ලබන මහ මැතිවරණයේ දී තමා අනිවාර්යයෙන්ම තරඟ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.
ලබන මහ මැතිවරණයේ දී තමා අනිවාර්යයෙන්ම තරඟ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුසනෝ, කටින්ද කතා කරන්නේ? (නි)
රටට විශාල සේවයක් කළ මහත්තයෙක්. නමුත් දේශපාලනයට සුදුසු නැත. (නි)
ලුසේනා, ඔහේ දන්නවද ෆොන්සේකා මහත්තයා යුද්ධයේදී කළ ඒ උතුම් මෙහෙය? (නි)
බන්දුල පෙරේරා, අපිට කියන්න එන්න එපා ඕවා (නි)
අපිත් කාලයක් මෙයාව විරුවෙක් හැටියට සැලකුව..ඒත් තමන්ට රටට යුද ජයග්‍රහණයට අවමන් කළ සමච්චල් කළ පාර්ශවයන් සමග එක් වී යුද ජයග්‍රහණයට හොර ඔප්පු හදන්න ගිය දවසේ ඉදල අපිටනම් මෙයා තවත් එක දේශපාලකයෙක් පමණයි..සුදු කොඩි කතාවෙන් පස්සේ බලය වෙනුවෙන් උපන් මවු බිම සමග අම්ම තාත්ත වුවත් පාවා දෙන තවත් එක දේශද්‍රෝහී දේශපාලන චරිතයක් පමණයි..දේශපාලන කඩේ යාම වෙනුවෙන් ලබා ගත් මේ තරු පටි නම්බු නාම දැක්කම අපිට පෙන්නේ අයිසින් කළ රිජිෆෝම් කේක් එකක්....මෙලෝ වැඩකට නැති ප්‍රදර්ශනෙන් පස්සේ කුණු කුඩේට දාන..(බ)
බලය කේන්ද්‍රගතවීම වැළකීම බොහොම හොඳයි. (නි)
ෆොන්සේකා මහත්තයාගේ නම ඇහෙනකොට සමහරුන්ට ඉබේටම රැවෙනවා.ගෙරවෙනවා... (නි)
මොහු අභීත රණවිරුවෙක්.ඒ ගැන තර්කයක් නැත.එහෙත් මොහු සිවිල් සමාජයට නායකකත්වය දීම සුදුසුදැයි දෙවරක් සිතාබැලිය යුතුය (නි)
මට නම් හිතෙන්නේ ඔහුගේ හැසිරීම සහ කතා විලාශය ප්‍රජාතන්ත්‍රවාදී රටකට ජනතාවට හිතකර නොවන බවයි. (නි)
මගේ ඡන්දය දැන්ම දුන්නා.ජය වේවා! (නි)
යුද්ධය අවසාන කිරීම සඳහා මෙතුමාගේ දායකත්වය ඉතාම ඉහළින් අගය කරන අතර, මෙතුමා දේශපාලනයට කොහෙත්ම සුදුසු නැති බව මගේ හැඟීමයි. (නි)
මට නම් ඔහු ගැන දුකයි. රට බේරාගත්තට ඒකේ නම්බුව ලැබුණෙත් නැහැ. හිරබතුත් කෑවා.තමුන්ට අයිති කීර්තිය වෙන කෙනෙක් පැහැරගන්නකොට ඒක රැකගන්නත් පුළුවන්කමක් තිබෙන්න ඕනෑ. (නි)
සත්‍යපාල, ප්‍රකාශ්, පිවිතුරු යහපාල යථාර්තය අවබෝදයෙන් කොමෙන්ට් දමා තිබීම හොඳයි. සමහර අය ඉතා අන්ද භක්තිකයන් වගේ.(නදී)
මෙතුමා කෙළින් වැඩ කරන, කිව්වොත් කියන දේ කරන නායකයෙක්. මෙතුමා නායකත්වයට ආවොත් දුෂණය පගාව සම්පුර්ණයෙන්ම නැතිකරාවී. හැබැයි මේ ක්‍රමය වසර ගණනාවක් වෙනත් ක්‍රමයකට හැඩගැහුණු අපේ වගේ රටකට ගැළපෙන්නේ නැහැ.මේ රටේ කීයක්හරි මිටමොලවලා වැඩක් කරගෙන දියුණුවෙන, දියුණු වූ මිනිස්සු ඉන්න රටක්. ඒ නිසා දේශපාලනයට නොගැළපෙන බව මගෙත් අදහසයි. (නි)
අරුණත් සමඟ එකඟ වෙනවා. දේශපාලනයට අවශ්‍ය කපටිකම, මුඛරිකම, මෙතුමා ළඟ නැහැ. දේශපාලනයේදී තමුන්ගේ දක්ෂතාවය මාර්කට් කරන්න වගේම , අනුන්ට අයිති කීර්තිය තමුන්ට හරවා ගැනීමට තරම් මුඛරිකමත් ,කථිකත්වයත් අවශ්‍යයි. මෙතුමා ජනාධිපති වෙලා ලංකාව සංවර්ධිත රටක් කළා කියමුකෝ. වෙන කෙනෙක් ඒකට ලකුණු දාගනී .ඒ හින්දා මමත් හිතනවා මෙතුමා දේශපාලනයට ගැළපෙන චරිතයක් නෙමෙයි කියලා. (නි)
ජාතික විරුවාණෙනි, ඔබට අප ගරු කරන්නෙමු. නමුත් දේශපාලනය ඔබට සුදුසු නොවේ. (නි)
හොඳ හොඳ දේවල් අපිට බලාගන්න වෙන කාලය ළඟයි වගේ (නි)
ලංකාව දුෂණයෙන් තොර මනුස්සකමින් පිරුන ශිෂ්ටසම්පන්න මිනිසුන් සිටින රටක් කිරීම කවුරුන් හෝ කුමන තත්වයක් යටතේ හෝ ආරම්භ කළයුතුව ඈත. එම නිසා සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පැමිණීම අනිවාර්ය කරුණක් වන්නේය (නි)
ජය වේවා! (නි)
අපිත් කාලයක් එතුමාව විරුවෙක් හැටියට සැළකුවා.ඒත් පසුව එතුමා තවත් එක දේශපාලකයෙක් පමණක් වන තත්ත්වයට පත්වුණා. (නි)
සමහරු කිසිම දෙයකින් තෘප්තිමත් වෙන අය නොවෙයි. (නි)
අපේ රටේ ජනාතවට මේ වෙනසත් අත් විදීමට ලැබේව කියා මම ප්‍රර්ථනා කරනවා. (නදී)
මොහු අභීත රණවිරුවෙක්. ඒකේ තර්කයක් නැත. එහෙත් මොහු සිවිල් සමාජයට නායකකත්වය දීම සුදුසුදැයි දෙවරක් සිතාබැලිය යුතුයි. කට හොඳ විය යුතුයි (නදී)
දේශපාලනයේදී රනිල් ගේ මොලේට ගහන්න දැනට ජීවතුන් අතර කවුරුවත් නැත. එම නිසා යූඇන්පී එකට එකතු වෙන්න (බ)
ආපහු අවුස්සන්න යන්නේ. (බ)
මේ කොමෙන්ටස් දාන අය කිසිම දෙයක් දන්නෙ නැතිව ලියනවා. ඊජිප්තුවේ දැන් ඉන්න ජනාධිපතිත් ෆීල්ඩ් මාෂල් කෙනෙක් තමයි. එයා හොඳින් රට ගෙනියනවා දැන් සරත් ෆොන්සේකා මහත්තයත් එසේම කෙනෙක් වෙනවා. ජයවේවා! බුදු සරණයි ! (බ)
මොකක්ද ඔබට කරන්න පුළුවන් වෙනස. රට ආපස්සට හරවලා ඉවරයි. ලංකාවට බෞද්ධ නායකයෙක් ඕනේ. අපේ රට ආරක්ෂා කරලා ඉදිරියට අරන් යන්න පුළුවන්. (නදී)
එතකොට ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් දේශපාලනයට අාවහම හමුදා පාලනයක් නෙවෙයිද? ගෝටා අවොත් විතරද හමුදා පාලනයක් වෙන්නේ? මට හිතෙන්නේ මෛත්‍රී සහ රනිල් ගැටයක් ගහල මෙයාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර දීලා පැත්තකින් තියන්න හැදුවේ. බල තන්හාව වැඩියි වගේ (නදී)
වීරයෙක් වගේ ඉන්න. නැවත දේශපාලනය කරන්න එපා. (නදී)
ඔය කිව්වට ඡන්දෙ දෙන්නේ නැත (නදී)
ඇවිත් කාලම බලන්න. එතකොට තේරෙයි තමන් කවුද කියලා. අධි තක්සේරුවකින් හිතන්න එපා (නදී)
අනිවාර්යයෙන්ම.ජයවේවා! (නි)
සරත් ෆොන්සේකා මහතාණෙනි , ඔබගේ දේශපාලන මතවාදය කුමක්වුවත්, ඔබගේ සතුරා කවුරු වුවත්, ඔබට උදව් කළේ කවුරු වුණත්, 30 අවුරුදු යුද්ධය නිමාකිරීමට යුද හමුදාවට සක්‍රිය නායකත්වයක් ලබාදුන් ඔබතුමා මේ රට දැන් මුහුණ දී ඇති තත්වය තේරුම්ගෙන ඔබගේ ශ්‍රී නාමය රැකගන්න (නි)
අපි බලාගෙන ඉන්නේ ඔබ ඉහළම තැනකට ගෙනෙන්නයි (නි)
ඇපත් නැති වෙයි (බ)
හොඳ තීරණයක්, හොරු ටික අල්ලලා නියම දඬුවන් දෙන්න. දැන් ඉන්න කල්ලියට එය අමාරු නිසා එගොල්ලගෙන් කිසිම වැඩක් නැහැ. අපි සියලු දෙනාම එකතුවෙලා ෆොන්සේකා මහත්තයව දිනවමු (බ)
යුද්ධේ කරගෙන යද්දී හොඳට කලාට පස්සේ සුදු කොඩි කතාවෙන්ම පාවා දීම කළා. දැන්වත් ලැබුන තත්වේ තියාගෙන පැත්තකට වුනානම් හොඳයි. කොහෙත්ම දේශපාලනයට සුදුස්සෙක් නොවෙයි. (නදී)
එහෙනම් මොන ඉලව්වකටද මෙච්චරකල් අඬලා ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලබා ගත්තේ. ඔච්චර ලොකු පදවියක් තියෙන කෙනෙක් අදවෙනකම් ලෝකේ කොහෙවත් ඡන්දෙ ඉල්ලලා නැහැ. එක්කෝ තමුන්ට දුන්නු ෆීල්ඩ් මාර්ෂල් පදවියේ වටිනාකම තේරෙන්නෙ නැහැ. නැත්නම් තමුන් ඔය වගේ පදවියකට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. ඔයවගේ වැඩ කරලා රටත්. ඔය තනතුරත් හෑල්ලුවට ලක් කරන්න එපා (බ)
යුධ විරුවෙක් ලෙස ඉතිහාසයට එක්වී දේශපාලනයෙන් සමුගන්න . .එය ඔබතුමාටත් ,රටටත්, අපටත් ආශීර්වාදයක්ම වනු ඇත (නදී)
කටුස්සාගේ කරේ රත්තරන් බැන්දහම ඔහොම තමයි (බ)