
(වයි.ඵ්.ඵස් වීරවංශ)
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන ශාලා සංකීරණයක් නම් කිරීමට එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
සෝමසුන්දර මහතා සබරගමුව විශ්ව විද්‍යාලයෙන් විශාම ගැනිමෙන් අනතුරුව 2007 වසරේ සිට නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහචාර්යවරයා වශයෙන් එම පීඨයේ පීඨාධිපති, කලා හා සමාජීය විද්‍යා අංශයේ පීඨාධිපති, පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපති යන තනතුරු දරමින් සිටි.
ඒ අනුව ඔහු කළ සේවය වෙනුවෙන් එම විශ්ව විද්‍යාලයේ දේශන ශාලා සංකීරණයක්, ජේ.ඩබ්ලිව්. ඩී. සෝමසුන්දර දේශන ශාලා සංකීරණය ලෙස නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූභපැතුම් මහාචාර්යතුමනි..., සබරගමුව විශ්ව විශ්ව විද්‍යාලයට මහඟු සේවයක් කළ උත්තමයෙකි...
මගේ හිත මිතුරු සූමසුන්දර විද්වතානං ශ්‍රී ජයවර්ධනපුර සරසවියටත් විශාල සේවයක් කළ මහාචාර්යවරයෙකි. ඔහුට කළ ගව්රවය අපි අගය කරමු...
පිදිය යුත්තන් පිදිය යුතුයි