ආචාර්ය කොළොන්නාවේ කුසුමා මෙහෙණියගේ අනුශාසකත්වය යටතේ කාන්තාවෝ 33 දෙනෙක් හෙට්ටියාදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී පසුගියදා මෙහෙණි සසුනට ඇතුළත් වූහ.
කුසුමා තෙරණිය හොරණ ආර්ය ඛේමා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිනියයි. වේවැල්දෙණියේ අනුපමා නමින් මෙහෙණි සසුනට එක්වූ ඒ.වී.ලියනගුණවර්ධන (48) මහත්මිය ඇගේ සියලු දේපළ ඇතුළු අංග සම්පූර්ණ දෙමහල් නිවසක් හා රුපියල් කෝටි තුනක් වටිනා ඉඩමක්ද බුද්ධ ශාසනයට පූජා කළාය. පොතුවිල උත්පල ධම්මදානී තෙරණිය නමින් මෙහෙණි සසුනට එක්වූ උදේනි ප්‍රියදර්ශනී මහත්මිය (34) ලෙස ශාසනයට ඇතුළු වූවාය. ඇය තාවකාලික පැවිද්ද ලබා වර්ෂයක් පමණ භාවනාව ප්‍රගුණ කළාය.
වයස අවුරුදු 19ක් වූ ලාබාල යුවතියක් සහ 23,38,61,70 හා 75 වියෙහි පසුවන තවත් පිරිසක් මෙහිදී පැවිදි දිවියට පත්වූහ.
කැටවල හේමාලෝක තෙරුන් පැවසුවේ උන්වහන්සේ මෙම ශාසනික ක්‍රියාව සංවිධානය කළේ ඉමහත් බාධක මධ්‍යයේ බවයි. මෙම ක්‍රියාව නිසා දැඩි විවේචනද එල්ලවූ බව ඒ හිමියෝ පැවසූහ. මේ වර්ෂයේදී තවත් 50 දෙනකු සසුනට එක්වීමට නියමිත බවද උන්වහන්සේ පැවසූහ.
බෙංගමුවේ නාලක හිමි ඇතුළු සංඝයා වහන්සේලාද, බැතිමත්හු 1500ක් පමණද ඊට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ලෝකයේ ධනවත්ම ආගම. එය රැකගැනීමට දායක වු ඔබට පින් (නදී)
සාදු සාදු සාදු (නදී)
මේක ඉතා යහපත් දෙයක්. සාධු කියා පින් අනුමෝදන් වෙනවා. ඒත් මේ මෙහෙණින් වහන්සේලා හොඳට පුහුණු කරවන්න ඕනෑ. හරි මාර්ගයේ යවන්න ඕනෑ. (නි)
හේමාලෝක හිමි කවදත් ධර්මයට සේවාවක් කරන හිමිනමක් (නි)
සසර ගමන කෙටිකරන මඟකදී මොන බාධක ආවත් ජයගත යුතුයි (නි)
සාදු..සාදු...සාදු....!!! බුදුසසුන සදා බැබළේවා! (නි)