අපවත්වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් සමරා පුරා සතියක කාලයක් ආගමික කටයුතු පැවැත්වීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධයස්ථාන කටයුතු සංවිධානය කැර ඇත. විහාරාධිපති දරණාගම කුසධම්ම හිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් මත පසුගිය සෙනසුරාදා උඩුගම බුද්ධරක්ඛිත හිමියන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් ද පැවැත්විණි ඒ සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන අධිකරණ සංඝනායක බෝගොඩ සීලවිමල හිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්තානාධිපති හිමි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මහියංගනයේ ධම්මකුසල හිමියන් ඇතුළු ලන්ඩන් විහාරස්ථාන රැසක හිමිවරුද සහභාගී වූහ. ලන්ඩනයේ වැඩ බලන මහකොමසාරිස්තුමා ඇතුළු එරට වෙසෙන ලාංකිකයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. හෙට (13) සවස ධර්ම දේශනයක් පවත්වා 14 වැනි අඟහරුවාදා සාංගික දානයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්ගිරි මහා නායක හිමියන්ට නිවන් සුව පතමි. එම පින්කමට පැමිණි ලන්ඩනය බබළවන විශිෂ්ට රාජතාන්ත්‍රිකයෙකු වන වැඩ බලන මහා කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා දැකීමත් සතුටකි. (නි)