
(සුජිත් හේවාජුලිගේ)
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
එක් එක් දිස්ත්‍රික්ක සඳහා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වෙනුවෙන් තරග කරන කණ්ඩායම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඇති හෙයින් නාම යෝජනා ලැයිස්තු සකස් කිරීම තවමත් අවසන් කර නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නාමයෝජනා කමිටුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු එසේ පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සෙ සන්දාන ගතවෙලා අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලයි. අපිටවත් නති ප්‍රස්න ලංකාවේ මේ අයට විතරයි. ජත්‍යන්ත්‍රයට පෙන්නුම් කරන්නේ ඒ විදියට.