ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමයත් විශ්වාසනීයත්වයත් පවත්වාගැනීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් එය තමාගේ ප‍්‍රධාන වගකීම ලෙස සලකන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද (4) පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නිල කාමරයේදී වැඩ බාර ගැනීමෙන් අනතුරුව බැංකු සේවකයන් අමතමින් නව අධිපති එසේ කීය.
‘ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් එහි කීර්තිනාමය හා විශ්වාසනීයත්වය පවත්වා ගැනීම මහ බැංකු අධිපතිවරයකුගේ ප‍්‍රධාන වගකීමයි. එම ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුවේ සියලූ දෙනාගේ සහයෝගය අවශ්‍යයි. අවංක වැඩ කරන්නැයි ද මගේ රාජකාරි කටයුතුවලට බාධා කරන කිසිවකුට බිය නොවන්නැයි ද ජනාධිපති මට උපදෙස් දුන්නා. ජනාධිපති උපදෙස් අනුවත් රටට පලදායී ලෙසත් කටයුතු කිරීම මගේ අරමුණයි. මා අගමැති ද මුණ ගැසුණා. ඔහු මට රටේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු පැවැසුවා‘
‘ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ප‍්‍රධාන ආයතනයක්. මම ඔබට පොරොන්දු වෙනවා මම මගේ උපරිමයෙන් කටයුතු කරන බවට. මේ ආයතනයේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීමට මට තනියෙන් කරන්න බැහැ. එයට ඔබ සියලූ දෙනාගේ උපකාරය අවශ්‍ය වෙනවා‘
‘මේ රටේ සුවිශේෂී පුද්ගලයන් මේ ආයතනයේ වැඩ කළා. මට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණා. මා මෙහි සේවය කළා. අද මේ ආයතනයේ උසස්ම තනතුරට පත්වීමට මට අවස්ථාව ලැබුණා.
‘මා සෑමවිටම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බව කියන්නේ ඉතාම ගෞරවයෙන්. මා නිරන්තරයෙන් පවසන දෙයක්. මේ තනතුරට පත්වීමට මා ලද භාග්‍යයක්. ඒ පිළිබඳ මා අද සතුටු වෙනවා‘
‘සියලූ දෙනා මා කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට මා පොරොන්දු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට සුවිශේෂී කාර්යභාර්යක් පැවැරී තිබෙනවා. ඒවා ඉටු නොකරන්න බැරි වුණොත් රටේ කිසි දෙයක් කරන්න බැහැ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සාර්ව ආර්ථික මූලධර්ම ඉටු කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස අපට පැවැරී තිබෙන වගකීම් ඉටු කරන්න බැරි වුණොත් මේ රටේ කිසිදු දෙයක් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපට සුවිශේෂී වගකීමක් පැවැරී තිබෙනවා‘
‘මා දක්ෂ වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඔබත් දක්ෂ විය යුතුයි. මෙහි සිටින සියලූ දෙනා දක්ෂයෝ. මා කී‍්‍රඩා කිරීමෙන් උගත් දෙය එයයි. රටේ සිටිනි දක්ෂතම පුද්ගලයන් සිටිනවා. අප සියලූ දෙනාට දක්ෂ වුණාට වැඩක් වෙන්නේ නැහැ. අප සියලූ දෙනාගේ අරමුණු එකක් විය යුතුයි. අප සියලූ සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතුයි. අප සියලූ දෙනා මනුෂ්‍යයන්. එසේ වුවද අපට සහයෝගයෙන් එක අරමුණක් වෙනුවෙන් කටයුතු කළ හැකියි‘
‘අප කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් ඉලක්ක හා අරමුණු තබා ගත යුතුයි. මේ රටේ අනෙකුත් සියලූ දේ සිදුවීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් අප ඊට පදනම තැබිය යුතුයි. අප සියලූ දෙනා වෘත්තීය, තාක්ෂණික හා අවංක හා සම්පූර්ණ විය යුතුයි. ඔබට යම් පරස්පරයක් තිබේ නම් එය මා වෙත දන්වන්න. ශ්‍රී ලංකා මහ බැංකුව තුළ විවෘතභාවය, සාකච්ඡුා, මතවාද තිබිය යුතුයි. ඒවා සාකච්ඡා කළ යුතුයි. අවසානයේ හොඳම තීරණයට එළැඹිය යුතුයි. ඒ නිසා මට උපකාරි වෙන්න‘
‘ඒ වගේම රටේ දේශපාලනයත් ආර්ථිකයත් සමබරව එක අරමුණක කළ ගමන් කළ යුතුයි. නිදහසින් පසු සෑම අවස්ථාවකදීම වගේ අපේ රටේ ආර්ථිකය දේශපාලනය නිසා විනාශ වුණා. මා කිසිදු පක්ෂයකට හෝ ආණ්ඩුවකට චෝදනා කරන්නේ නැහැ. එහෙත් දේශපාලනය නිසා රටේ ආර්ථිකය පහතට වැටුණා. හොඳ ආර්ථිකයක් තිබේ නම් හොඳ දේශපාලන තත්ත්වයක් ගොඩනැගෙනවා. එය අපි දේශපාලකයන්ට එය තේරුම් කළ යුතුයි. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුයි. මූල්‍ය ප‍්‍රතිපත්තියේ වැදගත් කරුණු තිබෙනවා. එම කරුණු කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. ආණ්ඩුව විවේචනය කිරීම අපේ කාර්යයක් නෙමෙයි. අපි ස්වාධීනව, වෘත්තීයභාවය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව නිසි ලෙස කරුණු පහදමින් කටයුතු කළ යුතුයි. මට ඒ සඳහා ඔබ සියලූ දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාගේ උපදේශය නම් හොඳයි. ඒ වුණාට ප්‍රශ්නයක් වුණාම එතුමා පත්තරය බලනතුරු අපිට ඉන්න වෙයිද කියන එකයි අපිට ඇති ප්‍රශ්නය වෙන්නේ (නි)
අපි බලමුකෝ කොහොමද වැඩ වෙන්නේ කියලා (නි)
හැමෝම එන්නේ ඔහොම කියලා තමයි. (නි)
රජිත්, මහ බැංකුව කියන්නේ රටටකට අත්‍යාවශ්‍ය ආයතනයක් නොවෙයි. මහ බැංකු නැති රටවල් ගොඩක් ලෝකේ තියෙනවා. ඒවා සංවර්ධිත රටවල්. පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
මට හරි ආසයි රට සංවර්ධනය වෙලා ආර්ථික වශයෙන් යහපත් තත්වයකට පත්වෙනවානම්. ඒ හරහා අපේ දරුවන් සහ අනාගත පරම්පරාවට බොහොම සතුටින් සහ සාමයෙන් නිරෝගිමත් ජිවිත ගත කරන්ට සුදුසු පරිසරයක් නිර්මාණය විය යුතුයි. (බ)
දේශපාලනය නිසා රට විනාශ වුණා කියන්න අමාරුයි. (හේ)
මෙරටට සේවය කරන මිනිස්සු අවශ්‍ය තැන් වල නැහැ (නි)
ජනපතිට ස්තූතියි නිවැරදි කෙනාව තෝරාගත්තාට (බ)
විශිෂ්ට කතාවක්. ඒ අනුවම කටයුතු කරන්න ඔබට ශක්තිය ලැබේවා යි ඉත සිතින් පතමි. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ උපදේශය, ඒ කිව්වේ ඔබේ රාජකාරි කටයුතුවලට බාධා කරන කිසිවකුට බිය නොවන්න යන උපදේශය රැක්කොත් ඔබතුමාගේ කතාව යතාර්ථයක් වනු නිසැකයි. (බ)
ඔබතුමාට මගේ ප්‍රණාමය! (නි)
උපාලි මහතා කියනවා වගේම මමත් මේ දක්වා අසාඇති විශිෂ්ට කතාවක්. අපිට හොඳ ජනාධිපතිවරයෙක් වගේම මහා බැංකු අධිපතිවරයෙක්ද සිටීම රටේ ඉදිරි ගමනට යහපතකි. මෙතුමාගේ වටිනා ප්‍රකාශය රටක් හැටියට පොදුවේ කාටත් ඉතා වැදගත්ය. (නි)
මහා බැංකුව කියන්නේ කළුගලක හාරන ළිඳක් වගේ. මොන ජගතා හෑරුවත් වතුර නම් මේ කපේ එන්නෙ නැහැ (නි)
ඔබට ජයවේවා! (නි)
රටට නිවැරදි, ඔබින හා ඵලදායි සේවයක් කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි (නි)