ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන තමා පක්ෂ නායකයින් විසින් බරපතල ලෙස කොන්කර ඇතැයි හිටපු දේශිය වෛද්‍ය ඇමැති සාලිය දිසානායක මහතා කියයි.
තමාට වඩා දේශපාලන පළපුරුද්ද අඩු අනුර ප්‍රියදර්ශන යාපා මහතා මහ ලේකම් ලෙස පත් කැර ඇතැයිද තවත් එවැනි පත්වීම් පෙන්විය හැකියැයිද ඔහු චෝදනා කරයි.පක්ෂ නායකයින් වන්දනා නොකිරීම නිසා තමා නොසලකා හැර ඇති බවද එහෙත් පක්ෂය හැර නොයන බවද ඔහු කියයි.
ජනපතිවරණයෙන් පසු පක්ෂ සාමාජිකයිනට වන හිරිහැර වැළැක්වීමට ශ්‍රිලනිප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ඔහු යටපත් කරගෙන සිටින නිසා විය හැකි යැයිද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කතාකරනවාද මන්දා? (නි)
මේ මහත්තය රෙද්දක් ඇඳගෙනද කියන්නේ මෛත්‍රීපාල මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනපති කියල කියන්නේ... එහෙම නම් ඇයි ජනාධිපතිවරනේදී මෛත්‍රිපාල මහත්තයට සහයෝගය දුන්නේ නැත්තේ...ලජ්ජා නහරේ කපල නෙවෙයි එහෙම එකක් තිබිලම නෑ.(අ)
මේකේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. නමුත් අපේ රටේ තියන වැරදි දෙයක් තමයි ජ්‍යෙෂ්ට කෙනා අනිත් අයට වඩා ඉහලින් ඉන්න ඕන කියන එක. එහෙම එකක් නැහැ. වඩා දක්ෂ සහ සුදුසුකම් වැඩි කෙනා තමයි ඉහලින් ඉන්න ඕන. ආණ්ඩුවක වේවා ආයතනයක වේවා මෙය තමයි සිදුවිය යුත්තේ. ජ්‍යෙෂ්ටත්වය නොව පළපුරුද්ද එක නිර්ණායකයක් ලෙස ගත්තාට කමක් නැහැ. නමුත් මේ පළපුරුද්ද තනතුරට අදාළ පළපුරුද්දක් විය යුතුයි. (ර)
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කොහොමද යු එන් පි කෙනෙක් අගමැති කළේ? වැරදියට තේරුම්ගන්න එපා. (නි)
අනුර යාපා කියන්නේ නීතිඥවරයෙක් වගේම දක්ෂ පුද්ගලයෙක්. සුදුසුම කෙනා නොවුණත් වඩා සුදුසුයි (නි)
රෙදි ඇඳගෙනද මන්දා සමහරු කතා කරන්නේ? ඡන්දෙදි මෛත්‍රීපාල මහතාට කොයිතරම් කෙනෙහෙලිකම් කළාද? දැන් තනතුරු ඉල්ලනවා. (නි)
පක්ෂය දාලා ගිහින් ඡන්දෙන් දිනුවට පස්සේ රෙදි ඇඳගෙනද ඔහොම කියන්නේ? (නි)
අපරාදේ! ඒ කාලේදී තනතුරු ඉල්ලගන්න තිබුනානේ (නි)
ශාන්ත, මගෙන් මොකුත් අහගන්න එපා (නි)
වැඩිය හිතන්න එපා ඕවා (නි)