බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ හිමිවරු සහ දහම් පාසලේ ඉන්දියා දරු දැරියන් එකතුව පාලි සහ හින්දි භාෂාවලින් මහ පිරිත සජ්ඣායනය කිරීමේ පින්කමක් පැවැත්වූහ.
බෝසතානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වදාළ ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියස ධර්මාශෝක අධිරාජයාණන් විසින් පිහිටුවන ලද වජ්රාසනය අසල මෙම පිරිත් සජ්ඣායනය පැය තුනක් පුරා පැවැත්විණි.
බුද්ධගයා මහා විහාරය අවට ජීවත්වන බුදුදහම කෙරෙහි උනන්දුවක් දක්වන දරු දැරියන් විශාල සංඛ්‍යාවක් බුදුනුව විහාරස්ථානයේ දහම් පාසලට පැමිණ බුදුදහම උගනිති.
දහම් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත පත හින්දි භාෂාවට පරිවර්තනය කර ඇති අතර මෙම පන්තිවලට සහභාගීවන දරු දැරියන්හට හින්දි සහ පාලි භාෂාවෙන් පන්සිල් සහ වන්දනා ගාථා මෙන්ම පිරිත් දේශනා අර්ථය උගන්වා ඒවා නිවැරදිව කීම සඳහාද පුහුණුවක් දෙයි.
බුදු නුවණ මහමෙව්නා අසපුවේ මහන දම් පුරන ඉන්දියා ජාතික භික්ෂුන් වහන්සේද වැඩ සිටිති. දහම් පාසලේ ඉගෙනීම් කටයුතු කෙරෙන්නේ හින්දි භාෂාවෙනි.
ඉන්දියාවේදී මෙවන් පින්කමක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි.
බුද්ධගයාවේ පිහිටි අනෙකුත් ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් බෞද්ධ රටවල සියලුම විහාරස්ථාන මඟින්ද දහම් පාසල් අධ්‍යාපනය මෙන්ම අනෙකුත් සාශනික කටයුතු ඉතා සාර්ථක අන්දමින් පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිවිශිෂ්ට කාර්යයක් (නි)
සාධු ! සාධු !! සාධු !!! බුදුසසුන බැබළේවා !! (නි)
ඉතා වටිනා පින්කමක්. බුදුන් වහන්සේ ගැන බොහෝ ඉන්දියානුවන් තුල ගරුත්වයක් තියෙනවා. නමුත් ආගම පිළිබද හරි අවබෝදයක් තියෙන උදවිය අඩුයි. (නදී)
හින්දි භාෂාව කියන්නේ හරිම මිහිරි භාෂාවක්. එම භාෂාවෙන් පිරිතක් සජ්ජායනා කරනවයි කියන්නේ තවත් මිහිරියි. අනේ පුලුවන්නම් හින්දියෙන් පටිගත කල පිරිත් ගාථා සි ඩී තැටි තියෙනවා නම් කියන්නකෝ. (නදී)
එංගලන්තය ඇතුළු යස ඉසුරින් පිරි රටවල ධර්ම ප්‍රචාරයේ යනවා සේම මෙම සද්ධර්මය උපත ලැබූ රටේද සිටින පින්වතුන්ට මෙම ධර්මය කියා දීමට අප හාමුදුරුවරුන් උනන්දු විය යුතුයි. මෙය මහඟු පින්කමකි. (නදී)
මේ කරගෙන යන සත්කාර්‍ය්ය සියැසින්ම දැක්කෙමි. මේ පින්වත් ස්වාමීන් වහසේලාගේ උතුම් වෑයම තව තවත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය තෙරුවන් බෙලන් නිබඳවම ලැබේවා!(දිල්)
හරිම සතුටුයි මටනම්.(හේ)
නමෝ බුද්ධාය! (නි)
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි! මෙවන් පිංකම් තවත් කිරීමට හැකිවේවා...!!! (නි)
බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් මේ උතුම් පින්බිමෙහි ශ්‍රී සද්ධර්මය ප්‍රතිස්ථාපනය කිරීමට මේ ගන්නා උත්සාහය අති විශිෂ්ටයි. (නි)
බුදුදහම තේරුම් ගැනීමට භාෂාව බලපාන්නේ නැත.බුදුදහම බබළන්නේ එය ලොවට විවර වන තරමටය.බුදුදහමේ පවතින එහිපස්සික ගුණය හෙවත් ඕනෑම අයෙකුට විමසා බැලීමේ ගුණය එයට හේතුවී.තමාට හැකි අයුරකින් සජ්ඣායනය සිදු කිරීම වරදක් නැත.ඕනෑම ධර්ම කරුණක් පිළිබඳව තම තුල ඇති නොසැලෙන ශ්‍රද්ධාව බුදුදහමේ පළමු න්‍යායයි. තෙරුවන් සරණයි (හේ)
වාසනාවන්ත ප්‍රබෝධමත් කාර්යයක්. පින් සිද්ධ වෙන්න ඕනා සැමටම. (නදී)
තමන් දන්නා භාෂාවෙන් හදාරන්න හැකි නම් ඕනෑම දෙයක් වැඩි දෙනකුට එහි ප්‍රයෝජනය ලබාගත හැකිවෙනවා වැටහෙනවා, ඉතා හොද වැඩක් (නදී)
පිරිත් කියන්න ඕන භාෂාවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා ඉවරයි. උන්වහන්සේ තුන් කල් දකින නුවනින් බලල තමයි ඒවා දේශනා කළේ. ඕනෑම කෙනෙක් ඒවා තේරුම් ගන්න ඒ භාෂාවන්ට පරිවර්තනය කළාට කමක් නෑ. එත් පිරිතේ බලය ගුණය හරියට ලැබෙන්නේ පාලි භාෂාවෙන්ම පමණි. මොකද එක බුද්ධ භාෂාව නිසා. මිනිස්සු සිංහලෙන් පිරිත් කියනවා එකත් වරදි. එක නිසා පිරිත් කියන්න ඕනේ පලියෙන්ම විතරයි. නැත්නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන හැම භාෂාවෙන්ම පිරිත් දේශනා කරනවනේ. මිනිස්සු මේවා තේරුම් ගන්න ඕන කවුරු වුණත්.(හේ)
අපේ ද්‍රවිඩ ජාතියටත් ඒ කාලෙම මේවා කළා නම් අවුරුදු 30 ක් විඳවන්නේ නැහැ. (නදී)
කුමන හෝ භාෂාවකින් බුදු ගුණ සිහිකරන්න කෙනෙකුට පුළුවන්නම් ඒක ඒ පුද්ගලයාට බොහෝ කාලයක් හිත සුව පවතිනවා. ඒකට හේතුව, අපේ චේතනාවට අනුව තමයි කර්මය සකස් වෙන්නෙ. ඉතින් අවබෝධයෙන් ම පිරිත් කීම සහ අවබෝධයෙන් ම පිරිත් ඇසීමේ ආනිශංෂ ගැන කවර කතාද?. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.(හේ)
හරිම සුන්දර වැඩක්. තවත් මේ වාගේ කටයුතු කරන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මේ පින්වත් ස්වාමින් වහන්සේලා ඉතා දුෂ්කර ලෙස ඉන්දියානුවන්ට නැවත බුදු දහම උරුමකරවන්ට දරන උතුම් වෑයාම අපි හැමෝම අගය කරමු නේද..(හේ)
ලංකාවෙත් පිරිත් හින්දියෙන් කිව්වොත් නම් කවදාවත් පිරිත් අහලා නැති අයත් අහයි. (නි)