උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය හේතුවෙන් පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ඉදිරි සතියේදී ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නීතිපතිට නියෝග කළේය.

පාරිසරික යුක්ති කේන්ද්‍රයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අද (14) සලකා බලා මේ තීරණය දුන්හ.