මහ බැංකු අධිපතිවරයාට සේවා දිගුවක් නොදෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ අද (23) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් පැවැත්වීය.
‘ජනවාරි 8 මේ රටේ ජනතාව සිදුකළ මහා විප්ලවයට අබමල් රේණුවක තරමින්වත් දායකත්වයක් නොදක්වපු විජාතික මහ බැංකු අධිපතිවරයාට මේ රටේ ජනතාවගේ මුදල් තවත් කොල්ලකෑමට ඉඩ නොතබා ජූනි 30 වැනිදා අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුයි‘ යැයි එම පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආර්ථිකයට හානියක් වෙනපරිදි දේශපාලන වාසි තකා බොරු උද්ඝෝෂණ නැතුව, ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තිබෙන විරවංශ, බන්දුල, කබ්රාල්, අනුර සමඟ මහබැංකු අධිපති මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විවාදයක් කරන්න (නි)
කවි, මාත් එකඟයි ඔයාට. චතුරිත් අනිත් අය වගේ. වැරැද්ද දැක්කත් නොදැක්කා වගේ මහින්ද ... මහින්ද ... කියනවා. (නි)
ඉහළ පුටුවල ඉන්න හිටින්න ලැබුනම මුල අමතක වීමේ ලෙඩක් අපේ අයට තිබෙනවා නම්බු පිටින් ගෙදර යන්න ජනතාව අකමැතිනම් උආහරණයකට ළගම තිබෙන අල්ලපු රට ගන්න ඒ රටේ මහා බැංකු අධිපතිටත් ජනතා උද්ඝෝෂණය වැඩි වේගෙන එද්දී වැදගත් විදියට තනතුර අත ඇර යන්න ගියා (බ)
මහා බැංකු අධිපති වරදක් කර ඇත්නම් විධිමත් පරීක්ෂණයක් පවත්වා වරදිකරුවුණොත් ඔහු තනතුරින් ඉවත් කළ යුතුවේ. එහෙම නැතුව උද්ඝෝෂණ පැවැත්වූ පලියට ඔහු ඉවත්කිරීම යහපාලනය නොවේ. (බ)
අධිපතිව ගෙදර. යවලා මහින්දට හරි ,බැසිල්ට හරි දීලා බලන්න. ,මොකද නිතරම පන්සල් යන කට්ටිය කැත වැඩ කරන්නේ නැහැ (බ)
පසුගිය ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමා වෙනුවෙන් සහයෝගය දැක්වූ සිවිල් සංවිධාන, තවදුරටත් ජනතාව ඉදිරියේ පෙනිසිටීමේ හැකියාව සළසාදීම ජනාධිපතිපතිතුමාගේ වගකීමක් සහ යුතුකමකි. තවතවත් ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්වෙනවද නැද්ද යන්න රජය තේරුම් ගතයුතුය. (නි)
චතුරි, හැම එකකටම මහින්ද, මහින්ද. මෙතැනට මහින්ද කොහොමත් අදාළ නැහැ නේද? මහින්දට වඩා මහා බැංකු අධිපතිට තියන චෝදනා ඔප්පු කරන්න සාක්කි ඕනෑතරම් තියනවා. යථාර්ථය තේරුම් ගන්න (නි)
දැන් ඉතින් තම අක්මුල් සිඳගත් ජාතියක් බවට සිංහලයා පත්වී හමාරයි. තමන්ම කපාගත් වලට බහින්නයි තව ඉතිරිව ඇත්තේ. (නි)