මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලද්දේ අපරාධ නීතියේ යටතේ දැඩි දඬුවම් දීමට යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (25) ප්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කර කෝප් කමිටුවේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩු කරන අය මෙන්ම ආණ්ඩු නොකරන අය ද ‘නාගත්‘ බවද ජනාධිපතිවරයා පැවැසීය. නාරාහේන්පිට අභයාරාමයේ දී අව්කන බුදු පිළිමයේ අනුරුවක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනපතිවරයා එසේ පැවසීය.
මහ බැංකුවේ සිදු වූ මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර වැරැදිකරුවන්ට දඬුවම් දීමෙන් අනතුරුව ඊට පෙර වසර හත අටක මහ බැංකුවේ සිදු වූ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කර වැරැදිකරුවන්ට ද දඬුවම් දෙන බව ජනාධිපතිවරයා කීවේය.
‘‘මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වුණා. ආණ්ඩු කරන අය විපක්ෂයේ අය දෙගොල්ලොම දොගොල්ලන්ටම චෝදනා කර ගත්තා.‘‘
‘‘ආණ්ඩු කරන විපක්ෂයේ ඉන්න ආණ්ඩුවේ ඉන්න කාලේ කරපු දේවල් කිව්වා. විපක්ෂයේ අය දැන් ආණ්ඩුවේ කරන දේවල් කිව්වා. ගමේ භාෂාවෙන් කියනවා නම්, කාටුන් චිත්‍ර ශිල්පීන් කියන අයුරින් කියනවා නම්, ඊයේ විවාදයේදී දොගොල්ලම නෑවා. එහෙමයි මම දකින්නේ.
‘‘කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. එක්කෙනෙක් හොරෙක් කියලා තව කෙනෙක්ට චෝදනා කරද්දි, නෑ අරකත් හොරකම් කරා කියන එක සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා අවංකව කටයුතු කිරීම සියලූ දෙනාගේම වගකීමක්‘ යැයි ද ජනපතිවරයා සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙතුමාටත් කරනවා කියපු කිසිදෙයක් කරගන්න තවම බැරිවුණානේ.... (නි)
මේවා අප පිනවන්න කියන කතා. අර සුදු අශ්වයෝ, හෙලිකොප්ටර්, ලැම්බෝගිනි ගැන කියපු කටින්මනේ මේ කියන්නේත්. (නි)
ඔය කියන්නේ ඇත්තම ඇත්තද ජනාධිපතිතුමනි. බටහිරයන් ගෙරෙව්වොත් මම දන්නේ නැහැ කියලා කියන්න නම් එපා ඔන්න (නි)
ඔය හිතුවට අනිත් අය අනාගත්තා කියලා ලොකුවටම අනාගෙන ඉන්නේ ඔබතුමාලමයි කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
ඇත්තටමද ඔය කියන්නේ? (නි)
ජනාධිපති කොමිසන් නම් ලංකාවේ කීයක් පත්කරලා ඇද්ද. මේවට අන්තිමට වෙන දෙයක් නැහැ. මේ පටන්ගන්න යන්නේ මෙගා නාට්‍යයක්. අපිට ලොකු කතා අහලා අහලම දැන් ඔල්මාදේ වගේ. සද්දේ විතරයි වැඩ නැහැ කියලා දැන් මුළු රටම දන්නවා. (නි)
අපිට නම් ජවිපෙ ඇරෙන්න අනෙක් ඔක්කොම හොරු (නි)
මේ රජය හොරු අල්ලන හැටි අපි දන්නවා (නි)
බැඳුම්කර වගේම 2015 ජනවාරි 08 අරලියගහ මැදුරේ ආණ්ඩු කුමන්ත්‍රණය ගැනත් විශේෂයෙන් සොයන්න (නි)
මම මේ කල්පනා කළේ මෙතන අයිතිකාරයා ගැන. කරණමක් ගැහුවාවද්ද? නැත්නම් හිටපු එක්කෙනා තරහවුණාවද්ද? (නි)
කතාව දෝලාවෙන්.... ගමන පයින්....!!!! (නි)
රාජ්‍ය ආයතනවල අල්ලස දුෂණය නැතිකිරීමට නම් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වැඩි කාලයක් ගතකළ යුත්තේ අධීක්ෂණ හා සමීක්ෂණ කටයුතු වලටයි.එසේ නැතුව වැඩි කාලයක් පන්සල් වලයි, පාසල් වලයි, විශ්‍රාම ගැනීම් ආදී උත්ස වලට කාලය ගතකළොත් වසර 5 අවසානයේ ජනතාවගේ සිත් දිනාගැනීමට කළදෙයක් නැතුව යනවා. (නි)
දැඩි දඬුවම් දෙන්න පුළුවන්වන්නේ, අධිකරණයෙන් වැරදිකරුවෙක් ලෙස ඔප්පු වුවහොත් පමණයිනේ (නි)
මේවා අහද්දී අපිට නම් සිනා... (නි)
ඕනෑ දෙයක්. හැබැයි විශේෂ ප්‍රකාශ නම් එපා. අහලා හෙම්බත්වෙලා ඉන්නේ. (නි)
දේශපාලනඥයා යනු රටට හිතැත්තන් නොව බලයට හිතැත්තන් බව අවබෝධ කරගත මැනවි. (නි)
කරලා පෙන්නුවොත් මම 2020දි ආයෙත් ඡන්දය දෙනවා (නි)
ඉඳුනිල්, 1988 - 1990 අතර කාලයේ අපගේ හැඳුනුම්පතේ සිට කණකර දක්වා හොරකම් කළා. රටේ තිබූ වටිනාම සම්පත් ගිනිතබා විනාශ කළා. විප්ලවවාදීන් කිසි දිනෙක එසේ විය නොහැකියි. එතන තිබුණේ වෛරයක්. අදත් මේ විඳවන්නේ ජේවීපියේ වෛරයේ ප්‍රතිඵල. (නි)
කියන දේවල් කරලම පෙන්වන්න (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා නම් වැඩක් නැහැ (නි)
වැඩ බැරි ටාසන් (ම)
ලොකුමතැන්වල ඉන්න එවුනුත් හිරවෙනකොට මෙයා මැදට පැනලා කොමිසමක් පත්කලා. දැන් ඉතින් සාධාරනෙම ඉටුවෙයි. (ම)
මම මේ කල්පනා කළේ මේ කියන දේවල් කරන්න පුලුවන්ද කියලා (නි)
මාසෙකට වරක් කරනු ලබන නිල රාජ්‍ය විහිළුවේ ජනවාරි මාසයට අදාළ විහිළුව (බ)
පන්සලකට ගියාම කතා කරන්න ඕනේ මොනාද කියල මේ නායකයන්ට මුලින්ම කියල දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ගිහිල්ල දේශපාලන කතා කියන්නේ කිසිම හිරිකිතයක් නැතුව. පන්සලට යන්නේ හිත නිවා ගන්න. ඉතින් හරි යයිද රටකට, ජාතියකට (බ)
අවශ්‍ය තොරතුරු ඕන නම් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ගෙන් අහන්න ඇති තරම් දෙයි. (බ)
මේවා ඉතින් සිහින පමණයි (නි)
ඉස්සර අව්වේ තණකොල ගොඩේ රැස්වීම් තියලා රට සිංගප්පුරුවක් ඇමරිකාවක් කරනවා කිව්වා. ඔබාමලාගේ රටේ නම් ඔය වගේ හොරකමකට සම්බන්ධ කෙනෙක්ව පත්කරන්න මූලික වුණොත් ඉල්ලා අස් වෙනවානේ. කෝ මේ අපේ ලොකු මොළයක් කියන මහා දාර්ශනික මහත්තයා අස්වේවිද කියලා බලමුද..? හැබැයි ලොකු සංදර්ශන තියලා රටවැසියා ඉල්ලනවා කියලා ඉන්න බැහැ හරිද... (නි)
මෙයා එදා ඉඳලම කළේ කටින් බතලකොළ හිටවන එකයි. මෙයා කවද්ද කොන්ද කෙලින් තියන් වැඩකරලා පෙන්නුවේ. මිනිසුන්ට දැනෙන්න (බ)
නියමයි ජනාධිපතිතුමනි නියමයි! (නි)
ඔක්කොම නාලා ඉන්නේ කියල අපිනම් දන්නවා! (බ)
අපිත් ඉස්සර මෙහෙම පිට මිනිස්සුන්ට පේන්න අපිව බය කරනවා ඒ වුනාට අපිට කවදාවත් ගහන්නේ නැහැ (බ)
අභයාරාමයේ අයිතිය ගැනත් ලොකු පුරස්නයක් පැන නැගී තිබෙනවා නේද. ඒ ගැනත් සොයා බලා වැරදිකාරයින්ට දඬුවම් කළොත් හොඳයි නේද? (බ)
ඔබතුමාගේ අදහසට සුබ පතනවා. ඔච්චර දෙයක් කරන්න තරම් ශක්තිමත්ද කියලනම් සැකයි.හොරුන්ගේ අම්මලාගේ උදව්වෙන්නේ ඔතනට ආවේ. (බ)
කියන විදියටම කෙරෙයි කියල තමයි බය. (බ)
ගැටුම් නිරාකරණයට අභයාරාමයත් හොද තැනක් වගේ පෙනෙන්නේ..(බ)
කතා ඇති ජනාධිපති තුමනි ...වැඩ පෙන්වන්න ..!! (බ)
කතාවක් තිබෙනවා හොරකම් කරන ස්ථානයක් දියුණු වෙන්නේ නැහැ කියා. ලංකාවට එහෙම වෙලා තිබෙන්නේ හොරකම රට පුරාම ව්‍යාප්ත නිසාවෙන්ද? රටේ වාර්තා අනුව මම දකින ප්‍රධාන ලක්ෂණය නම් මේ හොරකම් 99% ක් කරතිබෙන්නේ සාමාන්‍ය ජනතාව නොව රට සුඛිත මුදිත පාලනයක් ගෙනයන්න ඡන්දෙ ඉල්ලා බලයට පත් වෙන දේශපාලකයොයි.ඔවුන් ඉතාම ලජ්ජා විය යුතුයි රටේ ජනතාවගේ දේපොළ සල්ලි හොරා කාගෙන ජීවත් වීම පිළිබඳව ..(බ)
මුළු රටම දන්නවා මහා බැංකු හොරු කවුද කියලා. ජනතාවගේ කරුමෙටදෝ මන්දා ජනාධිපති තුමා මේ ගැන මුකුත්ම දන්නේ නැහැනේ? (බ)
දඩුවම් දෙනකම් විශ්වාස නොකරමි (බ)
නාන්න වතුර ඇදලා දුන්නේ ඔබ තුමයි අර චෞර රැජිනයි තමයි. (බ)
දඬුවම් දෙන්න බලය තිබෙන්නේ මොහුටද? අධිකරණයටද? (නි)
ඔය කිවුවට මොනවා කියලා කරන්නද? (නි)
දැන් කෑගහලා වැඩක් නැහැ. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැලුනේ? (නි)
ජනපතිතුමාට බැරි නම් වෙන කාටද පුලුවන්? (නි)
මේ කියන දේවල් කරන්න පුලුවන්ද? (නි)
ඇත්තටම ජනාධිපතිතුමා හොරු ගැන නොදන්නාකමද? නැත්නම්, නොදන්නවා වගේ ඉන්න එකද කියලයි මම මේ කල්පනා කළේ. මොකද මේ කාලේ පහ වසරේ ළමයි ලියන ශිෂ්‍යත්ව විභාගෙට එන ප්‍රශ්න වලට වඩා පහසුයි, මහා බැංකු වංචාව ගැන තේරුම් ගන්න. හැබැයි ඉතින් අපේ රටේ පාලකයින්ට තේරෙන්නේ ලොකු ලොකු දේවල් පමණක් නිසා පොඩි ළමයින්ට තේරෙන දේවල් තේරෙන්නේ නැතුවත් ඇති. (නි)
බැඳුම්කර වංචාව වහන්න ක්‍රියාකරන නායකයන් හා එම පක්ෂය පිළිබඳව හොඳ දැනුමක් රටේ සියලු දෙනාටම තිබෙනවා. හොරු කවුද කියා ජනාධිපතිතුමා නොදන්නවා වෙන්න බැහැ. ජනාධිපතිතුමා ශක්තිමත්ද මේ කම්බ හොරු අල්ලන්න? (නි)
දඬුවමට අමතරව එම මුදල් යළි අයකර ගන්න ක්රමයක්ද ඇතුළත් වියයුතුය (නි)
මේ දුෂණ වලට පිළියම් ලැබේවිද? පුරවැසිකම නැති අයෙක් මහබැංකුව වගේ තැනකට, කිසිම දිවුරුම්දීමක් නැතුව පත්කරනතුරු බලාසිටියේ මොකටද? (නි)
ඒ කියන්නේ ජනාධිපතිතුමාටත් දැන් වැඩේ තේරිලා වගෙයි. (නි)
නිකන් කතාව විතරක් වෙලා නම් වැඩක් නැහැ ඔන්න (නි)
කරලා පෙන්නුවොත් අපි පිළිගන්නම් (නි)
සුද්දා 1948 දී පාලනය ලංකාවට බාර දීලා තියෙන්නේ සෙනසුරු එ්රාෂ්ටකයක් තියන වෙලාවක් සෙට්කරලා වාගේ. අන්තිමට ක්‍රෝටන් කොළ නෙමෙයි කන්න වෙන්නේ බටකොළ. (නි)
අවුරුදු දෙකක් ගිහිල්ලනේ කියන්නේ. (නි)
කියපු කිසි දෙයක් කළාද? (නි)
ඔය කතාවම පිලිපීන ජනාධිපති කිවුවා නම් අපේ අයගේ අදහස් මොනවගේ වෙයිද? (නි)
කරන අය කිය කියා ඉන්නේ නැහැනේ. ජීවිතේට දඩුවම් දෙන්නේ නැහැ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. (නි)
ගැටළුවක් නැහැ... අගමැති තුමාට මේ ගැන කලින්නම කියලා පසුව අපිට මෙහම කියන්න ඇති.අපි දන්නවානේ අපේ ජනාධිපතිතුමා ගැන. කතාවට කියන්නේ වමට සිග්නල් දාල දකුණට හරවනවා කියලනේ (බ)
ඔයගොල්ලන්ගේ කයිවාරු විතරයි. බලමුකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා (නි)
ඇත්තටමද. මට නම් විශ්වාස නැහැ. මොකද අලුත් හොරු අල්ලන්න පෙර පරණ හොරු ටික අැල්ලුවා නම් හොඳනේ. නමුත් එ්ක ඔබ කළේ නැහැනේ. ඉතින් පරණ හොරු අල්ලපු නැති එකේ අලුත් හොරුන්ව අල්ලයි කියා විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
දේශපාලකයෝ හැමදාම කතාකළේ ලැජ්ජාවක් නැතුව. යන යන ඕනෑම තැනක බයසැක නැතුව මුසාවාද පවසනවා. බලමු බුදුපිළිම නිරාවරණය කරලා ඔබතුමා ඇත්ත ක්‍රියාවට නඟන හැටි (නි)
මහබැංකු අධිපතිව අස්කළේ තමන් යයි සිරිසේන උන්නැහේ පම්පෝරි ගහනවා කියන්නේ එයාගේ පත්වීම තමන් අනුමත කරපු බව නේද ? එතකොට දිව්රුම් දීමකින් තොරව විදේශිකයෙක්ව මේ තනතුරට පත් කිරීමේ වරදට සිරිසේන උන්නැහෙත් වගකියන්න ඕනේ නේද ? (බ)
කොහොමද අපේ නායකතුමාගේ කතාව? (නි)
වවන්නෝ දිනන්නෝය! (ක්‍රෝටන්) (නි)
කියව කියවා ඉන්නේ නැතුව ඉක්මනට කරලාම පෙන්නුවොත් හොඳයි (නි)
චේතනාව හොඳයි. එ්ත් ක්‍රියාත්මක කරනතුරු සැකයි. පුලුවන්නම් ක්‍රියාත්මක කරලා පෙන්නුවොත්, ජනතාව ඔබතුමාට ගරුකරයි. (නි)
ඔය කොමිසන් වල ඉතිහාසය අපි දන්නවනේ. දෙයි දෙයි දඬුවම්ම දෙයි. (නි)
කියන විදියට වැඩේ කෙරෙනවා නම් අපි ඒ ගැන සතුටුවෙමු. ඒ වගේම පසුගිය යුද්ධය දිනීමට හිටපු ජනාධිපතිතුමා යම් ගෞරවයක් ලබන්නේද එවැනිම ගෞරවයක් ලැබීමට මේ නිසා මෙතුමාට හැකිවෙනු ඇත. අගමැතිතුමාගේ අවංකකම දැක ගැනීමටද ජනතාව බලා සිටී. පෙනෙන්නට ඇති විදියට නම් අවසානයේ දෙගොල්ලන් එක්ව ගනුදෙනු පියවාගැනීමක් පමණක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇත. (නි)
විශ්වාස නොකරමි. අද වෙනකම් කිසිම දෙයක් කරලා නැත. (නි)
හොරුන් ආරක්ෂාකරන පුද්ගලයින්ව ළඟින්ම තියාගෙනම ජනපතිතුමා මෙහෙම කියන එක අගය කළයුතුයි. (නි)
ඉඳලා ඉඳලා මෙතුමා පොඩි විහිලුවකුත් කොරනවා. හොඳයි ඔය කොමිසන් වලින් මේ වෙනකොට දුන් දඬුවමක් කියන්න. තවත් මිනිසුන්ගේ සල්ලි විනාශ කරනවා. හොඳයි, ඕකෙන් රනිල් මහත්තයා වැරදියි කියලා ඔප්පු වුණොත් එයාට දඬුවම් දෙනවද? මේවා දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ. ජවිපෙ නැත්තම් මේ කරන හොරකම් මිනිස්සු දන්නෙත් නැහැ. (නි)
ඒත් ඉතින් වැටත් නියරත් ගොයම් කා නම්…??? (නි)
හිටපු එක්කෙනයි, ඉන්න එක්කෙනයි දෙන්නම අභයාරාමයට යනවා නම්, ඇයි එකට එකතුවෙලා ගිහින් කටයුතු කරන්න බැරි කියලා මට පුදුමයි. අනෙක මේ කියන අය අවුරුදු දෙකකට ඉස්සර වෙලා හිටියේ කොහේද කියලා නම් මතක නැහැ වගෙයි. කවුරු කවුරුත් ඇතිවෙන්න නාලා ඉන්නේ. මොන දෙයියන්ට කියන්නද කියලා, දුන් අයයි නොදුන් අයයි විපිලිසරවෙලා බලාගෙන ඉන්නවා දැන් වරෙල්ලකෝ ගමට කියලා. (නි)
ලොකු ලොකු හොරු බේරලා පොඩි පොඩි හොරුන්ට නම් දැඩි දඬුවම් ලැබෙයි. (නි)
හොරුන්ට රට කන්න ඉඩදෙන්න එපා (නි)
අපරාදේ! මේ යු.එන්.පීයට ගැතිකම් කරන්න ගිහිල්ලා ඇදගෙන නාන්න වුණ අයත් ඉන්නවා (නි)