
(නිමල් ජයරත්න)
දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජිවත්වන පවුල් ඉතා විශාල පවුල් සංඛ්‍යාවක් සිටින පොලොන්නරුවේ මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 900 ආසන්න ප්‍රමාණයක් සිටින බව පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පවසයි.
ඉතා වැඩියි තවත් පිරිසක් දවසට වේල් දෙකක් හෝ එකක් කාලා ජීවත් වෙනවා. ඒ අයට අපි එක වේලක් දෙවේලක් ආහාර පාර්සලයල් දීලා කුසගින්න නිවන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඒක සාර්ථක උත්තරයක් නෙමෙයි, නමුත් තාවකාලිකව එවැනි දේත් අපි කරනවා, ඒ අයට යම් කිසි ජීවන තත්වය නගා සිටුවන්න වෘත්තීය මට්ටමෙන් යමක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා
දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව සඳහන් කළේ පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව සංවිධානය කරන ලද වැඩසටහනකට ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
ශ්‍රි ලංකා ගැලවීමේ හමුදාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න විශාල කැප කිරීමක් කරලා තියෙනවා, ඔබ අපි කවුරුත් දන්නව අපේ දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රශ්නේ තමයි වකුගඩු රෝගී ප්‍රශ්නය. හඳුනා නොගත් වකුගඩු රෝගය සමග දහස් ගණන් ජීවිත බිල්ලට යනකොට මේ දරුවා මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වුණේ පිරිසුදු පානීය ජලය නොමැති කමයි. මේ ගැටලුවේදී ගැලවීමේ හමුදාව දිස්ත්‍රික්ක මා දන්නා තරමින් පානීය ජල ව්‍යාපෘතිය 25කට වඩා ක්‍රියාත්මක කරලා විසඳුම් ලබාදීලා තියෙනවා, වකුගඩු රෝගියකුට මාසෙකට දීමනාවක් දුන් නැතිනම් ඒ පවුල්ට ඒක විශාල වශයෙන් දැනෙනවා ඒ තරමටම මේ ප්‍රශ්නේ කිදා බැහැලා තියෙන්නේ,මේ ප්‍රශ්නවලදී ගැලවීමේ හමුදාව සිදුකරපු කටයුත්ත අපි අගය කළ යුතුයි,


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුවත් වලට දේශපාලන පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ නම හා පොටෝ නොදා රාජ්‍ය නිලධාරින් පමණක් ඈදන්නේ ඇයි?
වහාම පොලොන්නරුව දිසා ලේකම් තුමාගෙ වැඩ තහනම් කරන්න. ඔය වගේ කතාවක් කිව්වා කියල අර දොස්තර මහත්තයෙකුගෙ වැඩ තහනම් කෙරුවෙ. මෙහෙ එහෙමනෙ වැඩ සිදු වෙන්නෙ.
පොළොන්නරුවෙන් බිහිවූ බව කියන පැරකුම්බා කොළඹට වෙලා සුර සැප විදිනවා . ගමේ ජනතාව කුසගින්නෙ.
පොලොන්නරුව කියන්නේ ලංකාව නෙමෙයි .මීට රනිල්