ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යන අශෝක් කේ කාන්තා මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මාළිගාකන්ද මහාබෝධි විහාරයේදී අද උදෑසන පැවැත්විණි.
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවෝ මහකොමසාරිස් වරයා මහත් හරසරින් පිළිගත්හ.
මහාබෝධි විහාරාධිපති බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය සංවිධානය කැර තිබූ අතර මහකොමසාරිස්වරයාට විශේෂ උපහාර තිලිණයක් ද පිරිනැමිණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන තිලංග සුමතිපාල, රවී කරුණානායක මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්ත පුතේ, ඔබ හරිම ලාමකයි. ඉන්දියාව ,පාකිස්ථානය අසල්වාසී රටවල් හැටියට කවදත් අපට උදව් කරපු රටවල්. ජයලලිතා නටන පිස්සුවලට ඉන්දියාවම පලි නැහැ. ඔය තිළිණය දීලා තියෙන්නේ දඹදිව වන්දනාවේ යන අපේම බැතිමතුන්ගේ මතු ආරක්ෂාවට. බානගල උපතිස්ස නායක හාමුදුරුවෝ අනුන්ට උදව් කරන අයෙක්. භාෂා ගනනාවක් උගත් ලොක්කන්ටත් පොඩ්ඩන්ටත් උදව් කළ හැකි නිහතමානී ස්වාමීන් වහන්සේ නමක්. (නි)
ඉන්දියන් තානාපතිලා වෙන්නේ ලොකු අත්දැකිම් සහ විදේශ කටයුතු හොඳට පුරුදු අය. ඔවුන් එන්නේ උපරිම සේවය තමන්ගේ රටට කිරීමට. (නි)
අන්න අපේ හොඳකම. මේවා වෙන රටවල් වල ප්‍රවෘත්ති වලට පෙන්වන්න ඕනෑ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ වැදගත් ජාතියක් කියලා පෙන්වන්න (නි)
කැමැත්ත තමයි මුල් වෙන්නේ
තෙරුවන් සරණයි
බොහොම හොද වැඩක්
අපේ සාදුගේ අතේ තියන ෆෝන් 1 ගැලැක්සි එකක්ද? අනේ මම මේ දන්නේ නැති නිසයි ඇහුවෙ, අහිතකින් නෙමෙයි. (නි)
ගාමිණී සිරි, මම මේ පොදුවේ කියන්නේ. හාමුදුරුවෝ සමාජ සේවය කරන්නද මහන වෙන්නේ? සංසාරෙන් එතෙර වෙන්නද? මහජන සේවය හරහා ලැබෙන සිවිල් තත්වය,දේශපාලන සම්බන්ධකම්,රටසවාරි, විදෙස් ආධාර වගේ දේවල් බුදුදහමට කැපද? (නි)
හාමුදුරුවරු දැන් කරන්නේ සමාජ සේවේ. ඊට පස්සේ එයින් ලැබෙන ජනප්‍රියාත්වය පාවිච්චි කරලා කොහේ හරි යන දේශපාලකයෙක් ගෙන්නලා ලකුණු දෙනවා. ඊට පස්සේ දේශපාලකයාගෙන් අනවශ්‍ය ලාබ වරප්‍රසාද ලබනවා. ඔය ගාමිණි සිරිල කරන්නේ ඒවා අනුමත කිරීම.(නදී)
ඊනියා ඇමරිකන් විරෝදියෝ, අල්කයිඩා ගැත්තෝ, බටහිර විරෝදියෝ වෙන දේවලට නම් අදහස් දානවා හෝ ගාලා. ඇයි මෙයාලගේ තියන හොද මොකද්ද. කරන තරමක් නුල් සුත්තර ඔක්කොම කරන්නේ අල්ලපු රට. (නදී)
අනුර ඕක අපේ හොදකම නෙවේ. අපට කන්න අදින්න,බෙහෙත්,වාහන සහ අනෙකුත් සියල්ලම දෙන නිසා ඔලුවට අත හෙදුවත් නෑසුන සේ සිටීම. එකට බුදුදහම,අවිහිංසාවාදේ වගේ තර්ක වලින් අයිසින් දැම්මම වෙන්නේ අපේ බයාදු කම පෙනෙන එක.(නදී)
ඔය තියෙන්නේ. තව වැද වැටෙන්න. මෙයාලා කරන උදවුවක් නැහැ කරන්නේ පදවු.(නදී)
මෙහෙමනේ, මෙහෙම වැඳ නමස්කාර කරේ නැතිනම් අපට කෑම නැහැ. බෙහෙත්,වාහන සහ කිසිම දෙයක් නැහැ. ඒ තරම්ම අපි දුර්වල වෙලා ඉන්නේ හැබැයි පුරාජේරු නම් අඩු නැහැ. පැන්සල මකන කල්ලත් ගෙනෙන්නේ පිටින්. අපි ඉන්දියාවට ඡන්දෙ නොදෙන එක විතරයි වෙනස.(නදී)
ජනක පුතේ,බුදු හාමුදුරුවොත් පුතිගත්ත තෙරුන්ටත් ඇප උපස්ථාන කළා. සංඝයා වහන්සේ නමක් නොමිලයේ ඇස් කන්නාඩි,රෝදපුටු, ගිලන්රථ පරිත්‍යාග ලබා දීමෙන් දුප්පත් රෝගීන් කී දහසකට වටිනවද? ඔබ බෞද්ධ ගිහියෙක් වශයෙන් පන්සිල් පද 5 රකිනවද?සඟ රජවරු රජ කාලයේත් හිටියා,අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න.අද ඒ වෙනුවට පාර්ලිමේන්තුවේත් ඉන්නේ ඇමති හාමුදුරුවරු,දුගී දුප්පත් ජනතාව සංසාරෙන් එතෙර කරන්න. (නි)
ගාමිණී මහත්තයා, ඔය කියන තරම් ඉන්දියාව අපට උදවු කළේ නැහැ. පාකිස්තානේ නම් කළා. (නි)
ලස්සානයි
අන්න ගොඩ වගක්
ශ්‍රී ලාංකිකයෝ එහෙම තමයි. එයයි අපේ අනන්‍යතාවය. (නි)
මොනවා කළාටද දැන් ඔය උපහාර දක්වන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
උපහාර නෙවේ ගහල එලවන්ට තිබුනේ.(ස)
අපේ කකුලෙන් අදින අල්ලපු රටේ නියෝජිතයා මේ.මොකටද උපහාර දක්වන්නේ.මොනවද කරපු දේ. (ස)
ඉන්න කම්ම රටට හතුරුකම් කරනව යන්න යද්දි මල් දාලා අපේ අය වඳිනවා මම හිතන්නෙ යන සතුටට වෙන්න ඈති උත්සවය තිබ්බෙ.(නදී)
එතකොට අපිත් ඒගොල්ලන්ගෙය් ගානෙම වැටනවනේ. අපිට මොනවා කලත් අපි මනුස්ස කම පෙන්නන්ඩ ඕනා.(නදී)
බානගල උපතිස්ස නායක හාමුදුරුවෝ ජපානයේ සවාරාවල ලංකාරාමයක් ඉදිකල පලවෙනි ලාංකික ස්වාමීන් වහන්සේයි. ජපන් සහයෝගය ඇතිව සපුගස්කන්දේ යොෂීඩා පැසැල. මහාබෝධි සංගමයේ ප්‍රධානත්වයක් උසුලා කරන සේවය අපමනයි. ජපානයෙන් ගිනි නිවන වාහන, ගිලන්රථ, රෝදපුටු ආදී තිලින රාශියක් ලංකාවට පරිත්‍යාග කල මහා ගුණ සම්පන්න භික්ෂු නමක් බව කීවොත් නිවරදියි.(නදී)