සෙවනගල මහගම සෝමාදේවී මහා විද්‍යාලයයේ විදුහල්පති හා උසස් පෙළ ගුරුවරයකු පාසල ඇරීමට මිනිත්තු 15ක් තිබිය දී ගුටි බැට හුවමාරු කරගෙන රෝහල් දෙකකට ඇතුළු වී සිටිති.
ගුරුවරයාගේ වැටුප් විෂමතාවයක් මත දෙදෙනා අතර ආරවුල දිග්ගැස්සී ඇතැයි කියති.
විදුහල්පති ඇඹිලිපිටිය රෝහලේ ද, ගුරුවරයා සෙවනගල රෝහලේ ද සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නටම ළමයිනේ, ටොකු අනින්න තියෙන්නේ. (නි)
අනේ අපේ ඉස්කෝල ටිකට ගිය කලක්ත (අ)
අපි ඉස්කෝලේ යන කලේ ඉස්කෝලේ ඇරෙන්න විනාඩි 15ක් තියෙද්දී ජයමංගල ගාථා තමයි කිව්වේ (අ)
අතපය විසි කරන්න කලින් හුවමාරු කරගන්න කොතරම් දේවල් තියනවාද. ඒත් හිස් මිනිසුන්ට තව කෙනකුට යමක් තේරුම් කරලා දෙනවා තියා යමක් අවබෝධයේ තියනවාද කියන එකවත් දන්නේ නෑ.රටෙි විනාශය වැඩි ඈතක නෑ.මිනිසුන් අතර භේද ඇතිකර ඔවුනගේ බුදධිය විනාශ කර ඇත.(අ)
බලාගෙන හිටිය කොල්ලෝ කෙල්ලෝ ටිකට හරි සතුටු ඇති (නි)
එක්කෙනෙක් දේශපාලන අතකොළුවක් වෙන්න ඇති (නි)
ගුරුවරුන්ට දැන් වෘත්තීය ගෞරවය අවශ්‍ය නැහැ වගේ. (අ)
දැන් මේ ගෙවෙන්නේ විදුහල්පතිලගේ කාලයයි. දිකින දකින තැන විදුහල්පති කෙනෙක් ගෑවී ඇත (අ)
පාසල් දරුවන්ට නොපෙනෙන්න, අනික් ගුරුවරුන්ට නොපෙනෙන්න, ගුරුවරුන් හැටියට තමුන්ගේ ප්‍රශ්න කතාබහ කරගෙන සාමකාමිව උගතුන් හැටියට නිරාකරණය කරගන්න කටයුතු කළා නම් කොච්චර අගේද? එහෙම අයට නේද ගුරුවරු කියලා කියන්න පුළුවන්? ඉතින් දරුවන්ගේ අනාගතය ගැන මොන කතාද? (නි)
දෙදෙනාටම විරුද්ධව විනය පරීක්ෂනයක් ඕනෑ. (අ)
ගුටි බට හුවමාරුව හොඳා එක අතකට ! අලුත් ක්‍රමයට හපා කන්නේ නැතිව .. (අ)
ගුරු හොරු. (අ)
දැන් එතකොට මේ සිදුවීමේදී අපේ ජෝසප් ස්ටර්ලින් ගොයිය ගන්නේ කාගේ පැත්තද?(අ)
හැමෝම ගහගන්න එකේ ගුරුවරු ගහගත්තම මොකද වෙන්නේ? (අ)
නියමයි, දේශප්‍රේමී ගුරුවරු දෙන්නෙක් ජයවේවා! (අ)
හපා කාල නැත්ද? අඩුමගානේ බෙල්ල හරි ,කන හරි හපා කෑවා නම් තමා වැඩේ හරි කියන්ඩ පුළුවන්. (නදී)
කෝ අර සංගම් වල කට්ටිය? (නි)
උතුම් ගුරු වෘතියටත් නින්දාවක්, කකුළුවා යන්නේ ඇදයට නමුත් පැටවුන්ට කෙලින් යන්න කියනවා.(අ)
බලන්න මේ ගුරුවරු ළමයින්ගේ අධ්‍යාපනය ගැන මොන තරම් උනන්දු වෙනවද කියලා. දෙන්නා ගහගෙන තියෙන්නේ අන්තිම විනාඩි පහළොවේදී. එතකල් ඉවසලා ළමයින් වෙනුවෙන්.(අ)
ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියලා කියමනක් තියෙනවනේ. දැන් ඉතින් පාසලේ කොල්ලෝ කෙල්ලෝ ටික කොහොමද හදාගන්නේ? දෙන්නාම වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ යුතුයි (නි)
මේ දෙන්නවම එකම රෝහලේ එකම වාට්ටුවක යාබද ඇඳන් දෙකක තියලා බැලමුද? (නි)
විදුහල්පති හිතන්න ඇත්තේ එයාට ගහන්න එන්නේ නැතිවෙයි කියලයි. (නි)
වෙන වෙනම රෝහල් දෙකකට ඇතුළත් කළ එක හොඳයි. නැත්නම් එතනත් ගුස්ති අල්ලන්න පටන් ගනීවි (නි)
සතියකට වරක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මොකක්හරි ගුටි කෙළියක් යනවාමයි (නි)