ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කිරිබත්ගොඩ දී පැවසීය.
ඔහු එසේ කීවේ මහජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් විද්වත් සභාවේ විශේෂ රැස්වීමක දීය.
මහජන එක්සත් පෙරමුණ සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකි.
මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඡන්දය ගනිද්දී මනාප හොරකම් සිදුවන බවයි.
‘අද රටේ ගොඩනැගෙමින් පවතින දේශපාලන ධාරාව සදහා විද්වතුන් වශයෙන් සිදු කළ යුතු දේ ගැන සාකච්චා කරන්නයි අද අපි රැස්වුණේ. රටට ආදරය කරන කොටස් නිද්‍රාශීලිව සිටියොත් එය රටට ප්‍රශ්නයක්. අද පිළිගත්ත විද්වත් කොටස් මේ දේශපාලන ක්‍රමය ගැන අප්‍රසාදයෙන් ඉන්නවා. 78 දී හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය අද සීමාවක් බවට පත්වෙලා. අපේ රටේ බුද්ධිමතින්ගෙන් දේශපාලනය දුරස් වෙලා.
අද මත්ද්‍රවය ජාවාරම් කාරයෝ ඔවුන්ගෙන් නියෝජිතයකු ඕනෑ කියා පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා අවසානයේ මුදල් මතම යන දේශපාලන ක්‍රමයක් ඇතිවෙලා තියෙනවා. ඡන්දය ගණන් කරද්දී මනාප හොරම් සිදුවෙනවා. ඒ කටුක අත්දැකීමට අපි මුහුණ දුන්නා. කැලණියේ ජයග්‍රහණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණේ මමයි. ඒත් ලැයිස්තුවේ හිටියේ වෙන කෙනෙක්. ඡන්ද ක්‍රමයත් එක්ක ඇතිවුණබරපතල ප්‍රශ්නයක් මේක.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ ඡන්ද කීයක් ගන්න පුලුවන් වෙයිද කියලා (නි)
ඇත්ත තේරුම්ගත් එක ගැන නම් සතුටුයි (නි)
ඔබ ගත් තීරණය ඉතා නිවැරදියි (නි)
1956 මැතිවරණ දිනුවේ මහජන එක්සත් පෙරමුණ, පිලිප් ගුණවර්ධන මහත්මයාගේ සභාග ආණ්ඩුව. අගමැති වුණේ සොලමන් ආර්.ඩී.බණ්ඩාරනායක මහත්මයා.එහි නායක පිලිප් මහත්මයා 1965 දී යු.එන්.පී එකට ගියා. ඊටපසු 1994 දී මහජන එක්සත් පෙරමුණ ඡන්දෙ ඉල්ලුවා. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මහජනත් නැති එක්සත්කමකුත් නැති නමට තියෙන පෙරමුණක් වෙලා නම් වැඩක් නැහැ (නි)
"මහින්දට එන්න පුළුවන්. ඒ ගැන වැරදි අර්ථකතන දෙන්න හදන්න එපා" කියන කෙනා බොහොම ඇසූ-පිරූ තැන් ඇති කෙනෙක්ද කොහෙද? (නි)
මට මේ මහජන එක්සත් පෙරමුණ ගැන ඇතිවෙන්නේ ලොකු කණගාටුවක්. ඉස්සර මහජන එක්සත් පෙරමුණ කියන්නේ ආසනයකින් ඡන්ද හත්අටසීයක් ගන්න පුලුවන්, තරමක හෝ පිළිගැනීමක් තිබුණු පක්ෂයක්. එදා මේ පක්ෂය කොන්දක් ඇතුව වැරදි, වැරදි ලෙස පෙන්වා දුන්නා. මේ පක්ෂය අද හොඳටම ප්‍රතිපත්තිමය වශයෙන් කඩා වැටිලා. අද මේ පක්ෂයට තනියෙන් ඉදිපත්වෙනවා තියා හිතන්නන්වත් බැහැ. (නි)
ඉස්සර නම් එහෙම එකක් තිබුණා වගේ මතකයි.අද තියෙනවද? (නි)
මේ පක්ෂේ පරණම එකක් නිසා තැනක් ලැබිලා තියෙන්නේ වත්මන් රජයෙන්. නායකත්වයේ උද්දච්චකම නැත්නම් තවත් ටිකක් හෝ පක්ෂය පළල් කරගන්න තිබුණා. කොහොමටත් " පක්ෂයක් " ලෙසින් එක් කෙනෙක් හරි සහාය පල කිරීම අගය කරමු. මේ අවස්ථාවේදී සිදුවිය යුත්තේ එයයි. (අ)
එදා ජේ.අාර්. ජනපති යුගයේදී නාරාහේන්පිට අභයාරාමයේදී බලයෙන් රැස්වීම් තියන්න ගිහිල්ල සිසුන් වෙඩි කා මල හැටි මෙයාට අමතක වෙලා. එදා වගේම හැම ඉල්ලිමකම පොලිස් බලයෙන්, නැතිනුම් උසාවි නියෝග වලින් මර්දනය කරන එකදිපති නායකයෙකුට සහය දෙනවා. (අ)
මේ අර පිලිප් ගුණවර්ධන මහත්තයා ආරම්භ කළ මහජන එක්සත් පෙරමුණද? (අ)
දැන් නම් ෂුවර් එකටම ආණ්ඩුව දිනයි. (හේ)
ලෙස්ලි ජයවර්ධන හරියට හරි.මමත් ඒ කාලේ පාසලෙන් අස්වෙච්ච ගමන් වගේ එයාට තමයි ඡන්දෙ දුන්නේ. දැන් මේගොල්ලන්ට කියපු දේවල් මතකත් නැහැ. ඒවගේම බන්දුල පෙරේරා පිලිගන්නවා ආණ්ඩුව වටා එකතුවී ඉන්නේ පිළිගැනීමක් නැති පක්ෂ කියලා. බන්දුලත් පිම්මක් පනින්නද දන්නේ නැහැ යන්නේ. (නදී)
ත්‍රී වීල් එකක නග්ගන්න සෙනග නැහැ. කතාව හරියට ලක්ෂ ගානක් සහයෝගය දෙන පක්ෂයක් කියල හිතාගෙනද කොහෙද? (නදී)
කොහොමත් වෙන්නේ ඕක තමා. මෙයාලා තමා අපේ අාසනේ කෑවේ (නදී)
අනෙක් පක්ෂ වලින් ඔය දිනේෂ් වගේ කෙනෙක් ව ගන්නේ නෑනේ. (අ)
මහජන එක්සත් පෙරමුණ මහරජ පෙරමුණ සමගයි. දිනේෂ් කවද්ද හරි වැඩක් කලේ. (නදී)
සහාය මහින්දට කිව්වාට නීතිය අනුව නම් මහින්දට ඉල්ලන්නවත් බැහැ නේද?(හේ)
වෙන කොහේ යන්නද ඉතින්, ඡන්ද එකක් දෙකක් තියාගෙන (නදී)
මේ අය ඉතින් වෙන මොනවා කරන්නද? (නදී)
ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ මිනිස්සුන්ට ඉතින් එගොඩත් නෑ මෙගොඩත් නෑ.(හේ)
මහජන එක්සත් පෙරමුණ ඒක මොකක්ද? (හේ)
අපේ අප්පොච්චියේ ඡන්ද මිලියනයකටත් වැඩිය තියෙන බලගතු පක්ෂයක් මේ ත්‍රී වීල් එක (නදී)
හොඳ තීරණයක් (නදී)
ඔය මහජන පෙරමුණේ සමාජිකයෝ දෙන්නෙක්වත් ඉන්නවාද?(හේ)
අපිත් ඔබ සමඟයි (නි)
ඔහොම පක්ෂයක් තිබුණද?(හේ)
ඡන්ද කීයක් විතර තියෙනවද?
ජය වේවා! (නි)
අපිට නම් එය මියගිය පක්ෂයක්. (නි)
තනියෙන් ඇවිත් ඡන්ද කීයක් ගන්න පුලුවන්ද ඔබට?(හේ)
මහජන එක්සත් පෙරමුණ ජනතා මතකයෙන් ඈත්වී ගොඩක් කල් (නි)
අපේ කට්ටිය කොහොමත් වාසියට හෝයියා! (නි)
එක අතකට ඉතින් මෙහෙම නොකර වෙන මොනවා කරන්නද? (නි)
මහජන එක්සත් පෙරමුණට ජයවේවා! (නි)
මහජන පෙරමුණේ ඉන්නේ දිනේෂ් ගුණවර්ධන විතරයි. එතැනම ඡන්ද එක ඡන්දයයි.(හේ)
මෙහෙම පක්ෂයක් තියනවද ?(හේ)
මහින්ද මහත්තයාට ඉදිරියේදී තවත් ගොඩක් අයගේ සහය ලැබෙන බව විශ්වාසයි (නි)
මට නම් මේකේ පුදුමයක් නැහැ (නි)
හරි හෝ වැරදි වුණත් 'හා' කියනවා මිසක වෙන මොනවා කියන්නද? (නි)
ඉස්සර විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියලා කෙනෙක් ලොකු සටනක් කළ බවත් අපිට මතකයි. (නි)
මහින්දට එන්න පුළුවන්. ඒ ගැන වැරදි අර්ථකතන දෙන්න හදන්න එපා (නි)