
(ඩයනා උදයංගනී)
ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලාංකිකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරන අතර මෙම ලැයිස්තුවට නම ඇතුළත්වීම ලොවපුරා විද්‍යාඥයන් දහසකින් එක් අයකුට හිමිවන අවස්ථාවක් බව ද ඇය කීවාය.
ගතවූ වසර 10ක කාලයකදී විද්‍යාඥයන් විසින් විද්‍යා වෙබ්වල පළකරන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට සැකසීම සිදුවන බව ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය.
ලොවපුරා පර්යේෂකයන් විසින් 2021 වසරේ දී, විවිධ ක්ෂේත්‍ර යටතේ පළකළ පර්යේෂණ පත්‍රිකා අතරින් විවිධ ක්ෂේත්‍ර වල පරීක්ෂණ සඳහා සුවිශේෂී බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්ෂණ පත්‍රිකා හිමි විශිෂ්ටතම පර්යේෂකයන් අතර ශ්‍රේණිගත වී සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන් අතිශයින් සතුටු වන නමුත් එම පර්යේෂණයන්ගෙන් රට ප්‍රයෝජනයක් නොගැනීම ගැන කණගාටුවක් ඇතැයි ද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල පාලකයෝ මේ වගේ අයව හරි තැන් වලට පත් කරලා උපදෙස් අරගෙන රටවල් පාලනය කරනවා ,අපේ කට්ටිය පැණි ධම්මිකලයි ,මුට්ටි වයිට්ලගෙන් උපදෙස් අරගෙන රට විනාශ කරනවා
මැතිනියනි අපි ඔබ ගැන ආඩම්බර වෙනවා හදවතින්ම.
චීන පෝර මේ රටට වස වෙනවා කිව්ව ඔබතුමියට ජාතියේ ප්‍රණාමය
මෙවැනි අයගෙන් රටට වැඩක් නැද්ද ?එහෙම නැත්නම් වැඩක් ගන්නේ නැත්ද ?වැඩක් ගන්න දන්නේ නැද්ද ?එහෙමත් නැත්නම් මේ රිසර්ච් අපේ රටට ගැලපෙන්නේ නැද්ද ?ලොකු අවුලක් තියනවා වගේ පෙනෙන්නේ මට විතරද ?
ඔබතුමියට හෘදයාංගම ප්‍රණාමය පුදකරමි .මෙතුමිය මුළු මහත් ස්රිලන්කාවටම ඉමහත් ආඩම්බරයක් .බුදුසරණයි
අපේ රටේ මොනතරම් උගත්තු උන්නත් වැඩක් නැහැ අර පඬි වරු 225 තමයි හැමදේම කරන්නේ.
චිරන් ජයතු මැතිණියනි.