IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘මහ පක්ෂ දෙකේ හොරු නිසා යහපාලනය බෑ“

යහපාලනය ගේනවා කිව්වාට ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නා හොරු නිසා යහ පාලනය ගේන්න බැරියැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගාල්ලේ දී කීවේය. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘මේ පක්ෂ දෙකෙන්ම පත්කරලා ඉන්න ඇමතිවරු සියයට 50ක් හොරු. එයාලගේ අල්මාරිවල ඇටකටු තියෙනවා. මේක මේ ප්‍රධාන පක්ෂ දෙකට ම විශාල ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවේ අපිත් කොටස්කාරයෝ. එක්සත් ජාතික පක්ෂය පහුගිය ජනාධිපතිවරණය තනියම කරානම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙන්නෙක් තුන්දෙනෙක් හිරේදාලා යහපාලනය ඇතිකරන්න බැහැ. අගමැතිතුමාත් ජනාධිපපත්තුමාත් හොරු නොවන බව අපි දන්නවා. නමුත් ඒ අය යටතේ ඉන්න අය හොරු“



අදහස් (0)

‘‘මහ පක්ෂ දෙකේ හොරු නිසා යහපාලනය බෑ“

අතුල Tuesday, 21 April 2015 08:20 AM

ඔබ හරි මේ හොරු දඟලන්නේ උන් දන්නවා උන්ට මුකුත් නොවෙන බව ඔබ හෝ ජ, ව් පෙ එන්නම ඕන බලයට එදාට අපි ස්ථිරවම දන්නවා 48 න පස්සේ ඉඳල මහජන මුදල් හොර කපු වුන්ට ඒවා නෙවත දෙන්න වෙන බව (ස)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 08:31 AM

ඔක්කොම හොරු-මම සුදනා (අ)

:       0       0

ආනන්ද Tuesday, 21 April 2015 08:36 AM

කතාවනම් නියම නියම තිත්ත ඇත්ත.නොදියුණු රටක තියෙන නියම දේශපාලන ලක්ෂණ. (අ)

:       0       0

දයා Tuesday, 21 April 2015 08:42 AM

ඔයාට ෆීල්ඩ් මාර්ෂල් කම දීමත් අල්ලසක්. (බ)

:       0       0

රෂිකා Tuesday, 21 April 2015 09:15 AM

ඔක්කොටම කලින් මෙයාගේ කටට ඉබ්බෙක් දාන්න ඕන.මෙයාගේ කතාව මෙයා නාවික හා ගුවන් හමුදාවල වැඩෙත් කළා මෙයා .බලයට කෑදරම චරිතයක්මෙයාට දේශපාලනේ ගැලපෙන්නේ නැහැ.අනෙක මෙයා මොනවා කීවත් යහපාලන කණ්ඩායමේ කෙනෙක්නෙ. (බ)

:       0       0

සුදේශ් Tuesday, 21 April 2015 11:05 AM

ආරක්ෂක කමිටුවට නොකියා මුහමලි ආරක්ෂක වළල්ලට පහර දුන්න විට 300කට අසන්න සොල්දාදුවන් මැරුණා. එයට ඔබ වගකියන්න ඕනේ. නාවික සහ ගුවන් හමුදාව මෙම සටනේදී කරපු මෙහෙය අගය කරන්න ඕනේ. ඔබට තනියම මෙහි පැසසුම් ගන්න බැහැ. (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 April 2015 11:09 AM

යහපාලනෙන් ලොකුම අල්ලස ලැබුනේ මෙයාට.යහපාලනෙට කඩේ ගියාට අඩු නැතුව ලෝබ නැතුව යහපාලනෙන් මෙයාට හොදට දීල දැම්ම අතින් පයින් යන්නැති දේවල් වලින්...පාලනේටනම් පැත්ත පළාතකට ළංකරගත්තේ නැහැ ..යහ පාලනේ දන්නවා සර්පයා සර්පයම තමයි කියල.. කට්ටිය ගානට ලෙඩේට අවශ්‍ය බේත තරු පහක් එක්ක දීල බඩ සුද්ද කරලා දැම්ම..තාම ලෙඩා දන්නේ නැහැ ලෙඩා මලා කියල..(බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 21 April 2015 11:20 AM

කෙහල් කන් හොරු මාට්ටු (ස)

:       0       0

කුරුවිට Tuesday, 21 April 2015 06:17 AM

ඇති යන්තං හරි. දැන්ම තේරුණු එක හොඳයි. (ස)

:       0       0

ඇසළ Tuesday, 21 April 2015 06:22 AM

මට නම් මේවා ඇත්ත වුණත් විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

මැක්ස් Tuesday, 21 April 2015 06:25 AM

ඒත් ඔබතුමාට බලය දෙනවාට වඩා ඒ දෙගොල්ලන්ට බලය දෙන එක රටේ ජනතාවගෙ ඇගට ගුණයි. (ස)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 21 April 2015 06:36 AM

ඔන්න ඉතින් කිව්වා කතාවක්... (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 April 2015 06:37 AM

මම හිතුවේ දැන් ටිකක් දේශපාලනයේ මෝරලා තෙම්පරාදුවෙලා ඇති කියලා (නි)

:       0       0

බීටා Tuesday, 21 April 2015 06:48 AM

කුරුවිට, ඔය දේ එස්.එෆ්. දැනගත්තේ ගොඩක් කලින්.ඔයා නොදන්නවා වුණාට (නි)

:       0       0

සුනිල් Tuesday, 21 April 2015 06:52 AM

කාලෙන් කාලෙට මිනිස්සු හිතන පතන දේවල් වෙනස්වෙනවා නේ? (ස)

:       0       0

සෑම් Tuesday, 21 April 2015 07:04 AM

මැක්ස්, මම ඔබගේ අදහස පිළිගන්නවා. (නි)

:       0       0

කෙවින් Tuesday, 21 April 2015 07:10 AM

හොරකම තක්කඩිකම මෙරටින් තුරන් කරනතුරු රට සංවර්ධනය කරනවා බොරු. නොදියුණු හැම රටකම දේශපාලනය කරන්නේ හොරු. දියුණු රටවල එය සෑහෙන අඩුයි. අනේ අපේ රටත් කවදා හොරුන්ගෙන් තොරවෙයිද? (නි)

:       0       0

කවි Tuesday, 21 April 2015 07:11 AM

දැන් ඔබතුමාට තියෙන්නේ නිවාඩු පාඩුවේ ඉන්න (නි)

:       0       0

කරුණාදාස Tuesday, 21 April 2015 07:12 AM

පහුගිය කාගේ මුල ඉඳලා අගටම හොරකම නීතිගත කරලානේ කරගෙන ගියේ. මේක නැති කළයුතුමයි. හොරු ඇල්ලුවෙ නැහැ කියලා හොරුම හිනාවෙනවා. පුළුවන් නම් අල්ලන්න කියලා හොරුම අභියෝග කරනවා. (නි)

:       0       0

සුමේධ Tuesday, 21 April 2015 07:13 AM

දේශපාලනයේ මෝරලා තෙම්පරාදු වුණ අය තමයි සද්ද නොකර හැමදේම කරන්නේ. (නි)

:       0       0

ලසිත Tuesday, 21 April 2015 07:15 AM

හැම හොරාම අල්ලලා කූඩු කරන්න ගියොත් අළුතින් හිරගෙවල් හදන්න වෙයි. ඒ තරමටම හොරකම සිද්ධවුණා පහුගිය කාලේ. ඒ නිසා ඉස්සරහටවත් හොරකම් කරන්න බැරිවෙන්න නීති තද කළා නම් හරි. (නි)

:       0       0

තරංග Tuesday, 21 April 2015 07:16 AM

ඔබතුමා කියන දේ ඇත්ත තමයි (නි)

:       0       0

සේකර Tuesday, 21 April 2015 07:18 AM

කල්ප කාලාන්කරයක් තිස්ස‍ෙ හොරකම තම අයිතිවාසිකමක් ලෙස සිතාගෙන සිටි රටක දවස් ගානෙන් හොරකම නැතිකළ නොහැකියි. නමුත් එය වැළැක්විමට ලහිලහියේ ක්‍රියාත්මක වියයුතුය. හාල්මැස්සො ඇල්ලිලි පැත්තක තියා කම්බා හොරෙක් දෙන්නෙක්, කුඩුකාරයෙක් අල්ලන්න. ජනතාවට ඒ හොඳටම ඇති. (නි)

:       0       0

කරූ Tuesday, 21 April 2015 07:27 AM

රටක ජාතික ධනය හොරකම් කරන කිසිම කෙනෙකුට හරියන්නෙ නැහැ. ඒක වස් වදිනවා වගේ වෙනවා කවදම හරි. මොකද රටක ජාතික ධනය කියන්නෙ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ දෙයක් නොව සමස්ථ වැඩකරන ජනතාවගේම දාඩිය මහන්සිය ලේ කඳුලු එතන ඇති බැවිනි. (ර)

:       0       0

දිල්හානි Tuesday, 21 April 2015 07:28 AM

පහුවෙලා හිරි ඔබතුමාට ලැබිය යුතු සම්මාන සත්කාර ලැබිම ගැන අපිට සතුටුයි. (අ)

:       0       0

සරත් Tuesday, 21 April 2015 07:29 AM

ඔබ තුමාට හොදක් වුණානේ

:       0       0

කුමාර් Tuesday, 21 April 2015 07:30 AM

කටේ රත්තරන් දාන්න ඕනා (අ)

:       0       0

සුමුදු හේවා Wednesday, 22 April 2015 06:05 AM

සුදු කොඩි කතාව කියලා රට පවා දීල ගත්තු අල්ලසත් අල්ලසක් ම තමයි. තමුන්ගේ ඔලුවේ මොනවදෝ පුරවාගෙන ඉස්සොත් අනුන්ගේ දේවල් ගැන කියන කතා වගේ කතා කරන්න එපා. (ස)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 07:30 AM

තේරුනේ දැන් තමා- වී පමා (අ)

:       0       0

නිර්මලා Tuesday, 21 April 2015 07:31 AM

රටක සම්පත් ජනතාව අතරේ යම් සාධාරණ ක්‍රියාපිලිවෙලක් අනුව බෙදි යායුතුයි. එසේ නොමැතිව එක් කොටසක් අතර මහා ධනස්කන්ධයක් ඒකරාශිවිම අතිභයානකයි. ජන අසහනය, හොරකම්, මැරකම්, අල්ලස් ගැනීම දූෂණ වැඩි වන්නෙ එවන් අවස්ථාවලයි. (ර)

:       0       0

සුනිල් Tuesday, 21 April 2015 07:32 AM

අනේ අපිට ඉතින් කාගේ පිහිටක්ද? (ර)

:       0       0

නදිනි රණවීර Tuesday, 21 April 2015 07:33 AM

ෆොන්සේකා මහත්තයෝ, ඔබ තුමා තමයි මේ කම්බා හොරුන්ට දඬුවම් ලබා දීමට සුදුසුම පුද්ගලයා. තව ඉදිරියට ඇවිත් මෛත්‍රිපාල මහත්මයට ශක්තියක් වන්න. (ස)

:       0       0

ජෝන් Tuesday, 21 April 2015 07:40 AM

අඩු ගන්නේ එක ලොක්කෙක්වත් හිරේ යවන්න ඕන. ඊට පස්සේ ඔය හොරු අඩුවෙයි. (ස)

:       0       0

කුරුවිට Thursday, 23 April 2015 09:29 AM

රෂිකා මෙයාගේ කටට ඉබ්බෙක්දාල හරියන්නේ නැහැ ගෙම්බෙක් දාන්න ඕනි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site