රජයේ පවත්නා අස්ථිර වටපිටාව සමනය කිරීම සඳහාත් එයින් රාජ්‍ය පාලනයට ඇති වන බලපෑම පාලනය කිරීම සඳහාත් ශ්‍රී ලංකා මහ බැංකුවට අධිපතිවරයකු කඩිනමින් පත් කරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගෙන් ඉල්ලයි.
දේශපාලන පක්ෂපාතිත්වයට පුද්ගලයකු පත් කිරීමෙන් වැළකී ඉතාම සුදුසු පුද්ගලයකු මෙම උසස් පදවියට පත් කිරීමේදී නීතියෙන් පනවා ඇති නිර්ණායක අනුගමනය කරන ලෙස ද නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා ජනපතිගෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නෙමේ හෙට බලාගිරිය දොසයද.? (ර)
අනේ මන්ද රටකට ගිය කලක්.. . (ර)
සාමාන්‍යයෙන් අපි දේශපාලනේදී දකින්නේ 'රැවුලයි කැඳයි දෙකම රැකගැනීමේ' විසඳුම් තමයි. මේ තියෙන්නේ ඒකෙ උච්චතම අවස්ථාවක්. අපේ දේශපාලනඥයෝ සෙල්ලම් කරනවා නම් අපි කිසිම අන්තර්ජාතික පන්දු ක්‍රීඩාවක් පරදින්නේ නැහැ. ඒ තරම් හොඳට ඒ ගොල්ලෝ බෝලෙ පාස් කරනවා. (නි)
ඔබ හරි ප්‍රියාන් (නි)
හා හා එහෙම කියන්න එපා. අපමණ අගයක්නේ ලැබිලා තියෙන්නේ. (නි)
හරියටම හරි. ජයවේවා! (නි)
පැය කිහිපයකින් පත්කරනවා කිවුවට දවස් ගානක් ගිහිල්ලත් කරගන්න බැරි එකේ ඕවා කියලා වැඩක් තියේද? දැන්වත් තේරුම් ගන්න (නි)
අපේ මිනිසුන්ටත් රටේ ඔක්කොම නැතිවෙලා තමන්ව නැතිවෙන්න එනවා කියල දැනෙද්දී තමයි තේරෙන්නේ තමන් කරපු මෝඩකම් නිසා තමයි මේ සියලු විනාශයන් වුණේ කියලා. එතකොට පරක්කු වැඩියි (නි)
කබ්රාල් මහතාට ඇඟිල්ල දික්කළ අය දැන් කෝ? (නි)
එක පැත්තකින් අගමැතිතුමා හා නඩය. අනිත් පැත්තෙන් මහින්ද ආණ්ඩුවේ හොරකම් වලට උඩගෙඩි දුන් නිලධාරින්. තවත් පැත්තකින් පුරවැසි පෙරමුණු හා එක එක සංගම්. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න කවුද කැමති... (නි)
පහුගිය කාලයේ සිට තමා මේ දේශපාලන රැල්ල පටන්ගත්තේ. එය නවත්වන එක හොඳයි දැන්වත්, අනම්මනම් කතා නැතුව (නි)
මේවා මෙහෙම වෙයි කියලා අපි නම් කලින්ම හිතුවා (නි)
ඕවා කියලා වැඩක් වෙන්නේ නැහැ (නි)
වරද දැක දැක තීරණයක් ගන්න බැරි ඔබතුමන්ලා ගැන හිතද්දී දීපු ඡන්දෙ කටුගෑවේ නැත්තේ මොකද කියලා හිත කකියනවා! (නි)
මේකට තමයි ලිච්ඡවී ක්‍රමයේ පාලන ක්‍රමයක් කියලා කිව්වේ. දන්නේ නැති අය කරුණාකරලා දැන්වත් දැනගන්න. (නි)
පත්වීම් දීමේදී තනිකරම වෙනත් බලවේගයකට නතුව ක්‍රියාකරන බව පැහැදිලියි. මේක දේශපාලනයෙන් එහා යන සාධකයක්. ස්වාධීන ලංකාවක් ගොඩනංවන්න නම් ජනාධිපතිවරයා තීරණ ගැනීමේ අයිතිය තමන් සතුව තබාගත යුතුයි. (නි)
සුළු ජාතියට උඩට එන්න දෙන්නේ නැහැ කියලයි විග්නේශ්වරම්ලා කියන්නේ. ඒ වුණාට මහ බැංකු සිද්ධියට ඒක අදාළ වුණාද? (නි)
ඔබ තුමා මෙයට මැදිහත් වී කෙනෙක් පත්කරන්න. (ර)
මහා බැංකු අධිපති පුරප්පාඩුව සමහරු දන්නේ නැතුව ඇති සමහරවිට (නි)
මහින්ද නැවත බලයට නොඑන්නට සිදුකළයුතු ඕනෑම දෙයක් මේ රජය කරන බව විශ්වාසයි. රට අනතුරේ. (නි)
වැරදියි තමා. රටේ ජනතාවගේ සල්ලි හොරකම් කිරීම වැරදියි (නි)
අපි එ්ක පවුල් සංස්ථාවේම කෙනෙකුට දෙනවට අකමැති නැහැ. (නි)
මම ප්‍රියාන් සමඟ එකඟවෙනවා. ඔය හැමෝටම අවශ්‍ය තමන්ගේ අය දාගන්න (නි)
රටක ජනාධිපතිධූරය පවා දේශපාලනයෙන් තොර වියයුතුයි කියලයි මම නම් හිතන්නේ (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දේශපාලන පත්වීම් දෙකක අත්දැකීම් සහිත අපි මේ තවත් නටන පිස්සුව කුමක්ද? (නි)
මේ මහත්තයා මේ ගැන පත්තරෙන් එහෙම නෙමෙයි නේද දැනගන්න ඇත්තෙ. (නි)