ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අවශ්‍යනත් ඊට කිසිදු බාධාවක් නැතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා හිරු රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් පැවසීය.
මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින් නිකුත් කැරුණු ලිපි නැවත කැඳවන බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් දැන්වූ බව ද ඔහු ඒකනායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකන් කරපුව වහ ගන්න එන බව පේනවා.ළගදීම හොරකන් වලට වෙන දේවල් බල ගත හැකි (බ)
චතුරි යු එස් ඒ සහ අනුරුද්ද-කලබල වෙන්න එපා.ටිකක් විතර රිදුන නේද? ඔයාල එහෙම හරි හිතල හිත හදාගන්න දැන්ම ඉඳල.නැත්නම් ඡන්දෙන් පස්සේ පපුවේ අමාරු එහෙම හැදෙයි.(බ)
ජෙනි, ජීවක සහ පාලිත,එකී අදහස පිළිබඳ ඔබේ විවේචන මට අදාළ නොවන බව කිවුවේ මගේ වගේ සිතා ඔබ ප්‍රතිචාර දැක්වුවත් එය මගේ අදහසක් නොවන බැවිනි. (නි)
ඒකට මොකද අනුරුද්ධ, මුලින් කිව්වේ පක්ෂයෙන් ඉල්ලන්නත් එපාය කියලනේ. අපි ඉතින් ටිකක් ඉඳලා බලමු ! (බ)
අනුර මහත්තයෝ..අපි පුවත බලල අදහස් දානවා මිසක් පුවත අස්සේ පුවත් බලන්න කැමති නැහැ..පත්තර බලන අපි ඔය කියන දේවල් දන්නවා.වැලි අමුණ කියන්නේ කවුද කියලත් දන්නවා.ඒ වගේම පහුගිය රජයේ කැබිනට් මණ්ඩලයක් හිටිය කියලත් ඒ කැබිනට් මණ්ඩලේ යහපාලනය් මේ සුදෝ සුදු මෛත්‍රිලා රාජිතල අවසන් මොහොත දක්වාම හිටිය කියලත් දන්නවා..කැබිනට් අනුමැතිය නැතුව හිතුමනාපෙට අතයට ගනුදෙනු කරන්න කාටවත් බැහැ කියලත් අපි දන්නවා..වැරදි වෙලා තියෙනවනම් දුෂණ වුනානම් වංචා උනානම් ඒ සියල්ලට අනුමැතිය දීපු කැබිනට් මණ්ඩලේ ඒවා ගැන වග කියන්න ඕන ජනපතිට කලින්....පත්තරේක හැල්ලක් දැකල අපිට පෙන්නන්න කලින් රජයක් ගැන කැබිනට් මණ්ඩලයක් ගැන ව්‍යාපෘති සදහා මුදල් අනුමත වන අන්දම ගැන රාජ්‍ය අංශයේ විගණන ගැන දැනගන්න ආයෙත් මොන්ටිසෝරියේ ඉදල ඉස්කෝලේ ගිහින් එන්න අනුර මහත්තයෝ...මහින්ද මහත්තයට කාගේවත් අරාධනා අවශ්‍ය නැහැ..එතුමා වෙලාවට අවශ්‍ය තැනින් ඒවි..ඒ ගැන කරදර නොවී කට්ටිය නන්නත්තාර වී ගෙන යන යහපාලානේ ගැන බලා ගන්න.(බ)
තමන්ට අයත් නැති ලක්ෂ 58ක මහජන මතය මංකොල්ල කමින් පකෂය සහ පාක්ෂිකයින් සමග ජන හද දිනු නායකයකු බලහත්කාර කමින් යටපත් කර තම අරමුණු ඉටු කර ගන්න හැදු නිර්පක්ෂිකව සියල්ල දන් දී දින 100න් වෙස්සන්තර වන්නට ආ මෛත්‍රී මැතිදුන්ට හා එතුමාගේ නුල අතේ තියෙන චන්ද්‍රිකා මැඩම්ටත් මහින්ද මහතා ළග දන ගැසීමට වන දින වැඩි ඇතක නොවන වගනම් අපට ඉතාමත් හොදින් පැහැදිලිය. (බ)
මේක මහා විහිලුවක්. ජනාධිපති වැනෙන තීරණ ගන්නෙ නැතිව, එක තීරණයක් ගන්න ඕන. මේ කියන කතා වලින් එතුමාගේ කොන්ද පන නැහැ කියල තේරෙනවා. (බ)
මහින්දට තරගකරන්න ඡන්දෙ දිනන්න කාගෙන්වත් බාදාවක් නැහැ....හැබැයි සිරිසේනට චන්ද්‍රිකාට නම් මේ ඡන්දෙ දිනන එක මහින්ද නැතුව බැරිවෙයි වගේ....(බ)
මහින්ද ඉතිහාසයෙන් මකාදැමීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. එහි සාමාජිකත්වය දරන, ලේ කොළපාට යැයි සිතන හා ජේවීපිය සිය ආත්මය යැයි සිතන සමාජයක් මහින්ද මකාදැමීමට සිතා නඟන චෝදනා සියල්ල දැනටමත් බොරු වී හමාරයි. දේශපාලනයේ නිරත හැමදෙනාම වගේ හොරු. ඒත් ඒ හොරු අතර රටට යමක් ඉතිරිකර ගිය අයගෙන් ඉදිරියෙන්ම ඉන්නේ මහින්ද. අනෙත් සියළුම දෙනා යුද්ධය පවා වගාකරමින් හොරකම් කළා මිස රටට ඉතිරිකළ යමක් නැත. ඇත්ත ඒකයි. (නි)
කිසිදු බාධාවක් තිබිය යුතු නැත. ඔහු රටේ පුරවැසියෙක් සහ තවමත් කිසිදු චෝදනාවකට අධිකරණය අබියස වරදකරු වී නැත. ඇරත්, රනිල් මහත්තයා 29 පාරක් පැරදිලා ඉල්ලන්න පුළුවන් නම් එක වරක් පැරදුනු මහින්ද මහතාට ඉදිරිපත් විය නොහැක්කේ මන්ද? (බ)
අන්තිමට මහින්ද යි එයාගේ අන්තෙවසිකයෝයි ඔක්කොම මාර්ගපල ලබලා . අනෙක් මිනිස්සු ඔක්කොම නරක මිනිස්සු. අර කට හොඳ නැති ගසා කන්නන් ටිකක් කිට්ටු කරගෙන රටට කළ හරිය ඇති. අපි අගය කරන්නේ යුද්ධය දිනා ගැනීම විතරයි. ඉන් එහා පරිපාලනය ගැන බොහොම කනගාටුයි (බ)
රටට ආදරය කරන කෙනෙකුට පක්ෂ පාටවල වැදගත්කමක් නැත.රට ආරක්ෂා කිරීම ,ඒකීයභාවය පවත්වාගෙන යාම සහ සංවර්ධනය ඉතා වැදගත්ය.පාලකයන් කිසි කෙනෙකුට මෙකී දේ කරන්නට බැරිවිය.නමුත් මෙකී දේවල් ඉටුකළ නායකයා මහින්ද මහත්මා බව අනිවාර්යයෙන්ම පිළිගත යුතුය.එනිසා දුෂ්ඨ සිතෙන් නොබලා ,බොරු වලට රැවටෙන්නේ නැතුව සැබෑ නායකයාගේ අගය තේරුම් ගතයුතුය. (නි)
මහින්ද නරක වගේම හොඳ දේවල් රටට කළා. ඔහුගේ සේවය අපිට ඕන (බ)
තරුෂි කියල තියෙන දේ සහතික ඇත්ත. මහින්දගේ වටේ දැන් එකතුවෙලා ඉන්නේ රටේම ඉන්න අපරදකාරයෝ ටිකයි, හොරු ටිකයි ,මංකොල්ලකාරයෝ ටිකයි. මේ අය අායෙත් බලයට අවොත් මේ ඉතුරු වෙලා තියෙන හපේ වත් ඉතුරුකරන එකක් නැහැ.(නදී)
සිරිසේන මහත්තයෝ, ඔයා ශ්‍රී ලංකා එක දාලගිය කෙනෙක්නෙ. මහින්ද මහත්තය එහෙමද කවදාවත් ශ්‍රී ලංකා එක දාලගිය නැති මිනිහා. අනික මහින්ද කොහෙන් ඉල්ලුවත් දිනනවා. අන්තිමට ඔයාලට වෙන්නේ මහින්ද පාර්ලිමෙන්තුවට එනකොට නැගිටලා ආචාර කරන්න තමයි (නදී)
මේ ආණ්ඩුව වැඩි කල් තිබුනොත් අපේ රන් පුතත් , මිලියන 400 මහත්තයත්, එතොනොල් මහත්තයත් හිර ගත වේවි. ඔවුන් හොරකම් කලත් අපි ඔවුන්ට තාමත් ආදරෙයි. ඒ හින්ද මහින්ද මහත්තය කොහොම හරි බලයට ගෙන ආ යුතුයි. (නදී)
ඔබතුමා යන්න යු.එන්.පී.යට.මහින්ද මහත්තයාට දෙන්න ශ්‍රීලනි පක්ෂය. කවුද බලමු දිනන්නේ... (නි)
මහින්ද නැතුව අපිට බඩගින්යි. කොහොම නමුත් ජනාදිපතිතුමනි හොරුන්ව නම් අායිත් ගෙන්ඩ එපා.(නදී)
මේ පහුගිය ආණ්ඩුවේ හිටපු හොරු තක්කඩි ටික ,කුඩු කාරයෝ ටික, එතනෝල් කාරයෝ ටික මහින්දට එකතු වෙලා මහින්දව ගේන්න වලි කන්නේ, ඒගොල්ලන්ගේ ෆයිල් ටික යට ගහගන්නයි. (නදී)
චන්දන හොර කීවාම වැදුනා නේද ? නිකන් හොරු නෙමේ පට්ට පල් හොරු. රාජ්‍ය දේපල, අහිංසක මිනිසුන්ගේ බදු ගසාගෙන කාපු නඩේ (නදී)
ඉල්ලන නොඉල්ලන එක එතුමාගේ වැඩක් (නි)
තරුෂි එතකොට අර මහා බැංකු අණකර බිලියන ගණන් කොල්ල කාපු අය උපාසකයෝ (නදී)
රුචි,යුද්ධය විතරක් මොකෝ අගය කරන්නේ? (නි)
ඒත් විපක්ෂයේ අයගෙන් අවමන් විඳිනකොට කොහොමද ඉවසාගෙන ඉන්නේ? (නි)
හොඳ කතාවක් (නි)
සිරිසේන මහත්මයා එක ශ්‍රීලංකා ඡන්දයක්වත් නැතුව ජනපති උනේ. ඒක නිසා එතුමා එක්සත් ජාතික පක්ෂයටම ගියා නම් ප්‍රශ්ණ සියල්ල විසඳෙනවා (නදී)
මේ පිවිතුරු යහපාල කියන පුතා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගැන කිසිම හයක් හතරක් නොදන්නා ළදරුවෙක් බව නම් බොහොම පැහැදිලියි. මහින්දගේ ආණ්ඩුව ගෙන ප්‍රතිචාර දාන්න පිවිතුරු යහපාල පුතා තාම ගොඩක් බොළඳ වැඩියි. (නි)
මට තියෙන ගැටලුව හොරකම් කල එවුන් අල්ලලා හිරේ විලංගුවේ දාන්නේ නැතිව ආරක්ෂා කරන එක. ඒ මදිවාට ඡන්දෙත් ඉල්ලන්නලු. අපි රැවටුනා වත්ද මෙයාලාගේ බේගල් අහලා ඡන්දේ දීලා. (නදී)
චම්පිකගේ ප්‍රතිචාරය ගැන මට නොයෙක් දේ සිතෙනවා (නි)
ජනතාවට කන්දීම ඔබගේ අගය කළයුතු ගුණාංගයක්. (නි)
ජීවා, මහා බැංකුවෙන් හොරා කෑවානම් වැරදියි. ඒකටත් දඬුවම් හිමිවිය යුතුයි. එහෙම කියලා රට හුරාගෙන කෑ කට්ටිය ගෙන්නලා හරියනවද? අපි අද බය නැතුව අඩුගානේ හොරකම් ගැන කතාකරනවා. එදා අල්ලස් දුෂණ කොමිසමට යනවා කියන්නේ කොහොම ගමනක්ද කියලා කියන්න අවශ්‍ය නැහැනේ (නි)
දැන් අපිට කියන්න මහින්ද මහතා නිර්දෝෂී කෙනෙක්ද කියන එක. (නි)
ධම්ම, සාක්කි විනාශ කළවිට සමහර හොරු අල්ලන්න කාලයක් යනවා. ඒකෙන් කියන්නේ නැහැ ඒ හොරු සුද්ධවන්තයි කියලා. ඇස් කන් තිබෙන හැමෝම දන්නවා තේරෙනවා පහුගිය ආණ්ඩුවේ කෙරුවාව (නි)
මෙහෙම කතා කියන්නේ මොකද දන්නෙ නැහැ (නි)
එතුමා කිසිමදේකින් සැළෙන චරිතයක් නෙමෙයි (නි)
තරුෂි මහත්මිය බොහොම අපුරුවට යථාර්ථය කැටිකරලා ලියලා තියෙනවා (නි)
අද මේ හොරු රෑනට මහින්දව ඇත ඇරලා යන්න බැරි තවත් හේතුවක් තියනවා. ඒ මොකද මේ හොරුන්ගේ ෆයිල් මහින්ද මහත්තය ළග තියනවා. මහින්දව දාල ගියොත් මේ ෆයිල් එලියට දාවි. (බ)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙන්නේ පක්ෂයෙන් හෝ පක්ෂය නායකත්වය දරන සන්ධානයකින් ඡන්දේ ඉල්ලා ජනපති වුනු තැනැත්තාට පක්ෂයේ නායකකම ලැබෙන බවයි. ඡන්දය ඉල්ලද්දී පක්ෂයේ සාමාජිකත්වය පවා අත් හිටුවා තිබුණු මොහු පක්ෂයේ නායකත්වයට පත් වුයේ ව්‍යවස්ථානුකුලව නොවන හෙයින් නිත්‍යානුකුල කාරක සභිකයන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට මොහුට බලයක් නැත. එබැවින් අමුතුවෙන් කිව්වත් නැතත් මොහු ගේ නමින් එවා ඇති එකී ලිපි බල රහිත වනු ඇත. (බ)
ගාමිණීට ගසාකන්න නැතුවද බඩගිනි. මොකද අපි දන්නා විදිහටනම් බඩු ගිනි ගණන් කරලා අවරුදු 10ක් බඩට ගැහුවේ ඉස්සර ආණ්ඩුව. බොරුවට ජන්දේ කිට්ටු කරලා අඩු කළා. මෛත්‍රී මහත්තය දුන්න සහන අපේ පොකට් එකට හොදට දැනෙනවා. ඉස්සර ප්‍රාදේශීය සභාවේ ඉදල පළාත් සබාවට යනකල් හොරු බුරුතු පිටින් බිහිවෙලා හිටිය. කිසිම වැඩක් කරගන්න බැහැ කුට්ටියක් දෙන්නේ නැතුව. දැන් මේ හොරු බුරුත්ත සද්ද නැතුව වැඩටික කරලා දෙනවා. (බ)
අනේ සනුක් ෂෙහාන්,නමේ හැටියෙන්ම පෙනෙනවා මුහුණු පොතෙන් ලෝකය දැකපු ළදරුවෙක් වග.අපි මහින්ද මහත්තයාගේ විතරක් නෙමෙයි බබෝ ඔය සිරිමාවොගේ රජය යටතේ, යු එන් පි රජයන් යටතේ ,චන්ද්‍රිකාගේ රජය යටතේ, ඒවගේම අපේ රතු මල්ලිලාගේ රජයේත් අත්දැකීම් තිබෙන අය.2009න් පස්සේ ඉපදුණ අය නෙමෙයි.ඔය බබා අම්මා තාත්තාගෙන් දැකපු මහින්ද මහත්තයාගේ නෙමෙයි නොදැකපු අනෙක් අයගේ පාලන සමයන් ගැන ලැජ්ජා වෙන්නේ නැතුව අහගෙන සුප්පුව වට්ටගන්නේ නැතුව යහපාලන හීන දැක දැක දොයියාගන්න. එසැණ පුවත් සැමට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා! (නි)
සුමුදු හේවා, ඔයිට වඩා සද්දේ දාලා වැඩ පටන්ගත්ත අය හිටියා. අන්තිමට වුණ දේ මතකද? (නි)
කොහෙද යන්නේ මල්ලේ පොල් (බ)
මහින්ද මහතාට බාධාකරන්න කාටවත් බැහැ (නි)
මේ සේරටම පිස්සු(නදී)
මහින්ද මේ ලනුවත් කයිද ? රෑ වැටුණු වලේ දවලුත් වැටෙනවා (නදී)
පිවිතුරු යහපාලටත් කඩේ යන්නට නොලැබෙන, වගේම ඉතා සුබ අලුත් අවුරුද්දක් වේවා !! (නි)
සනත්, මම කාගේවත් දේශපාලන අන්තේවාසිකයෙක් නෙමෙයි. යුද්ධයෙන් පසුව රටේ සම්පත් වලට, මහජන බදු මුදල් වලට සිදු වූදේ මම අනුමත කරන්නේ නැහැ. සීමාව ඉක්මවූ ඥාති සංග්‍රහ නිසා බලය අපහරණය කළා. විදේශ සේවාව ගුස්ති සේවාවක් බවට පත් කළා. රටේ උගතුන්ට තැනක් නැතිකළා. පුජ්‍ය ස්ථාන වල කාර් රේස් සංදර්ශන පවත්වා නිගරු කළා.මට මේවා අගය කරන්න බැහැ. මේ ආණ්ඩුවෙන් ඔය දේවල් කළත් එච්චරයි. (නි)
මහින්ද හා සිරිසේනට එකට කටයුතු කල හැකිය. දෙන්නට දෙන්න අවබෝධයෙන් සමගිව කටයුතු කලොත් රටත් ගොඩ අපත් ගොඩ.(නදී)
එන්න එන්න,ඔබ සාදරයෙන් පිළිගන්නවා (නි)
පිවිතුරු යහපාල , මහින්ද කියන්නේ ලක්ෂ 62 එපා වෙච්ච කෙනෙක්.(නදී)..
ඉල්ලන්න විතරක් නෙමෙයි ඉල්ලන් කන්නත් කිසිම බාධාවක් නැහැ. (නි)
සුමුදු හේවා කියන කෙනා කටින් ගහලා මෙතන අනිත් උදවිය ලියන එක නවත්වන්න හදන බව පැහැදිලියි. ඕවා හරියන්නේ නැහැ සුමුදු . (නි)
යහපාලන ආණ්ඩුවේ ඉන්න සමහර ඇමතිවරුන්ට චෝදනා ඔප්පුවෙලා අදිකරණයේ නඩු තියනවා. හැමෝම මහින්දට තමා හොරා කියන්නේ (නදී)
සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා එක දාල ගිය කෙනෙක් නෙවෙයි. . පක්ෂයේ ලේකම් වශයෙන් ගියේ. මහින්ද මහත්තයා එහෙමද කවදාවත් ශ්‍රී ලංකා එක දාලගිය නැති මිනිහා. එ්ක හරි අනික මහින්ද හොරු තක්කඩි ටික ,කුඩු කාරයෝ ටික, එතනෝල් කාරයෝ ටිකක් රටට බෝ කළා. සල්ලි දීල මන්ත්‍රීවරු ගත්තා අන්තිමට තිස්ස ගත්තා. මොක ද උනේ රටට ආදර්ශයක් දුන්නද ? (නදී)
සුමුදු හේවා කෑරලෙක් වගේ කෑගහනවා. එයාගේ අදහස් වෙනුවට අපිට මෙතන ඇහෙන්නේ එකම කන්කරච්චලයක්. (නි)
තරුෂි ඔයා කියන ඔය බහුතරය දැන් කොහෙද ඉන්නේ (නදී)
ඇවිල්ලා අපේ රට බේරාගන්න. (නි)
අනෙකෙකුගේ අදහසක් තර්කානුකූලව විවේචනය කිරීමට හෝ ඒ මත තම අදහස් ගොඩනැංවීමට හැකියාවක් නොමැති දිසානායකගේ සහ චම්පිකාගේ ප්‍රතිචාර පෙන්නුම් කරන්නේ ජරාජීර්ණ වූ ස්වභාවයකි. (නි)
හැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
තරුෂි 2015-04-13 03:26:22 ප්‍රතිචාරයට අපේ ප්‍රණාමය. ලංකාවේ තරුෂි වැනි බුද්ධිමත්ව හිතන්නට හැකි අය ඉන්නවකියල හිතන්නටත් හරි සතුටුයි . තරුෂි කියල තියෙන දේ සහතික ඇත්ත .(නදී)
මහා භාණ්ඩාගාරයේ ඇප මත ඩුබායි බැංකුවකින් මි. 23079ක් අරන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව කියයි ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සභාපතිව සිටි සමයේ මහා භාණ්ඩාගාරයේ ඇපවීම මත ඩුබායි මෂ්රෙක් බැංකුවෙන් රුපියල් මිලියන 23,079 ක මුදලක් ලබා ගෙන ඇති බව 2014 වසර මැද නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවේ දක්වා තිබේ. මෙම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව දක්වන ආකාරයට මෙම සමාගමට මහජන මුදල් රුපියල් කෝටි 4669 ප්‍රාග්ධනයක් යොදවා තිබෙන බව හෙළිදරව් වී තිබෙන අතර පසුගිය වසරේ අප්‍රියෙල් මස අවසන් වන විට සමාගම ගෙවිය යුතු බැංකු ණය රුපියල් මිලියන 30172ක් වී තිබී ඇති බවය. එසේම සමාගමේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 8400ක් ව තිබු බව පෙන්වා දෙන එම වාර්තාව එයට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා සමාගම යන දෙකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 26,110ක ණයක් ගෙවිය යුතුව ඇත. නිශාන්ත වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුකර තිබෙන වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ සහභාගිත්වයෙන් කොමිසමක් පත්කරනු ලැබූ අතර එම වාර්තාව මඟින්ද ඔවුන්ට එරෙහිව විශාල දූෂණ වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කර තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ මහත්මියගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා එම සභාපති තනතුරට කිසිදු සුදුසුකමක් නැති අයෙකු බවත් ඔහුගේ සභාපතිත්වයෙන් විශාල මූල්‍ය වංචා සහ දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් විටෙන් විට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදී ප්‍රශ්න කරනු ලැබීය.
ඔබ උතුම් චරිතයක් (නි)
එතනෝල් ගැන ඔක්කොම කියනවා. දන්නවද මේ දින 100 ය ඉවර වෙන්න ඉස්සර දැනටමත් එතනෝල් ගෙන්නන්න ලයිසන් කියක් අලුතින් දීල තියෙනවද කියලා.(නදී)
අනෙක් පාඨක ප්‍රතිචාර ජරාජීර්ණ යැයිද තමන්ගේ ප්‍රතිචාර බහුශ්‍රැත යැයිද සිතාගෙන සිටින කේවට්ටයෙකු කෙකර ගානා මේ සභාවේ සෙසු බුද්ධිමතුන්ට උගතුන්ට දෙවියන්ගේම පිහිටයි. මීට වඩා ලියන්න දෙයක් නැත . (නි)
සුමුදු හේවා කියන කෙනාට පුදුම උද්දච්චකමක් තියෙන්නේ. තමන්ගේ හැකියාවක්ලු තියෙන්නේ! ඕක හැකියාව නෙමෙයි කට වාචාලකම ! කවදාහරි යස පාඩමක් ඉගෙනගන්නේ ඔය උද්දච්ච කට හින්දාම තමයි. (නි)
හොද අදහසක් යහජීවනය (නදී)
ලැජ්ජාව නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන කියමන දේශපාලන බල ලෝභය ආත්මගරුත්වයටත් වඩා ලොකුයි කියලා වෙනස් කළොත් නරකද? (නි)
ආරාධනා ඕනෑ නැහැ. එන විදිහ එතුමා හොයාගනීවි (නි)
අපි බලමුකෝ මහින්ද මහත්තයා ගන්න තීරණය දිහා (නි)
මෙතුමා බොහොම හොඳ කෙනෙක් (නි)
බලය තිබිලාත් පැරදුනකොට බලය නැතිදා??? (නි)
අපේ රටේ මිනිසුන්ට යහපාලනය පුරුදු නැති බව අදහස් වලින්ම පෙනෙනවා. අපරාදේ අපිට නිදහස ලැබුනේ. (නි)
මහත්වරුනි, නෝනාවරුනි, කුළල් කාගන්නට හෝ අපිට කියලා රටක් තියෙන්න ඕනෑ.රටපුරා බියසැක නැතුව යන්න පුළුවන් වෙන්නත් ඕනෑ.ඒ වගේම කොන්ද කෙළින් තීරණ ගන්න පුළුවන් වෙන්නත් ඕනෑ. හිටපු සභාපති එක්වීම බාධාවක් කරගන්න එපා.පක්ෂයක් වශයෙන් එක්ව ගමන කරන්න කුහක නැති සැමගේ සහාය දෙන්න. (නි)
තම්න වඳින පුදන නායකයා වරදක් කර ඇත්නම් එය පිළිනොගන්නා තරමට බොහෝ දෙනා දේශපාලන වහළුන් වෙලා (නි)
චම්පික සහ ඕෂධී, ඔයාල ප්‍රතිචාර දක්වන්නේ සංස්කාරක විසින් සංස්කරණය කෙරුණු ප්‍රතිචාරයකටයි. මම කිව්වේ අනෙකෙකුගේ අදහසක් තර්කානුකූලව විවේචනය කිරීමට හෝ ඒ මත තම අදහස් ගොඩනැංවීමට හෝ හැකියාවක් නොමැති දිසානායකගේ සහ චම්පිකාගේ ප්‍රතිචාර පෙන්නුම් කරන්නේ යහ පාලන මාධ්‍ය සදාචාරයේ ජරාජීර්ණ වූත් බංකොලොත් වූත් ස්වභාවය බවයි. (බ)
ඕෂධී සහ චම්පික, අනුන් විසින් හාත්පසින්ම වෙනස් අරුත් නංවන පරිදි විකෘති කෙරුණු අදහසක වගකීම හෝ එවැන්නක් පිළිබඳ විවේචන මා භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. (බ)
උදයංග කිවුව කතාව ඇත්ත (නි)
ඇසළ මහත්තයෝ, මේක අපේ රට. එතනෝල් සුවඳ විලවුන් හදන්නත් ගන්නවා. කසිප්පු පෙරන්නත් ගන්නවා. ඔය කියන විදිහේ පර්මිට් එකකින් කවුරුහරි නීතිවිරෝධී දෙයක් සිදුවෙනවානම් අපි හැමෝම ඊට විරුද්ධව පෙළගැසිය යුතුයි. හැබැයි අපිට කුඩුකාරයන්ට ,එතනෝල් මත්ද්‍රව්‍ය මුදලාලිලාට ,පගාකාරයන්ට විරුද්ධව කට අරිනවා තියා හිතන්නවත් බැරිවෙලා තිබුණ යුගය නම් දැන් අවසන්වෙලා බව බොහොම පැහැදිලියි. (නි)
අනුර මහත්තයෝ,අපි පුවත බලා අදහස් දානවා මිසක් පුවත අස්සේ පුවත් බලන්න කැමති නැහැ.පත්තර බලන අපි ඔය කියන දේවල් දන්නවා.කැබිනට් අනුමැතිය නැතුව හිතුමනාපෙට අතයට ගනුදෙනු කරන්න කාටවත් බැහැ කියලත් අපි දන්නවා.වැරදි වෙලා තියෙනවා නම් දුෂණ වුණා නම් වංචා වුණා නම් ඒ සියල්ලට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය ඒවා ගැන වගකියන්න ඕනෑ. (නි)
විශාල ජන ගංගාවක් මහින්ද සමඟ සිටින බව අපිට නොරහසකි (නි)
වචී සංවරයෙන් අග්‍ර වූ අපේ ඕෂධී ගේ ප්‍රතිචාරයක් ඔබේ අවධානයට පිණිස උපුටා දක්වමි. ඕෂධී 2015-04-14 03:27:15: " සුමුදු හේවා කියන කෙනාට පුදුම උද්දච්චකමක් තියෙන්නේ. තමන්ගේ හැකියාවක්ලු තියෙන්නේ! ඕක හැකියාව නෙමෙයි කට වාචාලකම ! කවදාහරි යස පාඩමක් ඉගෙනගන්නේ ඔය උද්දච්ච කට හින්දාම තමයි‘‘ (බ)
මේක තමා වෙනස.ඕනෑම කෙනෙකුට විරුද්ධව උද්ඝෝෂණ,රැස්වීම් තියන්න පුළුවන්. (නි)
මට නම් දැනෙන ලෙසට ජාත්‍යන්තරයට මුහුණදෙන්න පුළුවන් මහින්ද නිර්භීත නායකයෙකි. (නි)
පිවිතුරු යහපාල මැතිතුමාට,සුබ අලුත් අවුරුදක් වේවා! (නි)
කවුරු මොනවා කිව්වත් රටේ යහපතට මහින්ද රාජපක්ෂ වැනි නායකයෙක් අත්‍යවශ්‍යයි. ඔහුගේ වැරදි තිබුනා. නමුත් ඔහු දැන් ප්‍රසිද්ධියේ පිළිගන්නවා,කියනවා තමන් අතින් සිද්ධවුණ වැරදි. ඔහු ඒ වැරදි නිවැරදි කරගත්තොත් ශ්‍රී ලංකාව යළිත් ශක්තිමත් වනු ඇත. (නි)
එතකොට සිරිසේන ජහධිපති තුමා හොරුන්ට නාස්තිකාරයන්ට විරුද්ධව නේද එළියට බැස්සේ. දැන් නැවතත් කොහොමද එකතු වෙන්නේ (බ)
ශෙහාන්, කවුද හොරා? නිකන් දැක්කා වගේ හොරා හොරා කිය කියා යන්නේ මොකද? (නි)
මේවට තමයි පිස්සු හැදිලා ආයෙමත් හැදෙනවා කියන්නේ ? (නදී)
තරුෂි හරි. (නි)
කොතනත් ඉන්නේ හොරු තමා. එකතුවෙලා හොරකම් කරලා හරි රට සංවර්දනය කල යුතුවෙනවා (නදී)
බලලෝබය අතහරින්න. සියල්ල අනිත්‍යයි. (නි)
බොහොම හොඳ තීරණයක්. රට වෙනුවෙන් වැදගත් තීරණයක්. මහින්ද මහතා ඔහු අතින් සිදු වු වැරදි හදා ගෙන රටට නිවැරදි නායකත්වයක් ලබා දී නැවත හොරකම් කිරීමට ඉඩ නොදෙනු ඇති බව බලාපොරොත්තුවෙමි . කොහොමත් ජනාධිපති තුමාට රනිල් මහතා හා යු එන්පි ආණ්ඩුවක් සමග වැඩ කිරීමට වඩා මහින්ද මහතා හා ශ්‍රී ලංකා ආණ්ඩුවක් යටතේ වැඩ කිරීම ඉතා පහසු වනු ඇත. මගේ පෞද්ගලික මතය නම් මේ මහත් ශ්‍රී ලංකා වාසීන්ට සුබම සුබ ප්‍රවෘර්තියක් වනු ඇත. අවසාන වශයෙන් අපිට වැදගත් වන්නේ මහින්ද, මෛත්‍රී හෝ රනිල් නොවේ. මේ රට ආරක්ෂා කරගෙන සංවර්දන වැඩ කටයුතු ඉදිරියට ගෙන යා හැකි නායකත්වයක් පමණි. (නදී)
තරුෂි,අපේ ගම්වල නම් යහපාලනෙට ඡන්දෙ දුන්න අය හූල්ල හූල්ල ඉන්නේ ආණ්ඩුවක් කියල පත් කර ගත්ත පාන්ඩුව ගැන,ඔයාට විස්වාස නැත්නම් ලබන ඡන්දෙදි මොකද වෙන්නේ කියල බලන්න,මහින්ද මහත්තය මොන ලකුණෙන් ආවත් නිදහස් පක්ෂෙන් 90% එතුමා ගන්නවා (බ)
මහින්ද මහත්තයාට ජයවේවා! (නි)
මහින්දට අගමැති ආසාව අත් ඇරලා ඡන්දයට එන්න කියල තියෙන්නේ. ඒකනිසා කමක් නැහැ. එහෙම කෙරුවේ නැතිනම් ඉවරයි. දැනටත්. පේනවනේ කරන වැඩ. ලෝකයා සිනාසෙනවා (නදී)
ඔහොම යං ඔහොම යං (නදී)
ඔහොම යං ඔහොම යං. නුගේගොඩින් පටන් අරන් මෙතනට ආවනම් ඉතිරි ටිකත් ජනතාවම බලා ගන්නේ නැතැයි!(නදී)
අපොයි,ආයෙමත් එනවද? බයයි අනේ. (නි)
හොඳයි -ටිකයි (නදී)
තරුෂි ,ඇයි තව නමකින් නාමල් කියලා අදහස් දාන්නේ? කවුද මහින්ද ගෙදර ඉන්න ඕනෑ කියලා කියන බහුතරය? ඔයාගේ ගෙදර ඈයෝ බහුතරය එහෙම කිවුවට ලංකාවේ රටට ආදරේ බහුතරයට තේරිලා තියෙන්නේ කළ මෝඩකම.ඔයා අපිට කියන්න ඕනෑ නැහැ.ඡන්දෙදි බලමුකෝ.ඇයි මේ බයවෙලා? (නි)
ෂ්...ෂ්..කෑ ගහන්න එපා චන්දන. අපි දන්නා නීතියේ හැටියට චෝදනා ඔප්පු නොවී කිසිවෙක් වරදකරුවෙක් හැටියට සැලකීම වැරැදි වුණත් යහ පාලන නීතියේ හැටියට යමෙක් නිවැරදිකරුවෙක් බවට ඔප්පු උණත් වැරැදිකාරයෙක් හැටියට සැලකීමට යහපාලකයන්ට අයිතිය ඇත (නදී)
රටට ආදර්ශවත් ගුණ ගරුක දේශපාලකයන් බිහිකිරීමේ වරදට ජනතාවගෙන් සමාව ගෙන ඡන්දයට එන්න (නදී)
තරුෂි වගේ අයට මහින්ද කළා නම් හොරකම්, අනිත් පැත්තේ අය කළා නම් උපාසකකම්.නිමල් ලාලිත කියන දේ සහතික ඇත්ත. (නි)
තව එතුමා කියල තියෙනවා නේද අගමැති අපේක්ෂක කමක් දෙන්නේ නැහැ කියා. ඕනේ නම් මන්ත්‍රී අපේක්ෂකයෙක් විදියට තරඟ කරන්න කියලා.(නදී)
ඕෂධී නිවැරදියි. චම්පිකාට කියපු දෙයින්ම අපිට පෙනෙනවා. (නි)
මහින්ද මහත්තය එනවට සමහරු බයයි වගේ (බ)
සුමුදු හේවා කලිනුත් පුවතකදී දිගට හරහට අනෙක් පාඨක භවතුන් එක්ක පැටලුනා. මේ වගේ මානසික මට්ටම් වල උදවියගේ අදහස් එක්ක ගැටෙන්න යන්න එපා. (නි)
දැන් මෙහෙම කීවට කලින්නම් කිව්වේ රෙදි ඇදගෙනද එන්න හදන්නේ කියල..(බ)
මෙතන ලොක්කා කියලා හිතාගෙන ලියන කට්ටිය ගැන කලබල වෙන්න එපා. එහෙම ලියලා හරි ඔය විශාදය දුරුකර ගන්න ඉඩදෙන්න. (නි)
මෙහෙම කළා නෙමේ කරන්න වුණා (බ)
ජෙනි, ජීවක සහ පාලිත, එකී අදහස පිළිබඳ ඔබේ විවේචන මට අදාළ නොවන බව කරුණාවෙන් සළකන්න. (නි)
චතුරි කව්ද අපිට හිනා වෙන්නේ ඔක්කොම- හූ- කියලනේ (බ)
මහින්ද මහත්තය දැන් විවේක සුවයෙන් සිටිය යුතු කාලය බව රටේ බහුතරයකගේ අදහසයි. මේ පහුගිය ආණ්ඩුවේ හිටපු හොරු තක්කඩි ටික ,කුඩු කාරයෝ ටික, එතනෝල් කාරයෝ ටික මහින්දට එකතු වෙලා මහින්දව ගේන්න වලි කන්නේ, ඒගොල්ලන්ගේ ෆයිල් ටික යට ගහගන්නයි. (බ)
හිටපු ජනපති දේශයේත් ජාතියේත් නායකත්වයයි.එතුමාට මඩ ප්‍රහාර එල්ල කරන අයට කියන්න තියෙන්නේ යමක් කියන්නට පෙර දෙවරක් සිතා බලන්න කියලයි,මහින්ද නැතිවුනොත් රට අනතුරේ ඒක ඉදිරියේදී කාට කාටත් දැනේවි (බ)
සුරිය මුදුන් වෙනතුරු කෙකි පැටලිල්ල.... වාරියපොලට නොදෙවැනි ගුටි ඇල්ලිල්ල.... කාරිය ඉවර නැත තවමත් ගෙරවිල්ල .... සාරිය යවමි සුමුදුට අම්මාපල්ල.... (නි)
හොරකන් කරපුව වහ ගන්න එන බව පේනවා.ළගදීම හොරකන් වලට වෙන දේවල් බලා ගත හැකි (බ)