IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මහ වැස්සෙන් 19ක් මරුට

(ඩයනා උදයංගනී)

දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ දිස්ත්‍රික්ක 10කට බලපෑ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් දින හතරක් තුළ දී සිදුවූ මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් අයෙක් අතුරුදන්ව සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආපදා තත්වයෙන් පවුල් 55,428 කට අයත් 2,19,870 කට වැඩි පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (පූර්ව දැනුම්දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් පීඩාවට පත්ව සිටිති.

සිදුවූ මරණ අතරින් පහක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ හතරක්, රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ තුන බැගින් ද, කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මරණ එක බැගින් ද වාර්තා වී ඇතැයි ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

මහ වැස්සෙන් 19ක් මරුට

fairoos Tuesday, 08 June 2021 01:51 PM

පව් අසරණ මිනිසු මේ තත්වයෙන් හැමෝම මිදේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site