(ගයාන් සූරියආරච්චි)

අකලට හිසකෙස් ගැලවීයාම වළක්වා හිසකෙස් වර් ධනය කරන ඖෂධීය හිස ගල්වනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර් ය සමීර ආර්. සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවනු ලැබ තිබේ.

එම හිස ගල්වනය මගින් ඇල්පා රිඩක්ටේස් නැමැති එන්සයිමය අක්රීනය කරවන අතර මෙය දේශීය සහ බටහිර යන වෛද්යි විද්යානවල අන්තර්ගතයක් බව මහාචාර්යවරයා කියයි.

මහාචාර් ය සමීර ආර් සමරකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායම වසර කිහිපයක සිට සිදුකළ පර් යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඖෂධීය හිස ගල්වනය නිපදවීමට හැකිවී තිබේ.

මෙම හිස ගල්වනය මගින් අකලට  හිසකෙස් ගැලවී  යාම වළක්වන අතර හිස්සොරි පාලනය, හිසකෙස් වර්ධනය කිරීමට සමත් වන බව සිදුකළ පර්යේෂණවලින් තහවුරුවී තිබේ.

මෙම නිෂ්පාදනයට ස්වභාවික ඖෂධ රැසක් අන්තර්ගත වන අතර අකලට හිසකෙස් ගැලවී යන කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම මෙය භාවිත කළ හැකි බවත් තරුණ පිරිසට මෙය වඩා පලදායී ප්‍රතිළුල ලබාගත හැකි බවත් මහාචාර්යවරයා පැවැසීය.

මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි නිෂ්පාදන දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීම නිතැතින්ම සිදු කිරීමට සැරසී සිටින බවත් බොහෝ විශ්වවිද්යා ල ආචාර්ය මහාචාර්යවරුන් රට හැරදමා යන පසුබිමක තම පර්යේෂණ තුළින් සිදු කරන නිෂ්පාදන  ලෝකයට හඳුන්වා දී රට ගොඩ දැමීමේ දැවැන්ත මෙහෙවරක යෙදෙන බවත් ය.