නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම ලබන ජනවාරි 18 වැනිදා කොළඹ විසුම්පායේ දී ආරම්භ කරන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිවේදී ලාල් විජේනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඉතිරි දිස්ත්‍රීක්කවල මහජන අදහස් විමසීම පෙබරවාරි මාසයේ ආරම්භ කරන බවත් අදාළ කමිටුව සඳහා මේ වන විට සාමාජිකයන් විසිදෙනෙකු පත්කර ඇති බවත් ඔහු කීවේය.
අප්‍රේල් මාසය වන විට මහජන අදහස් විමසා ඒ සම්බන්ධ වාර්තාවක් රජයට ලබා දීමට නියමිත බවද විජේනායක මහතා සඳහන් කළේය '


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටු සභාපති තුමනි.ඔබතුමා විවාහක නම් ඔබතුමාගේ දරුවාට ඔබතුමාගේ වාසගම තිබ්බේ තමන්ගේ බව නැතිනම් තමන්ගේ වරිගය රැක ගැනීමට නේද,? වාසගමක් නොතබා සිටියේ නැහැ නේද.? එනිසා සිංහලයාට ඇති එකම මව්බිම මේ රට යි සිතා. ඔබේ වාසගමින් අනාගතයේදී බිහිවෙන සිංහලයන්ගේ අයිතිය රැකෙන පරිදි ,කාටත් සාමයෙන් ජිවත් වියහැකි රටක් නිර්මාණය වෙන ව්‍යවස්ථාවක් සැදීමට උත්සුක වන්න. මේ බල පෙරේත දේශපාලනය නිසා අසිංහල ජාතිවාදීන් සිංහලයාට අද පහර දෙන්නෙන්නේ ඔවුන්ගේ ජනගහනය වැඩිකිරීමෙන් සහ සිංහල ව්‍යාපාර,ඉඩ කඩම් මිලදී ගැනීමෙනි. (බ)
සාමාජිකයෝ 24 දෙනෙක් මේ කමිටුවට??????????? (කෞ)
ජේ.ආර්. කියයන්නේ ඉතා බුද්ධිමත් ඉදිරි දැක්මක් ඇති නායකයෙක්. ඒ නිසා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න එපා (නි)
දැන් එතකොට මහජන අදහස් සියල්ලම සළකා බලනවද? (නි)
කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාවෙන්ම 30කට සීමා කරන්න. අමාත්‍යංශ 30ත් ඒ සමගම නිර්ණය කරන්න. එසේ කළවිට ඇමතිකම් අල්ලස් වශයෙන් දීම සඳහා අමාත්‍යාංශ නිර්මාණය කිරීමට ඉඩ ඇහිරේ. ජනතාව මැතිවරණවලින් පරදවන විහිලුකාරයන් නැවත පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ගෙනෙන්නට භාවිතා කරන ජාතික ලැයිස්තුව අහෝසි කරන්න. ආසනයක් හිස්වූ විට ලැයිස්තුවේ ඊළඟ කෙනා නම් කරනු වෙනුවට පැරණි අතුරු මැතිවරණ ක්‍රමයට යන්න. (ර)
විද්‍යුත් තැපැලෙනුත් අවස්ථාවක් දෙන්න (කෞ)