ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ ගමන් බලපත්‍රය මාස තුනකට අත් හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දැනුම්දීමක් අනුව මේ පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දස කෝටියක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීමේදී ඔහුගේ බෑණාගේ මූල්‍ය ආයතනයට අයථා වාසි සැලසී යැයි කියන සිද්ධිය ගැන පරික්ෂණ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙයා ගැන හොඳට දන්නවා (නි)
කිලි නෝච්චිය.මැදවච්චිය ,අලිමංකඩ ..පාමංකඩ ටපලුනාවගේ .....සිංගප්පුලි මලේන්ද්‍ර කියන්නේ මෙයා නොවේ නේද???කියල කියාවී කියලත් හිතෙනවා .අර්ජුන් කෙනෙක් නිසා හොදටගියා ....අර්ජුන කෙනෙක් උනානම් ...තාමත් ..?.වෙනි .තට්ටුවේ ..මේස ලාච්චුව ගාව ....පව් අනේ ....අපි ළඟ ඔය ...අනිත් අයගේ වගේ ඥාති සංග්‍රහ නෑ...කියල දොරෙල දන්නවනේ...(ස)
විදේශික ආනයනයකට මහා ලොකුවට දවසින් පුරවැසිකම දීලා පාස්පෝට් දෙන්න කලින් ටිකක් හෙව්වා නම් දැන් ඕක අත්හිටුවන්න වෙන්නේ නැහැනේ. (නි)
ඇයි මේ? ලොක්කන්ව අත්අඩංගුවට ගන්නේ නැද්ද සැකපිට? (නි)
ඔය අත්හිටුවන්නේ ලංකාවේ දවසින් දුන් බලපත්‍රයනේ. මෙයා ලංකාවට ආවේ සිංගප්පුරු පුරවැසියෙක් හැටියට. එතකොට ඒ රටින් මෙහාට ආ සහ මෙච්චර කලක් භාවිතා කළ සිංගප්පුරු හෝ වෙනත් විදේශ ගමන් බලපත්‍රය තාම බලපවතිනවනේ. ඒක තහනම් කරන්න අපේ රටට බැහැ. ඉතින් ඒක පාවිච්චි කරලා රටින් පිටවුණොත් මොකද කරන්නේ. රටින් පිටවෙන්න තහනම් දාලා නැද්ද? (නි)
මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? (නි)
අපේ ලෝකල් සක්විතිලාව නම් පොඩිදේටත් රිමාන්ඩ් කරනවා. (නි)
පුදනකොටම කාපි යකා වෙලා නේද? ඒ කතාව අහලා තිබුනට හැබැහින් මේ දැක්කමයි. (නි)
සිංගප්පුරු චාලිව දැන් සිංගප්පුරු අර්ජුන් හෝ සිංගප්පුරු මහේන්ද්‍රන් කියල නම් කරන්න වෙයි. (නදී)
මේ රටේ දේශපාලකයන්ට ලැජ්ජාව කියන එක නැද්ද ? පසුගිය ජනපතිතුමාගේ කෙරුවාව ගැන පතුරුගසා දැන් කරන්නේ කුමක්ද? (නි)
දසුන්, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට ජනාධිපති පදවියට තරංග කරන්න බැහැ කියල. නමුත් රටේ ප්‍රධානතම මුල්‍ය පාලන ආයතනය වන මහා බැංකුවේ අදිපති තනතුරට එහෙම අවශ්‍ය නැහැ කියල නීතිමය ප්‍රතිපාදන සකස් කලේ යහපාලනය නේද? අපේ රටේ මැති ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්ලා, සංස්ථා සභාපතිවරු අතර ද්විත්ව පුරවැසිභාවය හිමි සැහෙන සංඛ්‍යාවක් ඉන්නවා. වංචා දුෂණ වැඩි වෙන්න එක හේතුවක් තමයි ඒක. හොරකම් කරලා අහුවෙන්න යනකොට රට පනින එක දැන් ශ්‍රී ලංකීය ජන සමාජයේ සම්ප්‍රදායක් වෙලා. ගිය ආණ්ඩුවේ තනතුරු දරපු කී දෙනෙක් දැන් රට පැනලද? (නදී)
පැය 5-6 රහස් පොලිසියේ තියාගෙන ප්‍රශ්න නොකරන්නේ ඇයිද මන්දා ? (නදී)
ලංකාවේ හිටියත් එකයි. රට ගියත් එකයි. (නි)