මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට පහර දීමේ සිද්ධිය රටේ ප්‍රශ්නයක් ලෙස දැකියයුතු බවත්, අරයා නිසා ගහ ගන්නවා මෙයා නිසා ගහගන්නවා යැයි නොකියා රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ලෙස දැකිය යුතු බවත් ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කීහ.
දේශපාලන වශයෙන් මෙම ප්‍රශ්නය දෙස නොබලන ලෙස ද ඒ හිමියෝ ඉල්ලා සිටියහ.
‘දේශපාලකයන්ට අපි පැහැදිලිව කියන්න ඕනෑ මෙය දේශපාලනිකව දකිනතාක් කල් අවාසිය රටක් හැටියට අපටයි.‘ යැයි ද සාගර හිමියෝ පැවසූහ.
මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිට පහරදීමට විරෝධය පළ කරමින් ලංකාවේ මැලේසියා මහ කොමසාරිස් කාර්යාලයයට සංදේශයක් බාර දුන් ජාතික සංග සම්මේලනය ඉන් පසු ජනමාධ්‍ය අමතමින් එසේ කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් හැටියට බොහොම මැදිහත්ව බැලිය යුතු වෙනවා .මෙතුලින් අපි ලෝකෙට පණිවිඩයක් රැගන යාහැකි බව මගේ හැගීම නමුත් මෙවැනි පහත නන්දිත ක්‍රියා කව්රු කොහොම ,කොහෙකලත් ,නිවට නියාලු බියගුළු ක්‍රියාවක් බවත් මැලේසියානු රජය ගන්න තීරණය ගැන අපි අවදානයෙන් සිටීම වටිනවා .මේ රාජ්ජය තාන්ත්‍රික නිලදරිගේ ආරක්ෂාව සැලසීම එම රජයේ වගකීමක් . (අ)
ක්‍රිස් නොනිස් හිටපු මහ කොමසාරිස් ගහපු එකටත් පරීක්ෂණයක් කරන්න (අ)
දේශපාලුවන් පන්සල් ළගින්නේ අඩුපාඩුකම් බලලා උදුව් කරන්න නෙමේ. ජාතිවාදය අවුස්සලා කතා පවත් වන්න. ,හැම කෙනෙක්ම සිහියට ගන්න. මන්ත්‍රීන්ට තියෙන. ආරක්ෂාව. තමන්ට. නැති බව අහක යන නයි දාගෙන කෑවෝ කෑවෝ කියා කෑගහන්න එපා (අ)
සුසන්ත ඔබට නියම ලෙඩේ හදුනා ගැනීම ,ඔබ සතුයි,කොහොම වුණත් ඔය කියන කිසිම කෙනෙක් සටන් කළේ යුද්ද කළෙත් නැහැ අපේ අහිංසක දුප්පත් අම්මලාගේ දරුවා යුද්දය කරට අරන් කළේ ,අනුන්ගේ දරුවන්ට උප්පැන්නය දුන්නට අපි මොන කරන්නද , (අ)
ඕක ඔයතරම් ගණන් ගන්න තරම් දෙයක් නොවේ. මේ රටට වෙලා තියෙන දෙයක් බලාගෙන ඉන්නවා මිසක්. (අ)
අංගොඩත් යමක් කමක් තේරෙන අය ඉන්නවා එහෙනම්. නියමෙට මේ හිමිවරු කියන දේ තේරුම් අරගෙන තියනවා (නි)
මොන පක්ෂයක් වුණත් බලයට ඒමෙන් පසුව තම පාක්ෂිකභාවය පාලන කාලය තුළ අමතක කර රටට වැඩ කළයුතුයි. නැත්නම් වෙන්නේ පිටස්තර පුද්ගලයින්ගෙන් රටට හානි සිදුවීමයි. ඇත්තටම මේ ගැහුවේ අපේ රටේ නායකයාගේ නිල නියෝජිතයාට බව අමතක නොකළයුතුයි . එහෙම දේ වලට පක්ෂ ගාවාගන්න කවුරුත් මහන්සි ගන්න හොඳ නැහැ. කිසිම රටක නිල නියෝජිතයාට හිරිහැර කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. එහෙම වෙනවා නම් අපේ නිල සම්බන්ධතා වලට එය හානියක්. (නි)
චතුරි, ඔයාට හාමුදුරුවරු වටින්නේ නැතිවුණාට අපිට වටිනවා. හාමුදුරුවරු විතරයි සිංහල බෞද්ධයන් බේරාගන්න දැන් ඉතුරුවෙලා ඉන්නේ (නි)
හාමුදුරුවනේ ඔබ වහන්සේ සමග මම එකයි, නමුත් අගමැතිගේ විහිලු කතා වලින් ජනතාව නොමග යයිද? (බ)
මේවා දැකලා ජාත්‍යන්තරය අපිට හිනාවෙනවා (නි)
කාට ගැහුවත් රටක්, ආණ්ඩුවක් හැටියට ලැජ්ජා වෙන්න ඕනෑ. ආණ්ඩුව වගකියන්න ඕනෑ ආරක්ෂාවට (නි)
සුසන්ත, ඔබේ කතාව හරි වැදගත්. (නි)
මේ ප්‍රශ්නය දුරදිග යවන්න එපා (නි)
චතුරි, තම ජාතිය ගැන කතා කිරීම ජාතිවාදයද? අතීතයේ සිංහලය වෙනුවෙන් කතා කළ අය ජාතිවාදීන්ය. එහෙමනම් ඒ ජාතිවාදය අපට හොඳය. (නි)
මෙතන සමහර අයගේ කතාවෙන් පෙනෙන්නේ පහරදීම සාධාරන බවයි. ඒ නිසානේ නෝනිස් කෙනෙක් ගැන කතා කරන්නේ. (නි)
චතුරි, දේශපාලුවන් කාටද එහෙම කරන්න කිවුවේ? (නි)
චතුරි කියන කෙනා නම් ආණ්ඩුවේ දුතයෙක්ද කොහෙද. බලාගෙනයි ඔච්චර මහන්සි වෙන්නේ. පුදුම කැක්කුමක් තමයි මෙයාට තියෙන්නේ කඩේ යන්න. (නි)
ලෝකේ ලොකුම ත්‍රස්තවාදය පරදවපු නිසා තමයි රාජපක්ෂ මහත්තයට ඔවුන් ඔච්චරටම වෛර කරනේ (නි)
කොටි මොකද අනේ ඔච්චර රාජපක්ෂලටම විරුද්ධ? එක්කෙනෙක් කියනවා යුද්දේ 75% කලේ එයාලු, තව එක්කෙනෙක් කියනවා 50%ක් කළේ එයාලු, තව එක්කෙනෙක් කියනවා යුද්දේ කළේ තමන්ලු. එත් ඔය කියන කාටවත් කොටි විරුද්ධ නෑ, හරි කැමතියි. හැබැයි රාජපක්ෂලට නයි වෛරයි, අනේ මන්ද මට පිස්සු වගේ. (අ)
එංගලන්තයේ හිටපු මහකොමසාරිස් නෝනිස් මහතාට අපේම ඇමතිවරයෙක් පහර දුන්න වෙලාවේ මොකද කලේ ? (අ)