කොළඹ ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ 07, පැජට් පාර ‘මහගමසේකර‘ මාවත නමින් මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් බ්‍රහස්පතින්දා (7) විවෘත කිරීමට නියමිතය.
බහුවිධ කලාවෙන් දස්කම් විස්කම් දැක්වූ හෙළයේ මහා ගත් කතුවරයකු, කිවියකු, ගීත රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දිනය බ්‍රහස්පතින්දාට (7) යෙදී ඇත.
ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය, සක්වා ලිහිණි, බෝඩිම, නොමියෙමි යන ජනප්‍රිය කාව්‍ය ග්‍රන්ථ රැසක් රචනා කර ඇති සේකරයන් තුංමංහන්දිය නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කළේය. ඒ ඔහු විසින්ම රචනා කරන ලද තුංමංහන්දිය නවකථාව ඇසුරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි මේවගේ දේවල් කරන්න පුලුවන් දේවල්. අපි ඔබතුමා ඉතා අගේ කොට සලකනවා. (හේ)
නම නොවේ වැදගත් වැඩ.(හේ)
මෙන්න අප බලාපොරොත්තුවුන වෙනස. අපට ජයවේවා! (බ)
ඉතා ප්‍රමාද වී හෝ සේකරයන් වෙනුවෙන් මාර්ගයක් නම් කීරීම ඉතාම අගනේයි එතුමන් ගේ පිලිරුවක්ද සුදුසු ස්ථානයක පිහිටුවීමට ජනාධිපති තුමන්ට සිත්වේවා!! (බ)
“සේකර සහ අමරදේව“ සුසංයෝගය අපිට කිසිදා අමතක නොවේ (නි)
එතකොට මේ පාරට පැජට් පාර කියල නම් කරලා තිබුන හේතුව මොකක්ද දන්නේ නැහැ නේද ?(හේ)