‘ආතතිය‘ යන වචනය වැඩි වශයෙන් කතා බවට ලක් වූයේ 2010 ජනාධිපතිවරණය සමයේය. ඒ එකල මැතිවරණ කොමසාරිස්ව සිටි දයානන්ද දිශානායක මහතා කළ ප්‍රකාශයක් නිසාය. ඔහුගේ ප්‍රකාශයෙන් පසු ඇතැම් පිරිස් ඔහු හැදින්වූයේ ‘ආතති නන්ද‘ කියා ය.
එදා ඔහුට ආතතිය හැදුනාක් මෙන් මෙවර ‘ආතතිය‘ කෙසේ වෙතත් ‘පීඩනය‘ වැඩි වී ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතාටය. ඔහු පසුගිය ඉරිදා (15) කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු වී ප්‍රතිකාර ලැබූ අතර සදුදා පිටව ගියේය.
කොළඹ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට සිනාසෙමින් පිළිතුරු දුන් සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේ ‘පීඩණය වැඩි වුණාම රෝහල් ගත වෙන්න වෙනවා. මටත් පීඩනය වැඩි වෙලා රෝහල් ගත වුණා.‘ යනුවෙනි.
පෙරදින මාධ්‍ය ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැනුම් දී තිබුණේ බදාදා (15) උදේ 10.30ට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තිබෙන බවයි. පෙරදින රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමග මාධ්‍යවේදීන් විශාල පිරිසක් අද එහි ගියේ ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරුද ලැබෙතියි සතමිනි.
උදේ 10.50ට පමණ මාධ්‍ය සාකච්ඡාවට ආ නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා කීවේ තව සුළු මොහොමතික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ඇරැඹෙන බැවින් එය නිම වී දහවල් 12.30ට මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන බවයි.
‘එහෙනම් ඇයි 10.30ට එන්න කිව්වේ. අපි ගිහින් ආයේ එන්න ඕනෑද? හිටපු ජනපති කළ ප්‍රකාශය ගැන මොකද කියන්නේ?‘ මාධ්‍යවේදීහු එක දිගට ප්‍රශ්න අසන්නට වූහ.
‘දැන් තියෙන විශේෂ රැස්වීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් එනවා. ඉන් පස්සේ මාධ්‍ය සාකච්ඡාව තිබෙනවා. ඔයාලට ඉන් පස්සේ හොඳ කතා හම්බවෙයි. ඊළඟ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙනකම් ඉන්න.‘ යැයි සුමතිපාල මහතා කීවේය.
’12.30 වෙනකම් මාධ්‍ය සාකච්ඡාව ඇදගෙන යන්න ඔබට බැරිද?‘ යැයි මාධ්‍යවේදියකු ඇසූ විට ඔහු සිනාසෙමින් කීවේ ‘ඇයි මට බැරි? 12.30 නෙවෙයි දවසම වුණත් ඇදන් යන්න පුළුවන්. එහෙම හරි නැහැනේ ඉතින්‘ යනුවෙයි.
මද වේලාවකින් පක්ෂ නායකයන්ගේ රැස්වීම සඳහා එක්කෙනා දෙන්නා එන්නට වූහ.
හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එද්දී මාධ්‍යවේදීහු ඔහු වටකර ගත්හ.
‘මම ශ්‍රීලනිප සාමාජිකයෙක් නෙවෙයි. සන්ධානයේ සාමාජිකයෙක්. අද රැස්වීමට මටත් ආරාධනයක් ලැබුණා. ඒ නිසා තමයි මා ආවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානයට දැන් අලුත් නායකයකු අවශ්‍යයි.‘ යැයි ඔහු කීවේය.
ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවේ දී අගමැතිට කුණුහරපයෙන් බැණ වැදුණු වාසුදේව නානායක්කාර මහතාය. ඔහු කීවේ ජනපති එජාපයට ඇති ලැදියාව පෙරදින කළ කතාවෙන් තහවුරු වන බවයි.
හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා මාධ්‍යවේදීන්ට කිසිත් නොකී අතර ඔහු ආරක්ෂකයකුගේ ද සහායෙන් පඩිපෙළ නැඟ සාකච්ඡාව සඳහා උඩු මහළට ගියේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එද්දී මාධ්‍යවේදීහු පොරකමින් ඔහුගෙන් ප්‍රකාශයක් ගන්නට උත්සාහ කළහ. මෛත්‍රීපාල ජනපති පෙර දින කළ කතාව ගැන අහද්දී ඔහු කීවේ ’17 වැනි දා ඊට ප්‍රතිචාරය ලබාදෙන බවයි.‘
ඉන් පසු සුසිල් ප්‍රේමජයන්ත සහ කුමාර වෙල්ගම හිටපු මන්ත්‍රීවරු ආහ. අවසානයට ආවේ මහාචාර්ය ජී ඇල් පීරිස් මහතාය. සෙසු පිරිස එද්දී පොර කමින් ඡායාරූප ගැනීමට හා ප්‍රකාශයක් ගැනීමට පොර කෑ මාධ්‍යවේදීහු පීරිස් මහතා කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වූහ. පීරිස් මහතාට උඩු මහළට යෑමට ඇති පාර වැරදී මාධ්‍ය සාකච්ඡාව පිරිහි ශාලාවට යෑමට උත්සාහ කරද්දී ආරක්ෂකයකු එය වළක්වා හරි පාර පෙන්වීය.
සාකච්ඡාව අවසානයේ වාසුදේව සහ ඩිව් ගුණසේකර ප්‍රකාශයක් නොකර පිටව ගියහ.
මහින්ද රාජපක්ෂ මහතා කාරයට නගින්නට එද්දී මාධ්‍යවේදීන් වටකරගෙන ප්‍රශ්න අහද්දී ඔහු කීවේ ‘දැන් මාධ්‍ය සාකච්ඡාව තියෙනවානේ. මාධ්‍ය ප්‍රකාශකලා ඉන්නේ ඒවට තමයි.‘ යනුවෙනි.
මාධ්‍ය සාකච්ඡාව ආරම්භ වීමෙන් පසු මුලින්ම කතා කළේ සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්තය. ඔහු හීන් නූලෙන් මෛත්‍රීපාල ජනපතිට පහරක් දෙකක් ගැසීය. ඉන් පසු කතා කළේ අනුර ප්‍රියදර්ශන යාපාය. මාධ්‍යවේදීන් ප්‍රශ්න අසන අවස්ථාව උදාවිය.
මාධ්‍යවේදීන් පොරකමින් එසුවේ ජනපති කළ කතාව ගැනය. දිගින් දිගටම ප්‍රශ්න අහද්දී අඩල් අලහප්පෙරුම මහතා මාධ්‍යවේදියෙකු දෙදෙනකු වැළැක්වීය.
‘ඊළඟ ජනපතිවරණයේ දී අපි නියත වශයෙන්ම දිනනවා.‘ යැයි කියමින් දිනන සංඛ්‍යාලේකන අලහප්පෙර්ම මහතා ඉදිරිපත් කරද්දී ‘මාධ්‍යවේදියකු ඇඟට නොදැනි ඇසුවේ ‘ගියපාරත් ඔබ ඔය විදියටම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළානේ‘ කියාය. එවිට සියලු දෙනා සිනා සුනහ.
ජනපති මෛත්‍රීගේ කතාව ගැන ප්‍රශ්නයක් අදස්දී ‘ඔයා උත්තර දෙන්න.‘ යැයි සුසිල් කී විට සභාවේ සිනහවක් මතු විය. ‘නෑ මට වුණත් පිළිතුරු දෙන්න පුළුවන්. ‘යැයි සුසිල් කී අතර ඩලස් අලහප්පෙරුමට එම අවස්ථාව ගෙන පිළිතුරු දුන්නේය.
මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න අහද්දී වෙල්ගම කීවේ ‘ජනාධිපතියි අපි අතර ගැටුමක් ඇති කරන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න අසනවා‘ කියාය.
ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රී රැස්වී පෙරදින මෛත්‍රී කළ ප්‍රකාශය ගැන තීරණයක් ගැනීමට නියමිත යැයි අද උදේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රභලයෙක් අද උදේ කීවේය. නමුත් සවස් වන විට තත්ත්වය වෙනස් වී තිබිණි. ජනපතිගේ අවසරයක් නැතිය මධ්‍යම කාරක සභාව රැස්විය නොහැකි යැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.
ජනපති පෙරදින රාත්‍රී ජනපති කළ කතාවෙන් කිසිදු හානියක් නැතැයි ඇඟවීමට සියලු දෙනා උත්සාහ කළ ද ඉන් දැඩි බලපෑමක් වී ඇතැයි ඔවුන්ගේ හැසිරීමෙන් පෙනිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී මැති තුමාගේ කතාවට කට්ටිය පුදුමවීම මට හිතාගන්න බැහැ. මේක ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියාගේ විදිහ. අනිත් පුරවැසියන් ගැන කුමන කතා. (ම)
ඩලස්ගේ සංඛ්‍යා ලේඛන ගැන කියද්දී මට මතක්වුනේ මොන ඉස්කෝලේට ගියාද කියා. (නදී)
දැන් ඉතින් කතාව කියලා ඉවරනේ! (නි)
අනේ සුසිල් මහත්තයෝ? (නි)
ඇත්ත වශයෙන්ම ඉතිහාසය අමතක නොකර ශ්‍රී ලාංකික භුමිය මත දෙපා තබා සිටි මිනිසුන්ට දැඩි බලපෑමක් වීම ස්වාභාවිකය. ජීවිතයකට වන බලපෑමක් අශිවාදයක් වන අවස්ථා එමටය. එහෙත් එම බලපෑම පුනර්ජීවනයකට යොදා ගැනීමේ සේයාවක් මෙහි සිටින අයගේ හැසිරීමෙන් නම් නොපෙනේ. (ම)
නායකයන් රට පාවා දීම එදත් වුණා අදත් වෙනවා.(ම)
ඉමල්කා මොකද හැම තිස්සෙම පාවාදීම මතක් වෙන්නේ. (නදී)
මගේ නම් හිතට වැදුනේ මේ ටික. "පෙරදින රාත්‍රී ජනපති කළ කතාවෙන් කිසිදු හානියක් නැතැයි ඇඟවීමට සියලු දෙනා උත්සාහ කළද ඉන් දැඩි බලපෑමක් වී ඇතැයි ඔවුන්ගේ හැසිරීමෙන් පෙනුනි" (නි)
මෛත්‍රීව සභාපතිකමෙන් ඉවත් කරන්නද මහත්තයෝ කියන්නේ ?(නදී)
මෛත්‍රී කියන්නේ සාමකාමී නිහතමානී , ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් , මට හිතෙන්නේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් , විජේතුංග ජනාදිපති තුමන් ලඟට අපට හමු උන අවිහිංසාවාදී නායකයා කිවොත් නිවරද්යි , මේ මනුසයව පරෙසං කරගන්න තරමට ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න පුළුවන් නැත්නම් ජනවාරි 8 වෙනිදට කලින් තිබුන තැනටම රට යනවා එක නවතනවා බොරු (ස)
ගොඩක් අය මහින්ද මහතාගේ පුද්ගලික ප්‍රතිරූපය මත විශ්වාසය තියාගෙන ගොඩයන්න බලාගෙන හිටියේ. වැඩ පිළිවෙලක් ප්‍රතිපත්තියක් මොකුත් නැහැ.එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (නි)
මෛත්‍රී නිකම් සුනාමියක් අාව වගේ ජන ප්‍රසාදයක් නැහැ එජාප සාමාජිකයන් සම්පුර්ණයෙන්ම ජනාධිපති තුමා මතම යැපෙනවා රනිල් මහතාට තනිව බැරි බව විශ්වාසය නිසා තවදුරටත් ජනපති ශ්‍රීලනිපයේ නොවේ ඔහු එජාපයට ඉත්තෙකු වී ඇත (ස)
ලක්ෂිත මගේත් හිතට වැදුනේ මේ ටික. "පෙරදින රාත්‍රී ජනපති කළ කතාවෙන් කිසිදු හානියක් නැතැයි ඇඟවීමට සියලු දෙනා උත්සාහ කළද ඉන් දැඩි බලපෑමක් වී ඇතැයි ඔවුන්ගේ හැසිරීමෙන් පෙනුනි". වෙන්නත් ඕනෑ එකම තමයි. (අ)
නායකයන් කරන දේ සෑම විටම නිවැරදි නම් දොන් ජුවන් ධර්මපාල රජුත් ශ්‍රේෂ්ටයි නේ (ම)
මේ මහත්වරුන් කොහොමත් මෛත්‍රී මැතිතුමාට වඩා මහින්ද මැතිතුමාට එකතුයි මෛත්‍රී මැතිතුමා මෙම කණ්ඩායම දිනවන්න කටයුතු කළත් එක වෙනස් වෙන්නේ නෑ එකෙන් වෙන්නේ රනිල් මහතා ප්‍රමුක පිරිස අමනාප වීම පමණි එතකොට ඡන්දෙන් පස්සේ මෛත්‍රී මැතිතුමාට කවුරුත් නැති වෙනවා දොසභියෝගයක් වුණත් ගෙනෙන්නට ඉඩ තියනවා දැන් එක වැලකුණා යහපාලනයට ජය (අ)
මේ ඔක්කොම සාන්ත දාන්ත බබාල. අනේ පව් (ස)
දැන්මම තමන්ගේ වැඩක් බලා ගත්තොත් නරකද? ප්‍රතිපලය දන්නවනේ. (නදී)
ජ්‍යෙෂ්ඨයන්, ප්‍රබලයන්, දෙවැනි පෙලට එන්න බලන්නවුන් සහ අගමැතිකමට සුදුස්සන් හිත යටින් මෛත්‍රීට ප්‍රශංසා කරනවා ඇති. ඉදිරියට යාමක් නැත්නම් ඉදිරිය බලා සිටියදී වැසී යනවාට කිසිම කෙනෙක් කැමැති නැහැ. මෙය තේරුම් ගැනීම නම් කාටත් වටිනවා - උසස්වීම් ලැබීමට ඉදිරියට යාමට මග අහුරාලීමට ක්‍රියා නොකිරීමට ශ්‍රේෂ්ඨයන් වග බලා ගත යුතුයි (ස)
පහුගිය ටිකේ කියපු පට්ට බොරැ මේකා.මුන්ව එලවලම දාන්න ඕනා. (ස)