රඹුක්කන නගරයේ මහා ධනවත් ව්‍යාපාරිකයකු හා රජයේ ප්‍රබල ආධාරකරුවකු වු දලුග්ගල හර්ෂ හෙට්ට්ආරච්චි(51) මහතා ඝාතනය කර වසර තුනහමාරකට පසු සැක පිට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් කෑගල්ල මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා විසින් ඔක්තෝබර් තුන්වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
ත්‍රිරෝද රියදුරකු වන කුරුදුගස්තැන්නේ මංගල දේශප්‍රිය ගාමිණී හා චමින්ද ලක්ෂාන් නොහොත් සුදා එසේ රිමාන්ඩ් කළ දෙදෙනාය.
මරා දැමුණූ හෙට්ටිආරච්චි මහතා බස් හිමියකු වු බවත් වැලි හා පොල්ගස් විකිණිමට සම්බන්ධ ව්‍යාපාරද වෙනත් ව්‍යාපාරද පවත්වාගෙන ගිය බවත් කියති.
2010-02-04 වැනි දින දලුග්ගල පදිංචිව සිටි ඔහු ඔහුගේම ලොරියකදී හිසට වෙඩි තබා ඝාතනය කැර තිබුණි.
එහි පරීක්ෂණ ප්‍රගතියක් නොවුයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ප්‍රියලාල් දසනායක මහතා පරීක්ෂණ කෑගල්ල පොලිස් නොවිසිදුණූ අපරාධ අංශයට පැවරිය.
එහි ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක යටවර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරක් අනුව මෙම සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරලා, කවදාවත් බේරෙනවා බොරු. (ස)
චමත්,කව්ද කියන්නේ බැහැ කියලා,ඔය කීදෙනෙක් ඉන්නවද ලොකු ලොකු මිනිස්සු ප්‍රසිද්ධියේම මිනි මරලා. ඔය තාම අගේට ඉන්නේ (නි)
රණා, ඔබ හරියටම හරි. ' අපි නොදන්නා චෙස්' (නි)
ඇතිවෙන්න මිනිස්සුත් මරලා බේරිලා ලොකු ලොකු තනතුරු වලට වෙලා ,මතකත් නැහැ කියලා මහා පුටුවල ඉන්න අයත් ඉන්නවා. (නි)
ඔය මියගිය කෙනා ගොඩක් පින්දහම් කළ කෙනෙක් (නි)
අපේ නීති පද්ධතිය ගැන මම හරියටම දැනගත්තේ රඹුක්කන පොලිසියදී මුහුණ දුන් අත්දැකීමකින් (නි)
කොහේ අපරාධයක් වුනත් එකේ කොනක හරි ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. (අ)
ඔය මුදලාලි හරියට මිනිස්සුන්ට උදව් කරලා තිබෙනවා. (නි)
දිලිප් ඔබ දන්නේ මොනවද මොහු පලාතේ සිටි නමගිය අපරාද කරුවෙකි .මොහු ජීවත්ව සිටි කාලයේ පලාතේ දේසපාලන ලොක්කන් සමග එකතුවී අපරාද රාශියක් සිදුකලා.එම දේසපාලන අදිකාරිය සමග ඇවූ ගැටුමක් නිසා ඔහු මරා දැමු බව ඒ පළාතේ ජනතාව අතර ප්‍රසිද්ද රහසකි.(නදී)
ඔන්න රූපවති ඔයාටත් මේවා හොඳ පාඩම්.... (ස)
ඔය කියන මැරුන කෙනත් හොද නම ගිය කෙනෙක්ලු නේද? (නි)