IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහකොමසාරිස්ට මහාබෝධි හරසර

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යන අශෝක් කේ කාන්තා මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මාළිගාකන්ද මහාබෝධි විහාරයේදී අද උදෑසන පැවැත්විණි.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවෝ මහකොමසාරිස් වරයා මහත් හරසරින් පිළිගත්හ.

මහාබෝධි විහාරාධිපති බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය සංවිධානය කැර තිබූ අතර මහකොමසාරිස්වරයාට විශේෂ උපහාර තිලිණයක් ද පිරිනැමිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන තිලංග සුමතිපාල, රවී කරුණානායක මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

මහකොමසාරිස්ට මහාබෝධි හරසර

ගාමිණී-සිරි Thursday, 16 May 2013 08:10 PM

ලසන්ත පුතේ, ඔබ හරිම ලාමකයි. ඉන්දියාව ,පාකිස්ථානය අසල්වාසී රටවල් හැටියට කවදත් අපට උදව් කරපු රටවල්. ජයලලිතා නටන පිස්සුවලට ඉන්දියාවම පලි නැහැ. ඔය තිළිණය දීලා තියෙන්නේ දඹදිව වන්දනාවේ යන අපේම බැතිමතුන්ගේ මතු ආරක්ෂාවට. බානගල උපතිස්ස නායක හාමුදුරුවෝ අනුන්ට උදව් කරන අයෙක්. භාෂා ගනනාවක් උගත් ලොක්කන්ටත් පොඩ්ඩන්ටත් උදව් කළ හැකි නිහතමානී ස්වාමීන් වහන්සේ නමක්. (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 May 2013 03:01 PM

ඉන්දියන් තානාපතිලා වෙන්නේ ලොකු අත්දැකිම් සහ විදේශ කටයුතු හොඳට පුරුදු අය. ඔවුන් එන්නේ උපරිම සේවය තමන්ගේ රටට කිරීමට. (නි)

:       0       0

අනුර Thursday, 16 May 2013 03:05 PM

අන්න අපේ හොඳකම. මේවා වෙන රටවල් වල ප්‍රවෘත්ති වලට පෙන්වන්න ඕනෑ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ වැදගත් ජාතියක් කියලා පෙන්වන්න (නි)

:       0       0

ලසන්ත Thursday, 16 May 2013 09:10 PM

කැමැත්ත තමයි මුල් වෙන්නේ

:       0       0

සුජාත Thursday, 16 May 2013 09:17 PM

තෙරුවන් සරණයි

:       0       0

සෙනරත් Thursday, 16 May 2013 09:18 PM

බොහොම හොද වැඩක්

:       0       0

වරුණ Thursday, 16 May 2013 03:39 PM

අපේ සාදුගේ අතේ තියන ෆෝන් 1 ගැලැක්සි එකක්ද? අනේ මම මේ දන්නේ නැති නිසයි ඇහුවෙ, අහිතකින් නෙමෙයි. (නි)

:       0       0

ජනක Thursday, 16 May 2013 04:12 PM

ගාමිණී සිරි, මම මේ පොදුවේ කියන්නේ. හාමුදුරුවෝ සමාජ සේවය කරන්නද මහන වෙන්නේ? සංසාරෙන් එතෙර වෙන්නද? මහජන සේවය හරහා ලැබෙන සිවිල් තත්වය,දේශපාලන සම්බන්ධකම්,රටසවාරි, විදෙස් ආධාර වගේ දේවල් බුදුදහමට කැපද? (නි)

:       0       0

ලසන්ත Thursday, 16 May 2013 04:18 PM

හාමුදුරුවරු දැන් කරන්නේ සමාජ සේවේ. ඊට පස්සේ එයින් ලැබෙන ජනප්‍රියාත්වය පාවිච්චි කරලා කොහේ හරි යන දේශපාලකයෙක් ගෙන්නලා ලකුණු දෙනවා. ඊට පස්සේ දේශපාලකයාගෙන් අනවශ්‍ය ලාබ වරප්‍රසාද ලබනවා. ඔය ගාමිණි සිරිල කරන්නේ ඒවා අනුමත කිරීම.(නදී)

:       0       0

මුරුගන් Thursday, 16 May 2013 04:26 PM

ඊනියා ඇමරිකන් විරෝදියෝ, අල්කයිඩා ගැත්තෝ, බටහිර විරෝදියෝ වෙන දේවලට නම් අදහස් දානවා හෝ ගාලා. ඇයි මෙයාලගේ තියන හොද මොකද්ද. කරන තරමක් නුල් සුත්තර ඔක්කොම කරන්නේ අල්ලපු රට. (නදී)

:       0       0

මාලා Thursday, 16 May 2013 04:28 PM

අනුර ඕක අපේ හොදකම නෙවේ. අපට කන්න අදින්න,බෙහෙත්,වාහන සහ අනෙකුත් සියල්ලම දෙන නිසා ඔලුවට අත හෙදුවත් නෑසුන සේ සිටීම. එකට බුදුදහම,අවිහිංසාවාදේ වගේ තර්ක වලින් අයිසින් දැම්මම වෙන්නේ අපේ බයාදු කම පෙනෙන එක.(නදී)

:       0       0

රාණි Thursday, 16 May 2013 04:29 PM

ඔය තියෙන්නේ. තව වැද වැටෙන්න. මෙයාලා කරන උදවුවක් නැහැ කරන්නේ පදවු.(නදී)

:       0       0

වීරසිංහ Thursday, 16 May 2013 04:31 PM

මෙහෙමනේ, මෙහෙම වැඳ නමස්කාර කරේ නැතිනම් අපට කෑම නැහැ. බෙහෙත්,වාහන සහ කිසිම දෙයක් නැහැ. ඒ තරම්ම අපි දුර්වල වෙලා ඉන්නේ හැබැයි පුරාජේරු නම් අඩු නැහැ. පැන්සල මකන කල්ලත් ගෙනෙන්නේ පිටින්. අපි ඉන්දියාවට ඡන්දෙ නොදෙන එක විතරයි වෙනස.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 16 May 2013 05:20 PM

ජනක පුතේ,බුදු හාමුදුරුවොත් පුතිගත්ත තෙරුන්ටත් ඇප උපස්ථාන කළා. සංඝයා වහන්සේ නමක් නොමිලයේ ඇස් කන්නාඩි,රෝදපුටු, ගිලන්රථ පරිත්‍යාග ලබා දීමෙන් දුප්පත් රෝගීන් කී දහසකට වටිනවද? ඔබ බෞද්ධ ගිහියෙක් වශයෙන් පන්සිල් පද 5 රකිනවද?සඟ රජවරු රජ කාලයේත් හිටියා,අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න.අද ඒ වෙනුවට පාර්ලිමේන්තුවේත් ඉන්නේ ඇමති හාමුදුරුවරු,දුගී දුප්පත් ජනතාව සංසාරෙන් එතෙර කරන්න. (නි)

:       0       0

ලසන්ත Friday, 17 May 2013 07:34 AM

ගාමිණී මහත්තයා, ඔය කියන තරම් ඉන්දියාව අපට උදවු කළේ නැහැ. පාකිස්තානේ නම් කළා. (නි)

:       0       0

ලසන්ත Friday, 17 May 2013 07:38 AM

ලස්සානයි

:       0       0

ජගත් Friday, 17 May 2013 07:46 AM

අන්න ගොඩ වගක්

:       0       0

නිෂාඩ් Thursday, 16 May 2013 02:13 PM

ශ්‍රී ලාංකිකයෝ එහෙම තමයි. එයයි අපේ අනන්‍යතාවය. (නි)

:       0       0

චූලා Thursday, 16 May 2013 02:28 PM

මොනවා කළාටද දැන් ඔය උපහාර දක්වන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ජෝයි Thursday, 16 May 2013 02:29 PM

උපහාර නෙවේ ගහල එලවන්ට තිබුනේ.(ස)

:       0       0

රූපා Thursday, 16 May 2013 02:30 PM

අපේ කකුලෙන් අදින අල්ලපු රටේ නියෝජිතයා මේ.මොකටද උපහාර දක්වන්නේ.මොනවද කරපු දේ. (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 02:33 PM

ඉන්න කම්ම රටට හතුරුකම් කරනව යන්න යද්දි මල් දාලා අපේ අය වඳිනවා මම හිතන්නෙ යන සතුටට වෙන්න ඈති උත්සවය තිබ්බෙ.(නදී)

:       0       0

නිෂාම් Thursday, 16 May 2013 02:41 PM

එතකොට අපිත් ඒගොල්ලන්ගෙය් ගානෙම වැටනවනේ. අපිට මොනවා කලත් අපි මනුස්ස කම පෙන්නන්ඩ ඕනා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 16 May 2013 02:45 PM

බානගල උපතිස්ස නායක හාමුදුරුවෝ ජපානයේ සවාරාවල ලංකාරාමයක් ඉදිකල පලවෙනි ලාංකික ස්වාමීන් වහන්සේයි. ජපන් සහයෝගය ඇතිව සපුගස්කන්දේ යොෂීඩා පැසැල. මහාබෝධි සංගමයේ ප්‍රධානත්වයක් උසුලා කරන සේවය අපමනයි. ජපානයෙන් ගිනි නිවන වාහන, ගිලන්රථ, රෝදපුටු ආදී තිලින රාශියක් ලංකාවට පරිත්‍යාග කල මහා ගුණ සම්පන්න භික්ෂු නමක් බව කීවොත් නිවරදියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site