යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අම්බලන්ගොඩ නගරයේදී කාන්තාවකගේ රුපියල් දහ අට ලක්ෂ 60 දහසක මුදලක් පැහැරගෙන පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇය පෞද්ගලික බැංකුවකින් මුදල් රැගෙන වෙනත් බැංකුවක තැන්පත් කිරීමට යද්දී යතුරු පැදියකින් ආ දෙදෙනකු පිහියක් පෙන්වා මුදල් පැහැරගෙන ගොස් ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ චිකාගෝව අම්බලන්ගොඩ (හේ)
අපේ රටේ හොරුන්ට දඬුවම් මදිවීම මේවාට ප්‍රධාන හේතුවක් වී ඇත. (නි)
ගඟෙන් එහා හැමෝම එකයි කියලා හිතෙනවා මහේෂ් මේවා පෙනෙනකොට (නි)
එ්ක තමා කියන්නේ ෂරියා නීතිය ගෙන්න කියල .හොරුනේ කෑගහන්නේ එපා කියල (බ)
ජයරත්නගේ කතාව සම්පුර්ණ ඇත්ත. මේ දේවල් වෙන්නේ මහජනයාගේ නොදැනුවත්කම නිසා. (බ)
එක් බැංකුවකින් මුදල් රැගෙන තවත් බැංකුවක තැන්පත් කිරීමට යාමේදී අවදානම්සහගත ලෙස මුදල් අතේ රැගෙන නොගොස් ඒ සඳහා චෙක්පතක් හෝ පේ ඕඩරයක් භාවිතා කළහැකියී නේද? මේ පිළිබඳව තම ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම බැංකු නිලධාරීන්ගේද යුතුකමක්. (නි)
මෙය මේ වනවිට අම්බලන්ගොඩ මේ සිදුවූ හතරවන හොරකමයි. හොරකම් කිරීම අද වැනි සමාජ පරිහානියක් සිදුවන කාලයේ නොකරන කෙනෙක් සොයාගැනීමට නොහැකි තරම්ය. හොරකමේ අඩු වැඩිකම අනෙකකි. (නි)
සමහරවිට නෑදෑයෝ වෙන්න පුළුවන් (බ)
අම්බලන්ගොඩ දැන් කාලෙක ඉඳලා අපරාධ වෙනවා වැඩියි. පාතාලය ඒ පැත්තෙ ශක්තිමත් වගේම පොලීසිය දුර්වලයි. (නි)
මේ සල්ලි ගැන සහ බැංකුවට යාම ගැන කිවුවේ කාටද? ඒ ගැන දන්නේ කවුද කියලා සොයා බලන්න. මේක තමන්ගේ ගෙදර උදවියවත් විශ්වාස කරන්න බැරි කාලයක්. නංගිව යාලුවෙකුගේ ගෙදර හංගලා කප්පම්කරුවෙකු වගේ රඟපාලා අම්මලාගෙන් සල්ලි ගන්න බලන පුතාලා ඉන්න රටක් මේක. (නි)
නියමිත ආරක්ෂාව සපයන්න බැරිවෙලා තියෙන්නේ මගේ හිතේ පොලිසියේ පුරප්පාඩු නිසා වෙන්න ඇති. පොලිසියේ පුරප්පාඩු පිරවිමටනම් එම වැටුප් වීයුහය වෙනස් විය යුතුයි.(රේ)
මේ මහ දවල් බය නැතුව මෙහෙම කරනවා කියන්නේ...? (ර)