වසර 67 ක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයන්ට රටේ ඇති අර්බුදවලටට විසඳුම් සෙවීමට නොහැකි වීමෙන් විකල්ප බලවේගයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය බලය ලබාදීමේ වැදගත්කම ජනතාවට පැහැදිලි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දී අද (22) පෙරවරුවේදී ප‍්‍රකාශ කළේය.
පක්ෂයක් අතින් සිදුනොවිය යුතු දේවල් ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදුවීම පිළිබඳව තම පක්ෂය කම්පා වන බවත්, මින් ඉදිරියට ජනතා විමුක්ති පෙරමුණ අවි බලයක් නොමැතිව අදහස් හරහා වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ සඳහන් කළේ ”හෘදසාක්ෂියේ සම්මුතිය” නමින් ඉදිරි මැතිවරණය සඳහා වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙල එළිදැක්වීම හා එහි විශේෂ සමුළුව කොළඹ පිහිටි සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී අද (22) පෙරවරුවේ පැවැති අවස්ථාවට සහභාගි වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ මූලික කරුණු පහකින් සමන්විතය. එහිදී ”ජනතාවාදී පාලනයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ රාජ්‍ය ව්‍යුහය, මූලික අයිතීන්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, විදේශ ප‍්‍රතිපත්තිය යන අනුකරුණුත්, ”උසස් මානව සම්පතක්” යන ප‍්‍රධාන කරුණ යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය, ආහාර, පෝෂණය හා සනීපාරක්ෂාව, ක‍්‍රීඩා හා ශරීර සුවතාව, විද්‍යා හා තාක්ෂණ යන අනුකරුණුත්, ”නවීකරණය හා කාර්මීකරණය වූ රටක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආර්ථික ක්ෂේත‍්‍රය, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ධීවර හා ජලජ කර්මාන්තය, වැවිලි කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඉඩම්, ජල කළමනාකරණය හා වාරිමාර්ග, දේශීය හා විදේශීය වෙළදාම, මූල්‍ය ක්ෂේත‍්‍රය, බලශක්තිය, ප‍්‍රවාහනය හා මහාමාර්ග, නිවාස, පරිසරය, රැකියා, විදේශගත ශ්‍රී ලාංකිකයන්, ග‍්‍රාමීය සංවර්ධනය යන අනු කරුණුත්, ”සාධාරණ සමාජයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආණ්ඩුවේ කාර්යභාරය නමින් මූලික මිනිස් අයිතීන්, අධිකරණය, අපරාධ හා බන්ධනාගාර, කාන්තා හා ළමා අයිතිවාසිකම්, වැඩිහිටි, ආබාධිත සහ වෙනස් වූ හැකියාවන් සහිත පුරවැසියන්, සමාජ සුබසාධනය, නාස්තිය, දුෂණය සහ වංචා වැළැක්වීම යන කරුණු සහ පෞද්ගලික සමාගම්වල හා ආයතනවල කාර්යභාරය, පවුල සහ පුද්ගල කාර්යභාරය යන අනුකරුණු සහ ”නිවහල් මිනිසෙක්” යන ප‍්‍රධාන කරුණ යටතේ කලාව සහ අනෙක් ක්ෂේත්‍ර රාජ්‍ය බලපෑමෙන් නිදහස් කිරීම පිළිබඳ කරුණු ඇතුළත් වේ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට අයිසින් කල ලස්සන කේක් ගෙඩියක් වගේ.. කන්න කැපුවම මැද රිජි ෆෝම්. අපි නොදන්නා ජේ වී පි ෂෝ.(ර)
පිවිතුරු යහපාලවගේ වයසක අයට මේ අලුත් ක්‍රම ඇලජික්. (බ)
නිදහස් අධ්‍යාපනය, නොමිලේ සුව සේවා, රටෙන් 1/5 ක් වනාන්තර ඉතිරිවීම... ලෝකයේ අනිත් රටවලට නැති ගොඩක් ඒවා පක්ෂ දෙකෙන්ම කළා. (නි)
ජයවේවා! අලුත් ක්‍රමවේදයක් සමඟ නව පාලනයක් අත්හදා බැලීම අද යුගයේ අවශ්‍යතාවයකි. විශේෂයෙන් තරුණ පරපුරේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනිසිටීම ගැන සතුටු වියයුතුය. (අ)
අශීක්කිත දේශපාලන ක්‍රමය අතුගා දමා,නවමාවතකට ගමන් කරන්න වෙරදරන ජනතා විමුක්ති පෙරමුණවටා එක්වෙමු.ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා..! (අ)