(නිමල කොඩිතුවක්කු)
මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.
එහිදී මඩකලපුවෙන් මෙට්‍රික්ටොන් 15ක් සහ අම්පාරෙන් මෙට්‍රික්ටොන් 7ක් මිලදී ගෙන ඇති බවත් එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.
පොලොන්නරුව ඇතුලු දිස්ත්‍රික්ක වලින් වී තොග ලැබීමට නියමිතව ඇතත් පවතින වර්ෂාව සහිත කාලගුණ තත්වය ඊට බාධා වී ඇතැයිද සභාපතිවරයා කීවේය.
මෙවර මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් දෙලක්ෂ දස දහසක් මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලය පහසුකම් සලසා ඇතැයිද ඔහු පැවසීය.
ඒ වෙනුවෙන් වී අළෙවි මණ්ඩලය සතු මධ්‍යස්ථාන 166ක් සූදානමින් පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් 48ක් මිල දී අරන්
ප්‍රියන්ත Monday, 10 March 2025 05:44 PM
අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් වී අලෙවි මණ්ඩලයට යලි පණදී වී මිලට ගැනීම ඇරඹූ විට එය කඩාකප්පල් වේවා යැයි පැතූ අධමයින් පිරිසක් මේකේ කමෙන්ට් දාන අය අතරේත් ඉන්නවා...!
යෝගා Monday, 10 March 2025 05:52 PM
ඔන්න ඔය ටිකත් ඩඩ්ලිටම දීලා දාන්න. දෙගොල්ලන්ම එකතු වෙලා යටින් ඩීල් දාලා උඩින් සංදර්ශන පෙන්නනවා... මේසෙට ගහ ගහ. දැන් පුළුවන් නම් හාල් ආනයන බද්ද අඩුකරන්න. ලොවෙත් කරන්නේ නෑ. කොහොමත් බොරු කියන කෙනා හොර වංචා කරනවාමයි.
රටඑඇසියා Monday, 10 March 2025 06:24 PM
ඒ කියන්නෙ තාම වී කිලෝ 48000යි. බලාපොරොත්තුව කිලෝ 210,000,000 යි 210,000,000-48000=209952000 209952000 කිලෝ කවදා අරන් ඉවර කරන්නද?අවුරුදු ලබන්න තව මාසයයි තියෙන්නෙ..දවසකට වී කිලෝ 69 ලක්ස 98400.
Indika Monday, 10 March 2025 08:11 PM
අප්පේ ඕකටද ඔය ඔච්චර හය්යෙන් මේසෙට ගැහුවේ... වී ටොන් 48ක් ගන්න ආන්ඩුවක් මක්කටෙයි. අපේ ගමේ මෝලක් කරන පොඩි කෙනෙකුට කිව්වා නම් ඔයිට වඩා ගනීවි.. ඕක දෙන්න ළමයෙකුට... ලැජ්ජයි...
PGPThilak Monday, 10 March 2025 09:02 PM
මේ වී ටිකෙන් රටට කැඳ වේලක් බොන්නවත් මදි නේද? ගබඩාවල නිලධාරීන්ට පඩි කනවා විතරයි වගේ!
ගුණරත්න Monday, 10 March 2025 10:15 PM
මේ වී කිලෝ 48000න් හාල් කිලෝ කීයද? දවස් කීයකට ලංකාවේ අවශ්‍යතාවය පිරිමහින්න ඒ සහල් ප්‍රමාණවත් වේවිද? දැන් වී ගබඩා කළා කියලා කිව්වත් ඔය වියදමට තව වියදම් එකතු වෙන්න ඕනෑ. වැටුප් සහ ගබඩා නඩත්තු වියදම්, ආණ්ඩුවේ ගිණුමෙන් ඒ වියදම් පියෙව්වා වුණත් සහල් විකුණන විට ඒ වියදමත් එකතු කරලා මිල නියම කරන්නේ නැතිනම් ඔය බිස්නස් එකෙන් පාඩුවෙන්න පුළුවන්...
මිලානෝ වැසියා Tuesday, 11 March 2025 12:55 AM
රටේ දවසක වී අවශ්‍යතාවය වී මෙට්‍රික්ටොන් 10400 යි. දවසක අවශ්‍යතාවය මිලදී ගන්නත් තව 10352 ක් අඩුයි. මාලිමාවේ සෙනග හරි සන්තෝෂෙන් ප්‍රතිචාර පළ කරනවා. කිසිම අවබෝධයක් නෑ.
Mangala Dissanayake Tuesday, 11 March 2025 08:51 AM
ගොවිතැන ගැන නොදන්න, දේශපාලන ඇම්බැට්ටයෝ ටිකක් අහිංසක ගොවියන්ගේ හීන බොඳ කරන හැටි සමහරකගේ අදහස් වලින් පේනවා.
Business Tuesday, 11 March 2025 09:48 AM
සමහර ගොවියෝ ආත්මාර්ථකාමි, මිනිස්සුගේ ආකල්පමය වෙනසක් කරන්න ලංකාවේ ලේසි නෑ. ඉල්ලීම් විතරයි, යුතුකම් , වගකීම් කියලා දෙයක් ඔලුවේ නෑ.තමුන්ගේ වැඩේ කර ගත්තා නම් හරි.