරන්න.(නදී)

:       0       0

සදුනි Sunday, 25 August 2013 01:27 PM

මේවා ඡන්ද කතා. මෝඩ මිනිස්සු මේවට රැවටෙනවා.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 25 August 2013 01:48 PM

මෙයා මේ වීරයෙක් වගේ කැගැහුවට යු එන් පි ඡන්ද අරන් ආණ්ඩුවට පැනපු කෙනෙක්. .මෙයා කියන දේවල් කව්ද ගණන් ගන්නේ.(නදී)

:       0       0

කුමාර් Sunday, 25 August 2013 01:52 PM

මෙයාල මෙහෙ රණ්ඩු උනාම ඩයස් පෝරාවේ කාන්ඩේ නිකන් අතරමන් වෙනවා. ඒ ඇර තමිල්නාඩුවේ ලකුණු දාගන්න ලංකාව වෙනුවෙන් පොර අල්ලන අයටත් මේ රණ්ඩුව නිසා අග මුල මාරු වෙනවා.(නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 25 August 2013 01:57 PM

හා හා අරච්ච්චිල ඉසරහ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 25 August 2013 02:03 PM

දිගම්බරන් මහත්තයෝ , මෝඩ වෙන්න එපා ඔයාල අපි ගහ මරාගන්නකොට රවුම් තොප්පි කාරයෝ අපි දෙගොල්ලනටම හිනා වෙනවා විතරක් නෙවෙයි එයාලගේ ගමනත් වේගවත් කරනවා.(නදී)

:       0       0

මනෝජ් -සාජා Sunday, 25 August 2013 02:19 PM

ගනු කඩුව එනු සටනට.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 25 August 2013 08:25 PM

සුද්දෝ අපේ රටට ඉන්දියාවෙන් දෙමල මිනිස්සු ආනයනය කරලා උන්ගේ වැඩේ කරගෙන ඒ දෙමල මිනිස්සු මෙහෙ දාල උන් අතපිහදාගෙන යන්න ගියා. අද මුළු උඩරටම මේ වතු දෙමල බලේ රජ වෙලා. ලංකාවේ හොදම පාරිසරික පාරාදීසය දේසපාලනික වසයෙන් වගේම ඉඩම් අයිතිය පැත්තෙනුත් පාරම්පරික සිංහලයට අහිමි වෙලා. අම්මපා බැරිද සුද්දට විරුද්දව ජාත්‍යන්තර නඩුවක් දාන්න මේ කල අසදාරනේට විරුද්දව. අපේ රටට බලෙන් පටවපු මේ මිනිස්සුන්ව සුද්දටම බාර ගන්න කියලා.(නදී)

:       0       0

චන්ගුමී Sunday, 25 August 2013 02:28 PM

කව්රු මොනවා කිවත් ඊලග අගමැති මැද කව්ද කියලා මම දන්නවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 25 August 2013 02:52 PM

චංගුමී , මලක නමක්ද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site