යහපාලනය ගේනවා කිව්වාට ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නා හොරු නිසා යහ පාලනය ගේන්න බැරියැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගාල්ලේ දී කීවේය. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘මේ පක්ෂ දෙකෙන්ම පත්කරලා ඉන්න ඇමතිවරු සියයට 50ක් හොරු. එයාලගේ අල්මාරිවල ඇටකටු තියෙනවා. මේක මේ ප්‍රධාන පක්ෂ දෙකට ම විශාල ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවේ අපිත් කොටස්කාරයෝ. එක්සත් ජාතික පක්ෂය පහුගිය ජනාධිපතිවරණය තනියම කරානම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙන්නෙක් තුන්දෙනෙක් හිරේදාලා යහපාලනය ඇතිකරන්න බැහැ. අගමැතිතුමාත් ජනාධිපපත්තුමාත් හොරු නොවන බව අපි දන්නවා. නමුත් ඒ අය යටතේ ඉන්න අය හොරු“
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි මේ හොරු දඟලන්නේ උන් දන්නවා උන්ට මුකුත් නොවෙන බව ඔබ හෝ ජ, ව් පෙ එන්නම ඕන බලයට එදාට අපි ස්ථිරවම දන්නවා 48 න පස්සේ ඉඳල මහජන මුදල් හොර කපු වුන්ට ඒවා නෙවත දෙන්න වෙන බව (ස)
ඔක්කොම හොරු-මම සුදනා (අ)
කතාවනම් නියම නියම තිත්ත ඇත්ත.නොදියුණු රටක තියෙන නියම දේශපාලන ලක්ෂණ. (අ)
ඔයාට ෆීල්ඩ් මාර්ෂල් කම දීමත් අල්ලසක්. (බ)
ඔක්කොටම කලින් මෙයාගේ කටට ඉබ්බෙක් දාන්න ඕන.මෙයාගේ කතාව මෙයා නාවික හා ගුවන් හමුදාවල වැඩෙත් කළා මෙයා .බලයට කෑදරම චරිතයක්මෙයාට දේශපාලනේ ගැලපෙන්නේ නැහැ.අනෙක මෙයා මොනවා කීවත් යහපාලන කණ්ඩායමේ කෙනෙක්නෙ. (බ)
ආරක්ෂක කමිටුවට නොකියා මුහමලි ආරක්ෂක වළල්ලට පහර දුන්න විට 300කට අසන්න සොල්දාදුවන් මැරුණා. එයට ඔබ වගකියන්න ඕනේ. නාවික සහ ගුවන් හමුදාව මෙම සටනේදී කරපු මෙහෙය අගය කරන්න ඕනේ. ඔබට තනියම මෙහි පැසසුම් ගන්න බැහැ. (බ)
යහපාලනෙන් ලොකුම අල්ලස ලැබුනේ මෙයාට.යහපාලනෙට කඩේ ගියාට අඩු නැතුව ලෝබ නැතුව යහපාලනෙන් මෙයාට හොදට දීල දැම්ම අතින් පයින් යන්නැති දේවල් වලින්...පාලනේටනම් පැත්ත පළාතකට ළංකරගත්තේ නැහැ ..යහ පාලනේ දන්නවා සර්පයා සර්පයම තමයි කියල.. කට්ටිය ගානට ලෙඩේට අවශ්‍ය බේත තරු පහක් එක්ක දීල බඩ සුද්ද කරලා දැම්ම..තාම ලෙඩා දන්නේ නැහැ ලෙඩා මලා කියල..(බ)
කෙහල් කන් හොරු මාට්ටු (ස)
ඇති යන්තං හරි. දැන්ම තේරුණු එක හොඳයි. (ස)
මට නම් මේවා ඇත්ත වුණත් විශ්වාස කරන්න බැහැ. (නි)
ඒත් ඔබතුමාට බලය දෙනවාට වඩා ඒ දෙගොල්ලන්ට බලය දෙන එක රටේ ජනතාවගෙ ඇගට ගුණයි. (ස)
ඔන්න ඉතින් කිව්වා කතාවක්... (නි)
මම හිතුවේ දැන් ටිකක් දේශපාලනයේ මෝරලා තෙම්පරාදුවෙලා ඇති කියලා (නි)
කුරුවිට, ඔය දේ එස්.එෆ්. දැනගත්තේ ගොඩක් කලින්.ඔයා නොදන්නවා වුණාට (නි)
කාලෙන් කාලෙට මිනිස්සු හිතන පතන දේවල් වෙනස්වෙනවා නේ? (ස)
මැක්ස්, මම ඔබගේ අදහස පිළිගන්නවා. (නි)
හොරකම තක්කඩිකම මෙරටින් තුරන් කරනතුරු රට සංවර්ධනය කරනවා බොරු. නොදියුණු හැම රටකම දේශපාලනය කරන්නේ හොරු. දියුණු රටවල එය සෑහෙන අඩුයි. අනේ අපේ රටත් කවදා හොරුන්ගෙන් තොරවෙයිද? (නි)
දැන් ඔබතුමාට තියෙන්නේ නිවාඩු පාඩුවේ ඉන්න (නි)
පහුගිය කාගේ මුල ඉඳලා අගටම හොරකම නීතිගත කරලානේ කරගෙන ගියේ. මේක නැති කළයුතුමයි. හොරු ඇල්ලුවෙ නැහැ කියලා හොරුම හිනාවෙනවා. පුළුවන් නම් අල්ලන්න කියලා හොරුම අභියෝග කරනවා. (නි)
දේශපාලනයේ මෝරලා තෙම්පරාදු වුණ අය තමයි සද්ද නොකර හැමදේම කරන්නේ. (නි)
හැම හොරාම අල්ලලා කූඩු කරන්න ගියොත් අළුතින් හිරගෙවල් හදන්න වෙයි. ඒ තරමටම හොරකම සිද්ධවුණා පහුගිය කාලේ. ඒ නිසා ඉස්සරහටවත් හොරකම් කරන්න බැරිවෙන්න නීති තද කළා නම් හරි. (නි)
ඔබතුමා කියන දේ ඇත්ත තමයි (නි)
කල්ප කාලාන්කරයක් තිස්සෙ හොරකම තම අයිතිවාසිකමක් ලෙස සිතාගෙන සිටි රටක දවස් ගානෙන් හොරකම නැතිකළ නොහැකියි. නමුත් එය වැළැක්විමට ලහිලහියේ ක්‍රියාත්මක වියයුතුය. හාල්මැස්සො ඇල්ලිලි පැත්තක තියා කම්බා හොරෙක් දෙන්නෙක්, කුඩුකාරයෙක් අල්ලන්න. ජනතාවට ඒ හොඳටම ඇති. (නි)
රටක ජාතික ධනය හොරකම් කරන කිසිම කෙනෙකුට හරියන්නෙ නැහැ. ඒක වස් වදිනවා වගේ වෙනවා කවදම හරි. මොකද රටක ජාතික ධනය කියන්නෙ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ දෙයක් නොව සමස්ථ වැඩකරන ජනතාවගේම දාඩිය මහන්සිය ලේ කඳුලු එතන ඇති බැවිනි. (ර)
පහුවෙලා හිරි ඔබතුමාට ලැබිය යුතු සම්මාන සත්කාර ලැබිම ගැන අපිට සතුටුයි. (අ)
ඔබ තුමාට හොදක් වුණානේ
කටේ රත්තරන් දාන්න ඕනා (අ)
සුදු කොඩි කතාව කියලා රට පවා දීල ගත්තු අල්ලසත් අල්ලසක් ම තමයි. තමුන්ගේ ඔලුවේ මොනවදෝ පුරවාගෙන ඉස්සොත් අනුන්ගේ දේවල් ගැන කියන කතා වගේ කතා කරන්න එපා. (ස)
තේරුනේ දැන් තමා- වී පමා (අ)
රටක සම්පත් ජනතාව අතරේ යම් සාධාරණ ක්‍රියාපිලිවෙලක් අනුව බෙදි යායුතුයි. එසේ නොමැතිව එක් කොටසක් අතර මහා ධනස්කන්ධයක් ඒකරාශිවිම අතිභයානකයි. ජන අසහනය, හොරකම්, මැරකම්, අල්ලස් ගැනීම දූෂණ වැඩි වන්නෙ එවන් අවස්ථාවලයි. (ර)
අනේ අපිට ඉතින් කාගේ පිහිටක්ද? (ර)
ෆොන්සේකා මහත්තයෝ, ඔබ තුමා තමයි මේ කම්බා හොරුන්ට දඬුවම් ලබා දීමට සුදුසුම පුද්ගලයා. තව ඉදිරියට ඇවිත් මෛත්‍රිපාල මහත්මයට ශක්තියක් වන්න. (ස)
අඩු ගන්නේ එක ලොක්කෙක්වත් හිරේ යවන්න ඕන. ඊට පස්සේ ඔය හොරු අඩුවෙයි. (ස)
රෂිකා මෙයාගේ කටට ඉබ්බෙක්දාල හරියන්නේ නැහැ ගෙම්බෙක් දාන්න ඕනි (ම)