ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් මෙවර වෙසක් පුන් පොහොය දිනයේදී සාංඝික දානයක් පිරිනැමීය.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදසී නාහිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඥ නිකායේ ප්‍රධාන සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි ඇතුළුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විහාරස්ථානයන් රැසක මහා සංඝයා වහන්සේ විසිනමක් දානය සඳහා වැඩම කර සිටියහ.
සම්බුදු තෙමඟුල මෙනෙහි කරමින් වෙසක් පුන් පොහොය දිනයේ ශ්‍රී ලාංකික ජනතාවටත්, ශ්‍රී ලංකා රජයටත් ජනාධිපතිටත් සෙත් පැතීම මෙම පින්කමෙහි අරමුණ වූ බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
වෙසක් උත්සවය සහ පිංකම වෙනුවෙන් මහ කොමසාරිස් කාර්යාලයය බෞද්ධ කොඩි සහ පහන් කුඩු යොදා අලංකාර අන්දමට සරසා තිබුණි.
සීලවිමල නාහිමියන්, ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියන් සහ දේදුනුපිටියේ උපනන්ද හිමියෝ අනුශාසනා පැවැත්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසන් මොහොතේ හෝ මතක් වී වෙසක් දානයක් දීම හොඳයි. නත්තලට කල් තියා සුදානම් වෙමු. (ස)
අන්න කොටි යුරෝපා මැතිවරණයට බරටම වැඩ. එකත් මතක නෑ නේද? ඇහැරෙනකොට පෙරහැර අවසන්. (ස)
ඇයි සමහරු ආරාධනා කරනවාට අකමැති. (ස)
මැයි 18-19 ලන්ඩනයට රැස්වෙන කොටි ලංකාවටත්, රජයටත්, ත්‍රිවිද හමුදාවටත් විරුද්ධව රැස්වීම් රාශියක් පවත්වනවා. මේවට බ්‍රිතාන්‍ය රජයත්, පක්ෂ විපක්ෂ ඇමතිවරු මන්ත්‍රීවරු විශාල සහයක් දෙනවා. දැන් කියන්න තානාපති කාර්යාලය මේවා නවත්තන්න මොකවත් කළාද? දේශපාලකයෝ දැනුවත් කරන වැඩපිළිවෙලක් තියෙනවද? අන්න වැඩ කරනවානම්. (ස)
අනිත් තානාපති කාර්යාලවලත් වෙසක් සමරුව මහා ඉහලින්.පොඩි දානයක් පමණයි දීල තියෙන්නේ. සෙනග දැක්කහම පේනවා. මීට කලින් දක්ෂ අවංක නිලදාරීන් හිටිය. ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරලා පත්තර වල දැමුවේ නැත. (ස)
නෝනිස් බුද්ධාගම වැළඳ ගත් එක නම් හරිම හොඳ වැඩක්. මිනිහ පවතින ක්‍රමය ගැන කල කිරිල මහන වෙයිද දන්නේ නැහැ. (ස)
ප්‍රසිද්ධියේ නොකිව්වට හාමුදුරුවරු දොස් කිව්වලු අන්තිම මොහොතේ වෙසක් දානයට එන්න කිව්වට. සමහරු එන්න බැහැ කියලා වෙසක් දවසේ පන්සලේ වැඩ තියෙනවා කියලා. සමහර පන්සල් වලට ලියුම ලැබිල තිබුනේ (12) සඳුදාලු . දානය තිබුනේ 14 බදාදා. (ස)
මේක වෙසක් පින් කමනේ.සෙනඟ බලන්න ඕනෑ නම් එන්න ජනාධිපති තුමාගේ උපන් දිනයට සෙත් පතා පවත්වන දවස් දෙකේ පිරිත් සහ දාන පින්කමට. (ස)
පුජ්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමින්වහන්සේ බුදුරජානන්වහන්සේ ගැන ඉංග්‍රීසි බසින් කල දේශනය ඉතා අනර්ඝයි. කතෝලික මට බුදුදහම ගැන විශාල පැහැදීමක් ඇතිවුනා. (ස)
හැම කෙනෙක්ම අසුභාවාදිව බලන්න පුරුදු වෙන්න එපා සුභවාදිව බලන්න..... (දී)
ඇළක් බොරවේද බොල්පිනි බෑවාට.... ගලක් තදවේද සාවුන් නැටුවාට... මලක් පරවේද බිඟු රොන් ගත්තාට... කන්දක් මිටිවේද බල්ලෙක් බිරුවාට.... (නි)
ඉතාමත් අගය කරන කටයුත්තක් (නි)
නමුත් මම නම් මීට වැඩිය පිරිසගේ පැමිණීම බලාපොරොත්තු වුණා. (නි)
මේ වගේ උතුම් පොහොය දිනකදී විදේශගත සියළුම භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. (නි)
විතාරන්දෙණියේ හාමුදුරුවෝ වැඩියේ නැත්තේ ඇයි? (ස)
ස්කොට්ලන්තේ සෙල්ලම් බලන්න යන්න බැරි එකට වග කියන්න ඕන කවුද? (ස)
දැන් මේ කෙරුන පිංකම දිහා බලලා සතුටු වෙමු. පුළුවන් හැටියට නේ ඒ උදවිය කාර්ය බහුල ජීවිත අතරේ මේ වගේ පින්කමක් කරන්න ඇත්තේ. කන් කොන් නොසොයා එය අගය කරමු. (දී)
හරිම කණගාටුවක් දැනෙනවා සමහර අදහස් දකිද්දී. මෙවන් උතුම් දවසක, උතුම් අවස්ථාවක අනං මනං විකාර කියවන්නේ නැතුව, යහපත් සිතින් හා යහපත් වූ අරමුණකින් මෙදෙස බලා සතුටුවීමෙන් සිතේ ඇතිකර ගන්නාවූ ප්‍රභාෂ්වරය කෙතරම් උතුම් වන්නේද? (නි)
රාජතාන්ත්‍රික මට්ටමින් ලංකාව අවාසනාවන්ත ලෙස පහතට වැටිලා. බ්‍රිතාන්‍යයේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම ලංකාවට එරෙහි වෙලා. මේවයි තානාපති කාර්යාල වලින් කළයුත්තේ. (නි)
විධුෂකගේ අදහස ඉතා අගෙයි.බුදු සරණයි!(නි)
අචල, තානාපති කාර්යාල ගැන කතා කරලා වැඩක් නැහැ. වරප්‍රසාද භුක්ති විඳින්න විතරයි කාර්යාල පවත්තගෙන යන්නේ. ඕස්ට්‍රේලියාවේ එකත් මීට නොදෙවෙනි නැහැ. මේවායේ වැඩ කරන නෝනලාට දවසෙම ඈනුම් අරිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ. (ස)
කිහිප දෙනෙක් හරි එකතු වෙලා කරපු මේ කුසල කර්මය ගැන ස්තුතියි. (ස)
මහා කොමසාරිස් කාර්යාලයට වෙසක් උත්සවය මතක් වෙලා තියෙන්නේ ගිය සතියේ. සංවිධානය කරපු හැමෝටම ගොඩක් පින්. (ස)
වෙසක් උත්සවය දැන් ඉවරයිනේ. නත්තල හොඳට කරමුකෝ. (ස)
සෙනග මදිනේ. ලන්ඩනයේ සිංහල බෞද්ධ පන්සල්ම 12ක් විතර තියෙනවා. විශාල බෞද්ධ පිරිසකුත් ඉන්නවා. මෙච්චරද ඇවිල්ල හිටියේ? කින්ස්බරි පන්සලේ සතියේ දවසක සවස බුද්ධ පුජාවටත් මීට වඩා සෙනග එනවනේ. (ස)
මෙයට වඩා ලස්සනට කරන්න තිබුනා නේද? අනිත් උත්සව වගේ ඇයි පත්තර වල වෙබ් අඩවි වල දැම්මේ නැත්තේ? හිතවතුන් අතරේ විතරද දානය කෙරුනේ? (ස)