(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බවත් වයස අවුරුදු 60 පිරුණු ඒ නිලධාරියා තවත් අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලා කළ ඉල්ලීමක් පොදු ව්‍යාපාර පිළිබඳ කරක සභාව (කෝප්) ප්‍රතික්ෂේප කළ බවත් එම කාරක සභාවේ සභාපති, පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
මේ නිලධාරියා රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක හිඟ වැටුප් වර්ධකයක්ද ලබා ගෙන තිබූ බව හදුන්නෙත්ති මහතා කීය.
හදුන්නෙත්ති මහතා මේ බව පැවැසුවේ කෝප් කාරක සභාවේ කටයුතු පිළිබඳව කරුණු දක්වමිනි.
සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේද පැවැසීය.
‘‘මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා වයස 60 පිරුනට පස්සෙත් තවත් වසරක සේවා දිගුවක් ඉල්ලා තිබුණා. අප ඒ සේවා දිගුව ප්‍රතික්ෂේප කළා. 60 පිරුණු අයගේ සේවය දීර්ඝ නොකර බැංකුව තුලින්ම බඳවා ගැනීම කරන්න කියලා අප නිර්දේශ දුන්නා. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය අපේ නිර්දේශ පිළිගත්තා.‘‘
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - කෝපි කමිටුවේ නිර්දේශ පිළිගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්න ඔයේ අම්බරුවන් රෑනම අඩ අඩා පඩි වැඩිකරන්න කියපු එක බැලුවම හරිම සාදාරණයි වගේ. ලක්ෂ 21 වැටුපක් අරගෙන මේ උන්දැ කරපු සේවය ගැනත් වාර්තාවක් අරගෙන මහජනතාවගේ දැනගැනීම සදහා ප්‍රසිද්ද කරනම් වඩාත් හොදයි යන්න අපගේ අදහසයි. අනේ අපේ රටේබදුගෙවන අහිංසක සාමාන්‍ය ජනතාවට දෙයියන්ගේම පිහිටයි.
අපිට පරම්පරා හතක් හම්බුකලත් මේවගේ සල්ලි වලින්ම කෝටි හතක් එකතුකරගන්න බැරිවෙයි. මට පශ්චාත් උපාධි අවශ්‍ය හොඳම රක්ෂාවක් තිබුනත් පඩිය එක්ලක්ෂ තිස්දහයි.
තවත් පරපෝෂිතයෙක්. දේශපාලුවෙකුගේ හෙන්චෙක් වෙන්න ඇති!
හා හා මේයාට මෙතරම් ගෙවන්න බැංකුව මහජන මුදල් කොච්චර ගසා කන්න ඇතිද? බැංකුව වෙළෙන්දන්ගෙන් ගසාකන මුදල් අපහු වෙළෙන්දන් පරිබෝගිකයගෙන් අයකර ගන්නවා. කොච්චරක් අපේ ජිවන වියදමට එකතුවෙන්න ඇතිද? එක බැංකුවක එක්කෙනෙකුට මෙච්චර ගෙවන කොට බැංකු පද්දතිය තුල? මේවා අනුමත කරන කාලකන්ණි දේශපාලුවෝ.
අවංකව රටේ දියුණුව වෙනුවෙන් සේවය කරන විගණකාධිපති තුමාගේ වැටුප් වැඩිකිරීම මගහරින " දේශපාපකයන් " ලක්ෂ 21 වැටුපක් ලබාදීමට කටයුතු කලේ කෙසේද ????
මම මෙහෙම කිව්වට තරහ ගන්න එක. පෞද්ගලික බැංකු වල ලොක්කන්ට මීට වැඩ පඩි ගෙවනවා..
මෙච්චර ගානක් ගෙවලා මේ මිනිස්සුන්ව තියන් හිටියේ මොනවටද..? මේ මිනිස්සු කල සේවය මොකක්ද. අඩු තරමේ තමන් යටතේ සිටින නිලධාරීන්ට හරි හමන් මාර්ගෝපදේශයක්වත් දෙන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවද. මහජන බැංකුවකට ගියාම ලැබෙන සැලකිල්ලේ තරම ජනතාව දන්නවා. බැංකුවේ ගුණාත්මක සේවයවත් ඉහල දමන්න මේ ලොකු පඩි ගන්න මිනිස්සුන්ට වුවමනාවක් තිබුනද..?
පුද්ගලික බැංකුවල උදවියට මීට වැඩිය පඩියක් ලැබුණත් සාධාරණයි. ඒ මිනිස්සු වෙලාවක් අවේලාවක් නැතිව වැඩ කරනවා. තනි සේවකයෙකු සුමානයකදී කරන වැඩගොඩ ආණ්ඩුවේ රැකියා කරනඇත්තන් අවුරුද්දකදී කරනවාදැයි සැකයි. මම දන්නා තරමින් ඇතැමුන්ට සති අන්තයේ පවා ප්‍රවර්ධන වැඩකටයුතු ආදියට යන්න වෙනවා. අනෙක් කාරණාව ඔවුන් බදුගෙවනවා. නිකම් ඉඳලා පඩි ගන්න බදු නොගෙවන ආණ්ඩුවේ රැකියා කරන මිනිස්සුන්ට නම් මේ ගානට පඩි දෙන එක අසාධාරණයි.