IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහ බැංකු ලොක්කාට රට යන්න බෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ ගමන් බලපත්‍රය මාස තුනකට අත් හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දැනුම්දීමක් අනුව මේ පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දස කෝටියක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීමේදී ඔහුගේ බෑණාගේ මූල්‍ය ආයතනයට අයථා වාසි සැලසී යැයි කියන සිද්ධිය ගැන පරික්ෂණ පැවැත්වේ.

 

 



අදහස් (0)

මහ බැංකු ලොක්කාට රට යන්න බෑ

මාලක Saturday, 18 April 2015 02:14 PM

අපි මෙයා ගැන හොඳට දන්නවා (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 18 April 2015 05:38 PM

කිලි නෝච්චිය.මැදවච්චිය ,අලිමංකඩ ..පාමංකඩ ටපලුනාවගේ .....සිංගප්පුලි මලේන්ද්‍ර කියන්නේ මෙයා නොවේ නේද???කියල කියාවී කියලත් හිතෙනවා .අර්ජුන් කෙනෙක් නිසා හොදටගියා ....අර්ජුන කෙනෙක් උනානම් ...තාමත් ..?.වෙනි .තට්ටුවේ ..මේස ලාච්චුව ගාව ....පව් අනේ ....අපි ළඟ ඔය ...අනිත් අයගේ වගේ ඥාති සංග්‍රහ නෑ...කියල දොරෙල දන්නවනේ...(ස)

:       0       0

දිනේෂ් Saturday, 18 April 2015 12:38 AM

විදේශික ආනයනයකට මහා ලොකුවට දවසින් පුරවැසිකම දීලා පාස්පෝට් දෙන්න කලින් ටිකක් හෙව්වා නම් දැන් ඕක අත්හිටුවන්න වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

නලීතා Saturday, 18 April 2015 12:40 AM

ඇයි මේ? ලොක්කන්ව අත්අඩංගුවට ගන්නේ නැද්ද සැකපිට? (නි)

:       0       0

දසුන් Saturday, 18 April 2015 12:46 AM

ඔය අත්හිටුවන්නේ ලංකාවේ දවසින් දුන් බලපත්‍රයනේ. මෙයා ලංකාවට ආවේ සිංගප්පුරු පුරවැසියෙක් හැටියට. එතකොට ඒ රටින් මෙහාට ආ සහ මෙච්චර කලක් භාවිතා කළ සිංගප්පුරු හෝ වෙනත් විදේශ ගමන් බලපත්‍රය තාම බලපවතිනවනේ. ඒක තහනම් කරන්න අපේ රටට බැහැ. ඉතින් ඒක පාවිච්චි කරලා රටින් පිටවුණොත් මොකද කරන්නේ. රටින් පිටවෙන්න තහනම් දාලා නැද්ද? (නි)

:       0       0

රන්ජිත් Saturday, 18 April 2015 01:29 AM

මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? (නි)

:       0       0

නිමල් Saturday, 18 April 2015 01:37 AM

අපේ ලෝකල් සක්විතිලාව නම් පොඩිදේටත් රිමාන්ඩ් කරනවා. (නි)

:       0       0

රෝහිත Saturday, 18 April 2015 01:39 AM

පුදනකොටම කාපි යකා වෙලා නේද? ඒ කතාව අහලා තිබුනට හැබැහින් මේ දැක්කමයි. (නි)

:       0       0

රාජා Saturday, 18 April 2015 01:50 AM

සිංගප්පුරු චාලිව දැන් සිංගප්පුරු අර්ජුන් හෝ සිංගප්පුරු මහේන්ද්‍රන් කියල නම් කරන්න වෙයි. (නදී)

:       0       0

නිමල් ලාලිත Saturday, 18 April 2015 02:21 AM

මේ රටේ දේශපාලකයන්ට ලැජ්ජාව කියන එක නැද්ද ? පසුගිය ජනපතිතුමාගේ කෙරුවාව ගැන පතුරුගසා දැන් කරන්නේ කුමක්ද? (නි)

:       0       0

කිරින්ද Saturday, 18 April 2015 02:34 AM

දසුන්, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට ජනාධිපති පදවියට තරංග කරන්න බැහැ කියල. නමුත් රටේ ප්‍රධානතම මුල්‍ය පාලන ආයතනය වන මහා බැංකුවේ අදිපති තනතුරට එහෙම අවශ්‍ය නැහැ කියල නීතිමය ප්‍රතිපාදන සකස් කලේ යහපාලනය නේද? අපේ රටේ මැති ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්ලා, සංස්ථා සභාපතිවරු අතර ද්විත්ව පුරවැසිභාවය හිමි සැහෙන සංඛ්‍යාවක් ඉන්නවා. වංචා දුෂණ වැඩි වෙන්න එක හේතුවක් තමයි ඒක. හොරකම් කරලා අහුවෙන්න යනකොට රට පනින එක දැන් ශ්‍රී ලංකීය ජන සමාජයේ සම්ප්‍රදායක් වෙලා. ගිය ආණ්ඩුවේ තනතුරු දරපු කී දෙනෙක් දැන් රට පැනලද? (නදී)

:       0       0

අපොන්සු Saturday, 18 April 2015 02:59 AM

පැය 5-6 රහස් පොලිසියේ තියාගෙන ප්‍රශ්න නොකරන්නේ ඇයිද මන්දා ? (නදී)

:       0       0

ඇසළ Friday, 17 April 2015 03:45 PM

ලංකාවේ හිටියත් එකයි. රට ගියත් එකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site