ජාතික ඖෂධ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතියේ හිත සුව පිණිස වහා සම්මත කරගත යුතු පනතක් ලෙස ජනපති විසින් මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.
ගිය රජය කාලයේ මෙම පනත සම්මත කැර ගැනීමට නොහැකි වු බවත් එය අතුරුදන් වු බවත් හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ෆාමසි වලට ඖෂධ දාන කම්පැනි සේවකයන්ට මොකද වෙන්නේ? ඕකෙන් බලපෑමක් වන්නේ බෙහෙත් ප්‍රමෝට් කරන අයටද? අළෙවිකරන අයටද? (නි)
මේ ඖෂධ පනතින් අපේ රටේ රෝගී ජනතාවට කරපු ලොකුම ලොකු පිංකමක් නැත්තම් මේ ජාවාරම් කර හොරුන් හැමදාම අහිංසක රෝගීන්ගේ ලේ උරාබොන කුඩල්ලෝ වගෙයි.(හේ)
ලංකාවට යන සංචාරකයින්ට මෙහෙ රජයෙන් කරන එකම නිර්දේශය ඔබේ බෙහෙත් මල්ල පමණක් මෙහෙන් අරගෙන යන්න කියල. (බ)
මෙම පනතින් ඖෂධ වල වෙළඳ නාමය යටතේ නොව වයද්‍ය නාමය යටතේ බෙහෙත් අලෙවි කල යුතු බව මට හිතෙන්නේ.එවිට එකම බෙහෙත්ට විවිධ මිල අයකළ නොහැක බෙහෙත් මිල අඩුවේවි බාල බෙහෙත් විකිණිය නොහැක (අ)
පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තියාගෙන මේ වගේ ජනතාවට වැදගත් පනතක් සම්මත කරගන්න බැරි වුණා , මහින්ද මහතය වීරවංස ඇතුළු පිරිස කොහොමද නැවත රට දිනවන්නේ ? (අ)
මෙන්න මෙවැනි රටට වැදගත් වැඩ තමයි ආණ්ඩුවකින් කල යුතු වන්නේ. ඔබ තුමාට පින් ජනදිපතිතුමනි ! මේ තුලින් දුප්පත් ජනතාවට විශාල සෙතක් ලැබෙයි කියල හිතනවා (අ)
දුන් පොරොන්දු ඉටුකිරීම හොඳ ගුණයක්. මේවගේම ඉතුරු ඒවා ටිකත් අවසන්කළා නම් තමයි හොඳ (නි)
අපේ ජනපතිට ජයවේවා! (නි)
චාමර, ඔබ හරියටම හරි. සේනක බිබිලේ මහතාට තමා මේකේ ප්‍රණාමය ලැබෙන්න ඕනෑ (නි)
මෙයින් ලැබෙන සහනය ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න (නි)
පනතේ අන්තර්ගතය ජනතාවට දැනගැනීමට සැළැස්වුවහොත් අගෙයි (නි)
මෙන්න අපි බලාපොරොත්තු වූ යහපාලනය.... (නි)
හොඳ වැඩ දිගටම කිරීම ගැන සුබ පතනවා (නි)
ඖෂධ පනත ගෙන ආවිට අපිට පෙනඩෝල් ශත 50ට ගන්න පුළුවන්. ඒවගේම ඉන්දියාවෙන් කුණු කොල්ලයට ගෙනෙන බෙහෙත් වෙනුවට ගුණාත්මක බෙහෙත් ගන්න පුළුවන්.අහිංසක මිනිසුන්ට ශල්‍යකර්ම කරන්න බෙහෙත් ගන්න ෆාමසි ගානේ යන්න ඕනෑ නැහැ (නි)
හරිම සතුටුයි (නි)
දෙවි කෙනෙක් නොවුන දෙවියෙකුට ආරූඩ උනාම ඔහු මොනවා කරාවිද ? සිතන්න යමක් මෛත්‍රී ජය ඔබට (නදී)
සමාගම් කොමිස් නොලැබෙන නිසා වක්‍රාකාරව වෛද්‍යවරු පඩි වැඩිවීමක් ඉල්ලන්න පුළුවන් නේද? (නි)
අගය කරනවා (නි)
අනේ ජනාධිපති තුමනි කොහොම හරි මේ පනත සම්මත කරගන්න අසරණ රෝගීන්ව සුවපත් වෙන පිනෙන් ඔබතුමාට මතු බුදු බව ලැබෙනවා , මේ පමණ කලක් මේ පනත පස්සට දමපු දේශපාලකයන් සහ බහුජාතික සමාගම් ලොක්කන් නරකදියටම යත්වා .(අ)
ඖෂධ පනත සාර්ථකලෙස සම්මත කරගැනීමට මූලිකව ක්‍රියාකළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු සියලු දෙනාට අනේක වාරයක් ස්තූතිවේවා!අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
රටට ආදරය කළ මහ රජුට ,ජනතාව වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න බැරිවුණේ ඇයි? (නි)