
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාකරුවෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුහුදු දඩයක්කරුවන් විසින් ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ ඇම්බර් විදේශකයන්ට කෝටි ගණනට විකුණන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව අවේක්ෂණ නිලධාරීන් යොදවා ලබාගත් තොරතුරුවලට අනුව සිදුකළ වැටලීමේදී එම ජාවාරමේ මහමොළකරු වශයෙන් මෙම කළමනාකරු ක්‍රියාකර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විදේශිකයින්ට කෝටි 100 කට විකුණුවා නම් ඒ සල්ලි ලංකාවේ මිනිසුන් පරිහරණය කරනවා. මේක පොලීසියෙන් අල්ලා නඩු දාලා තීන්දුව එනකොට කීයක් ලැබෙයිද? මේක අපරාධයක් නොවේ. තල්මස් ඇම්බර් රජයේ දේපොලක් නොවේ. ලංකාව පිරිහෙන්නේ මේ වගේ අමරි මෝඩ වැඩ නිසා.
තල්මසුන් මරලා අම්බර් ගන්න බැ රාලහාමි