මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මහ නගර සංවර්ධන ව්‍යාපෘතියේ සැලැස්ම එළි දැක්වීමේ ජාතික උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.
එහිදී මහ නගර සංවර්ධන ව්‍යාපෘතියේ සභාපති අජිත් කොස්තා මහතා නගර සැලසුම් ව්‍යාපෘති වාර්තාව ජනපතිට හා අගමැතිට පිළිගැන්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික රණවක වෙත බාරදුන් හැමදෙයක්ම නොඅඩුව ඉටු කිරීමට සමත් කෙනෙක්. මේ අපි බලාපොරොත්තු වූ එක දෙයක්. අපේ සතුට සමග සුබ පැතුම් පිරි නමමු.(හේ)
බොහෝ හොඳ සැලස්මක්.(හේ)
මේ අයගෙ සම්පූර්ණ සැලසුමනම් මම දැක්කෙ නෑ තවම. ඒත්, ඒක කොළඹ නගර සංවර්ධන වැඩසටහනක් පමණක් නොව, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල නගර කිහිපයකුත්, නුවර ගාල්ල යාපනය ආදී රටේ ප්‍රධාන නගර ඇතුලත් වෙන වැඩසටහනක් බව පවසා තිබුණා. ඒත්, ඒ කිසිවක් පිළිබඳ අවධානය යොමු නොකර කොළඹට කිරි ගමට කැකිරි කතා කියන අය ගෝඨාභය මහත්තයා කොළඹ සංවර්ධන වැඩසටහන කරද්දි ඒ විදියට නොකිව්වෙ ඇයි. හොඳ වැඩක් කරද්දි චම්පිකද කරවන්නෙ, ගෝඨාභයද කරවන්නෙ කියන එක වැදගත් නෑ. වැරදි ඇත්නම් විවේචනය කරමු, හොඳ අගයකරමු. (බ)
බුදු අම්මෝ මේ කොළඹද ? බලන්න තියන සිරියාව, කොළපාටට ගහකොළ ,වෝක්ස් වැගන් හැම කෙනා ළඟම,පුදුම වෙනසක්,කාටද ආඩම්බර. (බ)
අනේ අම්මේ.. ගහක් පල කරලා. ඔය මහා නගරේ හැදුවේ නැතත් කමක් නැහැ. ඔය ගහ හිටවපු එක නම් ලොකුම දෙයක්. තියෙන ගස් කපන වෙලාවේ ඕක ලොකු දෙයක්. (බ)
නගර සැලසුම් කිරීම කලයුත්තේ ආර්ථික, වාස්තු සහ කළමනාකරණ විද්වතුන් සැකසු ජාතික ප්‍රතිපත්තියකට අනුකුලව මිසක් දකින දකින තාප්ප කමින් සහ පාර දෙපැත්තේ ටයිල් අල්ලමින් නොවේ.(කෞ)
ඔයකියන නගර සැලසුමට බ්ලුමැන්ඩල් කුනුකන්ද ඉවත්කිරීමගැන සදහනක්වත් නැද්ද ? (කෞ)
කොළඹට කිරි ගමට කැකිරි...(ම)
මිලානෝ මහතාව ගමු මේකේ උපදේශක තනතුරට! (බ)
කොයි දේ දිහා වුණත් වපරේට බලන්න එපා , මහින්ද කළත් රනිල් කළත් මෛත්‍රී කළත් කරන්නේ අපේ රට වෙනුවෙන් , යහපත් දේ යහපත් විදියට දකිමු (බ)
දැන් අවුරුද්දක් තිස්සෙම සැලසුම් හදනවා. (බ)
මම අද උදේ 11 නොදැන එම පාරෙන් ආවෙමි, කිසිම ප්‍රශ්නයක් නැතිව මාහට සිතුණේ පෙර කාලේ මෙහෙම උත්සවයක් තිබුනේ නම් අපිට ජනතාව හැටියට කොපමණ වදයක් ද. (බ)
හැමදාමත් අපට වෙන්නේ ඔළු බක්කෝ බල බල ඉන්නද? කෝ වාර්තාව. මෙයාලගේ මුණු බැලුවට වාර්තාව ගැන කඳුලක් වත් දැනගන්න නැහැනේ? කොලේ වහල ඔලු බක්කෝ පෙන්නලා රවට්ටන්නද යන්නේ? (බ)