මහ බැංකුවේ අධිපතිට චෝදනා තිබුණත් ඒ කිසිවක් ඔප්පු වී නැතැයි ද ඒවා චෝදනා පමණක් යැයි එජාපය පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (21) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මහ බැංකු අධිපතිට චෝදනා පමණක් නොවෙයි තියෙන්නේ. එතුමා රටටත් රටේ සමස්ත ආර්ථිකයටත් සමස්ත ලාංකික ජනතාවටත් බරපතල ආර්ථික හානියක් හා ආර්ථික අලාභයක් ආර්ථික වැරැද්දක් සිදුකර අවසන්. එසේ කියන්නේ මම නෙමෙයි. මූඩි කියන ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනයයි‘ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව දෙගොල්ලටම කදිමට ගැලපෙනවා ඇත. ඔප්පු කළ හැකි චෝදනාව ඇත්තේ අවු.68 ක් තිස්සේ මාරුවෙන් මාරුවට මෙතුමන්ලාව පත් කර ගන්නා බුද්ධිමත් කියන ජනතාවටය. මෙය තමුන්ගේ අපිරිසිදුභාවය ඉවත් කර ගැනීමට අනුන්ගේ අපිරිසිදුකම ගැන කතාකිරිමකි. (හේ)
කියන්නේ මම නෙමෙයි නම් අහවල් එකකටද ඒ ගැන කතා කරන්නේ. (බ)
එජාපය ඇන ගන්නයි හදන්නේ. ශ්‍රීලනිපයේ වගේම හොරු නැතත් බලය අව භාවිත කරන ඇමති වරු නොයෙක් ගොන් ප්‍රකාශ කරනවා. ජනතාව අවදියෙන්. ඉස්සර වගේ මෝඩ නැහැ. ජන මතයට කන් දෙන්න මහත්වරුනි. (බ)
මේ ගොල්ලෝ කියන්නේ අංගුලිමාලලා බණ කියනවා වගේ කථා (බ)
මහින්ද මහත්තයටත් චෝදනා තිබුණත් ඒ කිසිවක් ඔප්පු වී නැතැයි ද ඒවා චෝදනා පමණක්ම නිසා එජාපය හොරා කියන එක වැරදි නේ (බ)
කලින් මුදල් කරපු කියපු දේවල්වලට ඔය නඩේත් සම්බන්ධ නේද..? එ්ත්, වැරදුනු තැන් හදන්න තියා එයට විරුද්ධව හෝ වචනයක් කතාකරන්න තරම් කොන්දක් තිබ්බද..? ඔය බයිලා අහල අහල ඇතිවෙලා මහත්තයෝ. ඇරත් ඔබතුමාගේ මනුස්සකමත් අපි දැක්කනේ සුනාමි කාලේ. තවත්, කියවනවා නේද...? අනේද කියන්නේ..(බ)
අර්ජුන ඇස් ඇරලා බලන්න මොනවද කරලා තියෙන්නේ කියල අන්ධයෙක් නොවී. හොඳයි මේ ආණ්ඩුව කරලා තියෙන්නේ මොනවද? එෆ්සීඅයිඩී විතරද? (බ)
පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු වාහන පර්මිට් ගන්නවද නැද්ද ? ඇයි මේක ජනතාවට ප්‍රසිද්ධියේ කියන්නේ නැත්තේ? (බ)
කන්න ඕනෑ වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේකටයි . අධිරාජ්‍යවාදී රටක තියන රාජ්‍ය නොවන සංවිධානයකින් කියන දේවල් ‘පරම සත්‍ය‘ හැටියට පිළිගන්න තරමට මේගොල්ලොත් අධිරාජ්‍යවාදී ගැත්තන් වෙලා නේද ? (බ)
දේශපාලුවෝ හැමවිටම කියන්නේ පුළුවන් නම් ඔප්පුකරන්න කියලයි. ජනතාව තමයි මෝඩයෝ. (නි)
එතකොට හිටපු අධිපතිතුමා ආර්ථිකයට මොනවද කළේ? බැඳුම්කර ගනුදෙනු ගැන, එ්කත් කියන්නකෝ. (නි)
කියනවා විතරනේ. ඔයාලගෙත් වැඩ නැහැනේ (නි)
ඉස්සන් වගේ මේ අය. පසුගිය අවුරුදු දහය තුළත් කෙරුවේ මේ වගේ වැඩ. දැන් බයනැතුව කතාකිරීමේ අයිතිය තියෙන නිසා හැමදේම වපර ඇසින් බලන්න එපා. (නි)