මහජනයා හූල්ලමින් දුක් විඳිද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම ලජ්ජාවට හේතුවකියි මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කියයි.
මහජනයා හූල්ලමින් දුක් විඳිද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම ලජ්ජාවට හේතුවකියි මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන සේවයට ඔය වගේ නෙවෙයි හතර පස් ගුණයකින් වැටුප් වැඩි කලත් ප්‍රමාණවත් නැහැ. දැන් බලන්න රටේ මිනිස්සු කාලා, ඇඳලා නිදහසේ කල් ගෙවන හැටි. ජීවිතයේ කිව නොහැකි දුක් කන්දරාවක් විඳින දේශපාලක තුමාලට පඩි වැඩි කර ගත්තම මොකද වෙන්නේ. (ර)
මෙවැනි දෙයක් යහපාලන රජයක් යටතේ සිදු නොවියයුතු දෙයක්. අති විශාල ඇමති මණ්ඩලයක් පෝෂණය කිරීම නඩත්තු කිරීම අතිවිශාල කාර්යභාරයක්. ඒක කරන්නේත් මහජන බදු මුදල් වලින්. කොරේ පිටට මරේ කියන්න වගේ මන්ත්‍රීන්ගේ වැටුප් මේ "පටි තද කරගත යුතු" අවස්ථාවේ කරනවා නම් මේ රජය මහජන දුක හඳුනන යහපාලන රජයක් කියා කියන්නේ කොහොමද? (නි)
මම මොහුගේ සහ මොහුගේ පියාගේ දේශපාලන ක්‍රියාදාමය අනුගමනය නොකරනමුත් මෙම ප්‍රකාශය අනුමත කරමි. මෙම අවස්ථාවේදී මන්ත්‍රී වැටුප් සහ දීමනා වැඩිකළ නොහැක. තීරුබදු සහිත සුඛෝපභෝගී වාහන දීමනා, මෙපමණ විශාල කාර්ය මණ්ඩල වැටුප් දියුණු රටක් වන ජර්මනියේ මන්ත්‍රීලාටවත් ලැබෙන්නේ නැත. ජර්මනියේ අැමතිලා පාර්ලිමේන්තු එන්නේ වසන්ත කාලෙට පාපැදියෙනි. ශීත කාලෙට පොදු ප්‍රවාහනයෙනි (නි)
ඔය තරම් උඩපනින්න ඕන නෑ.කැමති නැත්නම් නොගෙන ඉන්න මන්ත්‍රීතුමා. (ම)
ලැජ්ජාවක් නොවෙයි මහත්තයෝ, හෙණගහන අපරාධයක් (නි)
වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තිබෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ නිසා රජයට ලැබියයුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් ලැබෙනවා. රජයට අහිමිවන බදු මුදල් ප්‍රමාණය මෙතකැයි කියන්න බැහැ. මේක කිසිසේත්ම සාධාරණීකරනය කරන්න බැහැ. මම ඉතා ආදරයෙන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පර්මිට් වකුගඩු රෝගීන්ගේ අරමුදල් පිහිටුවා එයට පරිත්‍යාග කරන ලෙසට. (නි)
පිටරට ඉන්න ලංකාවේ මිනිස්සු ඊර්ෂ්‍යාවයි. ලංකාවේ දේශපාලකයින්ට ගෙවනවා හොඳටම මදි. අගමැතිතුමා සහ ජනපතිතුමා මෝඩ නැහැ වැරදි තීරණ ගන්න තරම්. (නි)
මන්ත්‍රී වැටුප් තවත් වැඩි කළයුතුයි. මේ තරම් රටකට සේවය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙන කොහෙන් හොයන්නද? අපි මේගොල්ලගෙ පඩි වැඩි කළේ නැත්නම් බැරිවෙලාවත් රට හැරගියොත්, කවුද මේ රට බලාගන්නේ? එතකොට අපිට කාගේ පිහිටක්ද? (නි)
මෙන්න ලැජ්ජාව තිබෙන මන්ත්‍රීවරයෙක්. කියන්න බලන්න දැන් අනුමත වෙලා තියෙන වැටුප් වල විස්තර. පාර්ලිමේන්තුවේ ලැජ්ජා තිබෙන මන්ත්‍රීවරු කීපදෙනෙක් ඉන්න නිසා ඔබතුමාලා එකතුවෙලා කරන්න ගිය වැඩිවීම වැළකුණා. (නි)
සමන්තගේ අදහස කියවලා මගේ ඇසට කඳුලක් ආවා. අපේ මන්ත්‍රීලගේ පර්මිට් ටික එකතු කරලා අරමුදලක් හදලා වකුගඩු රෝගීන්ට යහපතක් වෙනවා නම් කොච්චර ලොකු පිනක්ද? මම ඉස්ලාම් භක්තිකයෙක් වුණත් සමන්තගේ අදහස ගෞවරයෙන් අනුමත කරනවා. (නි)
නිසල්ගේ ප්‍රතිචාරය කියවලා මට හිනාව නවත්වාගන්න බැරුව ගියා. (නි)
මන්ත්‍රීතුමා, දීමනා විතරක් ගැන නෙමෙයි, පාර්ලිමේන්තුවේදී රුපියල් සියයකට අඩු මුදලකට කන උදේ කෑම වේල සහ රුපියල් 150 ක පමණ මුදලකට කන දවල් කෑම වේල ගැනත් ලැජ්ජා වෙන්න ඕනෑ. මොකද දන්නවද? මේ රටේ මහජනතාව වැඩියෙන්ම උලාකන බැවින්. (නි)
තවත් සමහරු නම් බොරුවට විරුද්ධවෙලා ඔක්කොම ගන්නවා (නි)
මන්ත්‍රී වාහන පර්මිට් එකක් ලක්ෂ 200 කට පමණ අළෙවිවන බව කියැවෙනවා. මේක ඇත්තද කියලා දන්නා කෙනෙක් කියනවද? (නි)
ඕක තමයි කොයි ආණ්ඩුවෙනුත් අඩු නැතිවම කළ එකම දේ. (බ)
එතකොට මෙයා වැඩි වැටුප එපා කියයිද බලමුකෝ (බ)
මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා වරප්‍රසාද පහසුකම් ආදිය ගැන ජනතාවට දැනුමක් තිබෙනවා. ඔවුන් භුක්ති විඳින සැප උවමනාවටත් වැඩියි. එහෙම තියෙද්දී ජනතාව මත තව තවත් බදු බර පටවමින් තමන්ගේ මල්ල පුරවාගන්න මන්ත්‍රීලා උත්සාහ කරනවා නම් ඒක ජනතාවට කරන ද්‍රෝහීකමක්. ඡන්දය දුන්න අයට කරන සමච්චලයක්. ලැබෙන දෙයින් සතුටු වෙන්න බැරිනම් මේ තණ්හාධික මිනිස්සු පාර්ලිමේන්තු නොයා ඉන්න ඕනෑ. (නි)
පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රී කෙනෙක්වත් විරුද්ධවු බවක් කිසිම මාධ්‍යයකින් මම නම් දැක්කේ නෑ. මේ මහජනතාව රවට්ටන්න කරන තවත් කතාවක් නේද. (බ)
මොනවට ලජ්ජා වෙනවද අප්පා ඒ මිනිස්සු. ලජ්ජා භය නැත්තම් එයාලා පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයෙක් වෙන්න බැහැනේ. හරිනම් අපියි ලජ්ජා වියයුත්තේ.. (බ)
මොන ලැජ්ජාවක්ද? ලැජ්ජාව කියන ඔය වචනේවත් ඒ ඇත්තෝ දන්නවද කියලා කව්ද දන්නේ. මහජනතාවට මොනවාවුණත් කමක් නැහැ වැටුප් වැඩිවෙනවා නම්. (නි)
මේවා දැකලා ජනතාව ශාප කරනවා (නි)
ඔබතුමා මෙහෙම කිව්ව එකම වටිනවා. අර ඇමරිකන් සුද්දා අපිට විතරනේ තිත්ත බෙහෙත් බොන්න දුන්නේ. (නි)
අපේ දේශපාලන උතුමන් කරන "ලැජ්ජා නැති වැඩ" දිහා බලනකොට, එසේම ඒවා දැක දැක නිශ්ශබ්දව ඉන්න දේශපාලන "එහෙයියන්ගේ" වැඩ දිහා බලනකොට ඕක එතරම් ලැජ්ජා වියයුතු දෙයක් නොවෙයි (නි)
ජනතා සාපය අති භයානකයි (බ)
ඔබතුමා තනතුරු අතින් මීටවඩා සෑහෙන ඉහළිනුයි ඉන්න තිබුණේ. (නි)
ඉතින් ඔය යෝජනාව ගෙනල්ල තියෙන්නේ 'පුලතිසි දෙවියෝ' සහ 'නළුවෙක් නොව මොලයක්' නේ. රටකරවන අයගේ සහ මොලයක් ඇතැයි කියන අයගේ, ප්‍රජාතන්ත්‍රවාදය/ පාලනය ගැන ලොරි පම්පෝරි ගසන අයගේ කෙරුවාව තමයි ඔය. (බ)
ඔබතුමා යහපත් කෙනෙක්. හැමෝම ඔබට හිතවත් (නි)
ලැජ්ජානැතිකම මහමුදලිකමටත් වඩා ටිකක් ලොකුයිලුනේ (නි)