ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් මෙවර වෙසක් පුන් පොහොය දිනයේදී සාංඝික දානයක් පිරිනැමීය.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදසී නාහිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඥ නිකායේ ප්‍රධාන සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි ඇතුළුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විහාරස්ථානයන් රැසක මහා සංඝයා වහන්සේ විසිනමක් දානය සඳහා වැඩම කර සිටියහ.
සම්බුදු තෙමඟුල මෙනෙහි කරමින් වෙසක් පුන් පොහොය දිනයේ ශ්‍රී ලාංකික ජනතාවටත්, ශ්‍රී ලංකා රජයටත් ජනාධිපතිටත් සෙත් පැතීම මෙම පින්කමෙහි අරමුණ වූ බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
වෙසක් උත්සවය සහ පිංකම වෙනුවෙන් මහ කොමසාරිස් කාර්යාලයය බෞද්ධ කොඩි සහ පහන් කුඩු යොදා අලංකාර අන්දමට සරසා තිබුණි.
සීලවිමල නාහිමියන්, ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියන් සහ දේදුනුපිටියේ උපනන්ද හිමියෝ අනුශාසනා පැවැත්වුහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මහා කොමසාරිස් කාර්යාලයෙන් දාන පින්කමක්
ලෙස්ලි Friday, 16 May 2014 01:51 PM
අවසන් මොහොතේ හෝ මතක් වී වෙසක් දානයක් දීම හොඳයි. නත්තලට කල් තියා සුදානම් වෙමු. (ස)
ලිලානි Friday, 16 May 2014 01:54 PM
අන්න කොටි යුරෝපා මැතිවරණයට බරටම වැඩ. එකත් මතක නෑ නේද? ඇහැරෙනකොට පෙරහැර අවසන්. (ස)
වීරරත්න Friday, 16 May 2014 12:11 AM
ඇයි සමහරු ආරාධනා කරනවාට අකමැති. (ස)
රනිල් Friday, 16 May 2014 02:21 PM
මැයි 18-19 ලන්ඩනයට රැස්වෙන කොටි ලංකාවටත්, රජයටත්, ත්‍රිවිද හමුදාවටත් විරුද්ධව රැස්වීම් රාශියක් පවත්වනවා. මේවට බ්‍රිතාන්‍ය රජයත්, පක්ෂ විපක්ෂ ඇමතිවරු මන්ත්‍රීවරු විශාල සහයක් දෙනවා. දැන් කියන්න තානාපති කාර්යාලය මේවා නවත්තන්න මොකවත් කළාද? දේශපාලකයෝ දැනුවත් කරන වැඩපිළිවෙලක් තියෙනවද? අන්න වැඩ කරනවානම්. (ස)
සුමන Friday, 16 May 2014 02:25 PM
අනිත් තානාපති කාර්යාලවලත් වෙසක් සමරුව මහා ඉහලින්.පොඩි දානයක් පමණයි දීල තියෙන්නේ. සෙනග දැක්කහම පේනවා. මීට කලින් දක්ෂ අවංක නිලදාරීන් හිටිය. ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරලා පත්තර වල දැමුවේ නැත. (ස)
සත්‍යයා Friday, 16 May 2014 12:17 AM
නෝනිස් බුද්ධාගම වැළඳ ගත් එක නම් හරිම හොඳ වැඩක්. මිනිහ පවතින ක්‍රමය ගැන කල කිරිල මහන වෙයිද දන්නේ නැහැ. (ස)
අචල Friday, 16 May 2014 02:26 PM
ප්‍රසිද්ධියේ නොකිව්වට හාමුදුරුවරු දොස් කිව්වලු අන්තිම මොහොතේ වෙසක් දානයට එන්න කිව්වට. සමහරු එන්න බැහැ කියලා වෙසක් දවසේ පන්සලේ වැඩ තියෙනවා කියලා. සමහර පන්සල් වලට ලියුම ලැබිල තිබුනේ (12) සඳුදාලු . දානය තිබුනේ 14 බදාදා. (ස)
වීරේ Friday, 16 May 2014 12:19 AM
මේක වෙසක් පින් කමනේ.සෙනඟ බලන්න ඕනෑ නම් එන්න ජනාධිපති තුමාගේ උපන් දිනයට සෙත් පතා පවත්වන දවස් දෙකේ පිරිත් සහ දාන පින්කමට. (ස)
කීර්ති ද සිල්වා Friday, 16 May 2014 12:26 AM
පුජ්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමින්වහන්සේ බුදුරජානන්වහන්සේ ගැන ඉංග්‍රීසි බසින් කල දේශනය ඉතා අනර්ඝයි. කතෝලික මට බුදුදහම ගැන විශාල පැහැදීමක් ඇතිවුනා. (ස)
කුමාරි Friday, 16 May 2014 03:01 PM
හැම කෙනෙක්ම අසුභාවාදිව බලන්න පුරුදු වෙන්න එපා සුභවාදිව බලන්න..... (දී)
ගැමුණු Friday, 16 May 2014 03:12 PM
ඇළක් බොරවේද බොල්පිනි බෑවාට.... ගලක් තදවේද සාවුන් නැටුවාට... මලක් පරවේද බිඟු රොන් ගත්තාට... කන්දක් මිටිවේද බල්ලෙක් බිරුවාට.... (නි)
පෙරේරා Friday, 16 May 2014 04:05 AM
ඉතාමත් අගය කරන කටයුත්තක් (නි)
කපිල Friday, 16 May 2014 04:17 AM
නමුත් මම නම් මීට වැඩිය පිරිසගේ පැමිණීම බලාපොරොත්තු වුණා. (නි)
ජෝර්ජ් Friday, 16 May 2014 04:27 AM
මේ වගේ උතුම් පොහොය දිනකදී විදේශගත සියළුම භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. (නි)
රෝසි Saturday, 17 May 2014 02:15 AM
විතාරන්දෙණියේ හාමුදුරුවෝ වැඩියේ නැත්තේ ඇයි? (ස)
රෝමා Saturday, 17 May 2014 02:22 AM
ස්කොට්ලන්තේ සෙල්ලම් බලන්න යන්න බැරි එකට වග කියන්න ඕන කවුද? (ස)
භානු Friday, 16 May 2014 03:27 PM
දැන් මේ කෙරුන පිංකම දිහා බලලා සතුටු වෙමු. පුළුවන් හැටියට නේ ඒ උදවිය කාර්ය බහුල ජීවිත අතරේ මේ වගේ පින්කමක් කරන්න ඇත්තේ. කන් කොන් නොසොයා එය අගය කරමු. (දී)
විධුෂක Friday, 16 May 2014 07:02 AM
හරිම කණගාටුවක් දැනෙනවා සමහර අදහස් දකිද්දී. මෙවන් උතුම් දවසක, උතුම් අවස්ථාවක අනං මනං විකාර කියවන්නේ නැතුව, යහපත් සිතින් හා යහපත් වූ අරමුණකින් මෙදෙස බලා සතුටුවීමෙන් සිතේ ඇතිකර ගන්නාවූ ප්‍රභාෂ්වරය කෙතරම් උතුම් වන්නේද? (නි)
සෑම් Friday, 16 May 2014 03:50 PM
රාජතාන්ත්‍රික මට්ටමින් ලංකාව අවාසනාවන්ත ලෙස පහතට වැටිලා. බ්‍රිතාන්‍යයේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම ලංකාවට එරෙහි වෙලා. මේවයි තානාපති කාර්යාල වලින් කළයුත්තේ. (නි)
තුසිත Friday, 16 May 2014 08:28 AM
විධුෂකගේ අදහස ඉතා අගෙයි.බුදු සරණයි!(නි)
කමල් Friday, 16 May 2014 04:21 PM
අචල, තානාපති කාර්යාල ගැන කතා කරලා වැඩක් නැහැ. වරප්‍රසාද භුක්ති විඳින්න විතරයි කාර්යාල පවත්තගෙන යන්නේ. ඕස්ට්‍රේලියාවේ එකත් මීට නොදෙවෙනි නැහැ. මේවායේ වැඩ කරන නෝනලාට දවසෙම ඈනුම් අරිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ. (ස)
කුමාර Friday, 16 May 2014 11:16 AM
කිහිප දෙනෙක් හරි එකතු වෙලා කරපු මේ කුසල කර්මය ගැන ස්තුතියි. (ස)
ලාල් Thursday, 15 May 2014 09:43 PM
මහා කොමසාරිස් කාර්යාලයට වෙසක් උත්සවය මතක් වෙලා තියෙන්නේ ගිය සතියේ. සංවිධානය කරපු හැමෝටම ගොඩක් පින්. (ස)
සඳරුවන් කින්ස්බරි Thursday, 15 May 2014 09:45 PM
වෙසක් උත්සවය දැන් ඉවරයිනේ. නත්තල හොඳට කරමුකෝ. (ස)
දිල්කි Thursday, 15 May 2014 10:44 PM
සෙනග මදිනේ. ලන්ඩනයේ සිංහල බෞද්ධ පන්සල්ම 12ක් විතර තියෙනවා. විශාල බෞද්ධ පිරිසකුත් ඉන්නවා. මෙච්චරද ඇවිල්ල හිටියේ? කින්ස්බරි පන්සලේ සතියේ දවසක සවස බුද්ධ පුජාවටත් මීට වඩා සෙනග එනවනේ. (ස)
මානෙල් Thursday, 15 May 2014 10:51 PM
මෙයට වඩා ලස්සනට කරන්න තිබුනා නේද? අනිත් උත්සව වගේ ඇයි පත්තර වල වෙබ් අඩවි වල දැම්මේ නැත්තේ? හිතවතුන් අතරේ විතරද දානය කෙරුනේ? (ස)