නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවේ බිඳ වැටුණු විශ්වාසනීයත්වය කඩිනමින් ගොඩනැංවීමේ වගකීම පැවැරී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසා ඇත.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කාලයක් තිස්සේ තමා වෘත්තීයවේදියක් යැයි ඔප්පු කර ඇති බවත් ඔහු සාර්ථක වනු ඇතැයි විශ්වාස කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
ඔක්කොම කියලා කරන කොට මිනිස්සුන්ට වැරදි පෙනෙනවා, පහුගිය කාලයේ කියලා කෙරුවේ නෑනේ, කරපු දෙයක් ගැන කවුරු හරි අැහුවා නම් සුදු වැන් එනවනේ, දැන් ඉතින් ඔක්කොම ලැබුන නිදහසෙන් පිනුම් ගහනවා (හේ)
හිසරදයට අලුත් කොට්ටයක් නොවේවා.(හේ)
ජගත්, කලින් ආණ්ඩුව තිබුණා නම් මේ වගේ අයින්කරන්න ඕනෑ වෙන්නෙත් නැතිවෙයි සමහරවිට! (නි)
මේ කතාවෙන් මොහු යම් දෙයක් පිළිගන්නවා. මට හැඟෙන විදිහට ඒ යහපාලනයෙන් පත්කරන අය වැරදි බවයි. (නි)
පරණ කෙනා ආවත් අලුත් කෙනා ආවත් වැඩක් නැහැ, ආර්ථික විශේෂඥයන්ට නිසි වැඩපිළිවෙලක් ඇතුව රටේ ආර්ථිකය හසුරුවන්නට ඉඩනොදී. පරණ කට්ටියත් අලුත් කට්ටියත් සේරම එකයි. (නි)
ලියනගේ කියන විදියට මෙයාට අපි දැන්ම සහතික දෙන්නේ කොහොමද? (නි)
වික්‍රමටයි විපුලටයි නොපෙනෙන දෙයකුත් තියෙනවා. කලින් ආණ්ඩුව තිබුනානම් ජනතාවගේ හෝ විද්වතුන්ගේ හෝ පොදු ජනතාවගේ අප්‍රසාදය තිබුනට එහෙම ඉවත් කරන්නේ නැහැ. ඒ ආණ්ඩුවේ හොඳ නිසා නෙමෙයි මහරජ තුමාගේ කැමැත්තට අනුව සියල්ල සිදුවන නිසයි. වැරදි කාරය පත් කළත් නැතත් වෙනසක් සිදුවන්නේ නැහැ උන්වහන්සේ අනුදැන වදාළේ නැතිනම්. මේ යහපාලනය ජනතා කැමැත්තට හිස නමන නිසයි ඒ වැරදි කාරයව ඉවත් කළේ. (බ)
සමහරවිට මෙම තනතුර දරන්න තරම් තරුණ කෙනෙක් ලංකාවෙ තවම නැතුව ඇති. පහුගිය පාර ඒකනෙ සිංගප්පූරුවෙන් ගෙන්නුවෙ (නි)
හර්ෂ කියන විදිහට විශ්වාසය බිඳවැටුනා නම් එයට වගකියන්න ඕනෑ මහේන්ද්‍රන් පත්කළ අගමැතිනේ. එහෙම විශ්වාසය කඩපු ආණ්ඩුවක ඇමතිවරයෙක් වශයෙන් හර්ෂ සිටීම වැරදියි නේද? (නි)
විශ්වාසය බිඳවැටුනා විතරක් නොවෙයි බිලියන ගානක පාඩුවක් වුණා. එහෙම වුණේ මේ අයම පත්කළ කෙනෙකුගෙන්මයි. (නි)
අපි අලුත් අධිපතිගේ වැඩ පෙන්නන්න මාස හයක්වත් දීලා බලමු (නි)
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පිළිගත් පුද්ගලයෙක්. මෙම මහතා මහා බැංකුවේ කාලයක් තිස්සේ සේවය කරලා තිබෙනවා. ඒවගේම රටේ රගර් පිලේ නායකත්වය දැරුවා. 1972 ආසියානු කුසලානය ලංකාව දෙවනි තැනට පත්වුණා. අපි එතුමා ගැන විශ්වාසය තබනවා. (නි)
යහපාලනය මෙතෙක් කල් සියල්ල වරද්දාගත්තා. මේක විතරක් හරියයිද? (නි)
සිංගප්පුරුවෙන් ගෙන්නුවේ හිතවත්කමට මිසක් සුදුසුකමට නෙමෙයි කියලයි අපි නම් හිතන්නේ. (නි)
මේ නිකන් බටු ඇටයෙක් මෙයා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එක්ක බලනකොට. (බ)
හිටපු මහ බැංකු අධිපති ඉවත්කිරීම, නව අධිපති පත්කිරීම, එතුමාට සුබ පැතීම ආදී සියල්ලම ට්විටර් මගින් කෙරෙන බව පෙනුන. කඩදාසිවලින් තොර සමාජයක් කළා අපි යනවා වගේ. අනාගතයේදී ඡන්දෙ දීම, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, විරෝධතා පැවැත්වීම ආදියත් ඔහොම කෙරෙයි නේද? අපුරුයි. මහජනතාවට කිසි කරදරයක් නැහැ. කොටින්ම අපි ට්විටර් මගින් ආණ්ඩු කරමු! (බ)
එහෙමනම් හර්ෂම පිළිගන්නවා යහපාලන රුකඩ පාලනය යටතේ මහබැංකුවේ විශ්වාසවන්තබව බල්ලට ගිය බව! (බ)
බෙරකාරයා වෙනස් කරලා වැඩක් නැහැ නැට්ටුවෝ වෙනස් නොකර? පරම්පරාගත නැට්ටුවෝ පරණ තාලෙටමයි නටන්නේ. (බ)
හර්ෂටත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් සහතිකයක් ලැබුනා නම් වඩා වටිනවා. (නි)
අර්ජුන් මහේන්ද්‍රන් මහතා හොඳ කෙනෙක්. මොනයම් හේතුවක් මත ඔහු ගොදුරක් වුණා. වෙනත් රටවල බැංකු වල ඉතාමත් ඉහළ තනතුරු දරපු ඔහුට ලංකාවේ මහා බැංකුවේදී මොකද වුණේ? මේක ලොකු සැළැස්මක ප්‍රතිඵලයක් ලෙස මම දකිනවා. ඔහු ඩුබායි බැංකුවක ඉතාමත් ඉහළ පදවියක් දරපු කෙනෙක්. (නි)
ලලිත්, කලින් පත්කළ සියලුම පරණ නැට්ටුවෝ අයින්කර දමමුද එහෙනම්? (නි)
කලින් ආණ්ඩුව තිබුණා නම් කවදාවත් මේ වගේ අස්කරන්න පුලුවන් වෙයිද? (නි)
එහෙනම් පරණ කෙනාම පත්කරගමුද ලලිත්? (නි)
කුමාර්, මේගොල්ලන්ගේ කතාව හරියට ලෝකේ ගැනම දන්නවා වගේ (නි)
සහතික දෙන්න ඕනෑ වැඩේ කළාට පස්සේ මිසක් කලින්ම නොවෙයි (නි)