IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහ නගර සැලසුම් එළි දක්වයි

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මහ නගර සංවර්ධන ව්‍යාපෘතියේ සැලැස්ම එළි දැක්වීමේ ජාතික උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

එහිදී මහ නගර සංවර්ධන ව්‍යාපෘතියේ සභාපති අජිත් කොස්තා මහතා නගර සැලසුම් ව්‍යාපෘති වාර්තාව ජනපතිට හා අගමැතිට පිළිගැන්වීය.

town_2016129SC0087 town_2016129SC0087-2 town_2016129SC0087-3 town_2016129SC0087-4

 

 



අදහස් (0)

මහ නගර සැලසුම් එළි දක්වයි

සමන්ත Friday, 29 January 2016 12:18 PM

චම්පික රණවක වෙත බාරදුන් හැමදෙයක්ම නොඅඩුව ඉටු කිරීමට සමත් කෙනෙක්. මේ අපි බලාපොරොත්තු වූ එක දෙයක්. අපේ සතුට සමග සුබ පැතුම් පිරි නමමු.(හේ)

:       0       0

රන්දික Friday, 29 January 2016 01:13 PM

බොහෝ හොඳ සැලස්මක්.(හේ)

:       0       0

රසික Friday, 29 January 2016 02:50 PM

මේ අයගෙ සම්පූර්ණ සැලසුමනම් මම දැක්කෙ නෑ තවම. ඒත්, ඒක කොළඹ නගර සංවර්ධන වැඩසටහනක් පමණක් නොව, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල නගර කිහිපයකුත්, නුවර ගාල්ල යාපනය ආදී රටේ ප්‍රධාන නගර ඇතුලත් වෙන වැඩසටහනක් බව පවසා තිබුණා. ඒත්, ඒ කිසිවක් පිළිබඳ අවධානය යොමු නොකර කොළඹට කිරි ගමට කැකිරි කතා කියන අය ගෝඨාභය මහත්තයා කොළඹ සංවර්ධන වැඩසටහන කරද්දි ඒ විදියට නොකිව්වෙ ඇයි. හොඳ වැඩක් කරද්දි චම්පිකද කරවන්නෙ, ගෝඨාභයද කරවන්නෙ කියන එක වැදගත් නෑ. වැරදි ඇත්නම් විවේචනය කරමු, හොඳ අගයකරමු. (බ)

:       0       0

මහින්ද සෞදි Friday, 29 January 2016 02:56 PM

බුදු අම්මෝ මේ කොළඹද ? බලන්න තියන සිරියාව, කොළපාටට ගහකොළ ,වෝක්ස් වැගන් හැම කෙනා ළඟම,පුදුම වෙනසක්,කාටද ආඩම්බර. (බ)

:       0       0

ඉමේෂ් Friday, 29 January 2016 09:04 AM

අනේ අම්මේ.. ගහක් පල කරලා. ඔය මහා නගරේ හැදුවේ නැතත් කමක් නැහැ. ඔය ගහ හිටවපු එක නම් ලොකුම දෙයක්. තියෙන ගස් කපන වෙලාවේ ඕක ලොකු දෙයක්. (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 29 January 2016 09:26 AM

නගර සැලසුම් කිරීම කලයුත්තේ ආර්ථික, වාස්තු සහ කළමනාකරණ විද්වතුන් සැකසු ජාතික ප්‍රතිපත්තියකට අනුකුලව මිසක් දකින දකින තාප්ප කමින් සහ පාර දෙපැත්තේ ටයිල් අල්ලමින් නොවේ.(කෞ)

:       0       0

අනිල් රෝහණ Friday, 29 January 2016 09:27 AM

ඔයකියන නගර සැලසුමට බ්ලුමැන්ඩල් කුනුකන්ද ඉවත්කිරීමගැන සදහනක්වත් නැද්ද ? (කෞ)

:       0       0

දසුන් Friday, 29 January 2016 09:33 AM

කොළඹට කිරි ගමට කැකිරි...(ම)

:       0       0

ප්‍රසන්න Friday, 29 January 2016 09:52 AM

මිලානෝ මහතාව ගමු මේකේ උපදේශක තනතුරට! (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 January 2016 11:09 AM

කොයි දේ දිහා වුණත් වපරේට බලන්න එපා , මහින්ද කළත් රනිල් කළත් මෛත්‍රී කළත් කරන්නේ අපේ රට වෙනුවෙන් , යහපත් දේ යහපත් විදියට දකිමු (බ)

:       0       0

ෂෙහාන් අමරසිංහ Friday, 29 January 2016 11:10 AM

දැන් අවුරුද්දක් තිස්සෙම සැලසුම් හදනවා. (බ)

:       0       0

ප්‍රසාන්ත Friday, 29 January 2016 11:14 AM

මම අද උදේ 11 නොදැන එම පාරෙන් ආවෙමි, කිසිම ප්‍රශ්නයක් නැතිව මාහට සිතුණේ පෙර කාලේ මෙහෙම උත්සවයක් තිබුනේ නම් අපිට ජනතාව හැටියට කොපමණ වදයක් ද. (බ)

:       0       0

ලලිත් Friday, 29 January 2016 11:21 AM

හැමදාමත් අපට වෙන්නේ ඔළු බක්කෝ බල බල ඉන්නද? කෝ වාර්තාව. මෙයාලගේ මුණු බැලුවට වාර්තාව ගැන කඳුලක් වත් දැනගන්න නැහැනේ? කොලේ වහල ඔලු බක්කෝ පෙන්නලා රවට්ටන්නද යන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site