නව ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අවසර දෙන්නැයි උසස් අධ්‍යාපන ඇමැති මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කෙළේය. ඔහු එම මෝසම ගොනු කෙළේ 2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිළුල වැරැදි බව පවසමින් එම ප්‍රතිළුලය අහෝසි කරන ලෙස ඉල්ලා සිසුන් 16 දෙනකු හා ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික පෙත්සම් විභාග කර එහි තීන්දුව ලබන ජූනි 30ට පෙර දීමට දින නියම කැර තිබියදීය. මෝසම අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණි අමරතුංග, හා කේ. ශ්‍රී පවන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි. ශ්‍රේෂ්ඨාධිකරණ පෙන්වාදුන්නේ විශ්ව විද්‍යාලයට සිසුන් අතුළු කිරීමේ බලය විශ්ව විද්‍යාල කොමිසමට මිස ඇමැතිට නැති බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මැති ඇමතිල 225 යි නඩු තියෙනව කෝටි 2 ක් ලංකාවේ සාමාන්‍ය ජනතාව කෝටි 2 යි නඩු 225 ක් වත් නැති තරම් හරි අපූරු රටක් ...
ඇමතිතුමා, මේ පාර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මොන තීරණයක් කියලද කියන්නේ ?
ලූලා නැති වලට කණයා පණ්ඩිතයා වෙන්න යනවානෙ...
සමහර නඩුවලට තීන්දු දෙන විට පෙර වැරදි සලකා බලනවා.
ඇති යන්තං.. හරි තීන්දුවක් දුන්නා..
අපේ රටේ නිදහසින් පස්සෙ පත්වුණු 'හොදම' අධ්‍යාපන ඇමැතිවරයා. (අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන දෙන්නම ) ඔහු ඉපදී ඇත්තේම රටේ විශ්ව විද්‍යාල සියල්ල 'වැඩි දියුණු' කිරීමටයි. තමාගෙ තරම තේරුම් ගන්න දැන්වත් උත්සහ ගනීද සැකයි.
ඔබ තුමන් වාඩි වෙන්නේ මොලේ උඩද ?
උතුම් නියෝගයක්... අපි අගය කරනවා විනිසුරුතුමනි. ඔබගේ එම ක්‍රියාව...
අනේ ඇමතිතුමෝ... ඇයි මේ වගේ බොළද වැඩ කරන්නෙ?
ඇමතිතුමෝ, මේකත් ...ලු තීන්දුවක්ද දන්නේ නෑ
ඇමතිතුමෝ, උසාවි පැත්තේ යන්නේ පරිස්සමින්
අපූරුයි . ගොඩක් කාලෙකින් අහන්න ලැබුණු හොඳ තීන්දුවක් . ඔබට ගොඩක් ස්තූතියි විනිසුරු තුමනි...
පාර්ලිමේන්තුවට ගියත් තමන්ට හිතුනු හිතුනු වැඩ කරන්න බෑ
මෙයා හරිම මෝඩ හිතුවක්කාරයෙක් ....
හූ... හූ... හොද වැඩේ
මේ වගේ ඇමතිවරු අනිවාර්යයෙන් මොන්ටිසෝරි යවන්න ඕනි
මේ මනුස්සය මේ සෙල්ලම් කරන්නේ රටේ අහිංසක දෙමව්පියන්ගේ කප්පරක් බලාපොරොත්තු එක්ක. මිනිස්සු ජනාධිපති තුමාට චන්දෙ දුන්නේ අරෙහෙන් මෙහෙන් එන පැරෂුට් කාරයින් ට රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න නෙවෙයි කියල ජනාධිපති තුමත් ටිකක් තේරුම් ගන්න ඕනි.
ඇමති තුමන්ලා කොමිෂන් වලට අත දානවනම් කොමිෂන් පත්කරන්න ඕන නෑනෙ. ඒ නිසා මේක හොද නියෝගයක්.
ඇමති තුමන්ලා කොමිෂන් වලට අත දානවනම් කොමිෂන් පත්කරන්න ඕන නෑනෙ. ඒ නිසා මේක හොද නියෝගයක්.
බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින්
ඔලුවක් නැතුව වැඩ කරන ඇමතිලා..........
බොහොම හොද තීන්දුවක්
මේ විෂයෙන් අයින් කරලා හොඳම පිස්සු පූසා තෝරන තරඟයක් විනිශ්චය කරන්න පත්කලා නම් හරි මීට වඩා වැඩි සේවයක් වේවි..
කවුද මෙයාව පාර්ලිමේන්තුවට යැවුවේ?
ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නෑ...
නීතියට ගරු කරන්න කරුණාකරලා.උසාවිය කියන්නේ උත්තරීතර ආයතනයක් නේද?
ඇමතිතුමා, අර ජනාධිපතිතුමා නිසා ලියලා ඉවර කර ගන්න බැරි වුණු පොතෙත් මේ ක්‍රමය ගැන සටහන් වෙලා තිබුණා
ටියුෂන් පංති හෝ කුකුල් කොටු ව්‍යාපාරයේ සාර්ථක පුද්ගලයෙකු වූ පමණින් යමෙකුට උගතෙකු හෝ බුද්ධිමතෙකු විය නොහැකිබව තේරුම් ගන්න.මේ වගේ ටියුෂන් පංතිවලට ලමයි ගෙන්න ගන්නේ මොනවා හරි දෙපැත්ත කැපෙන වචන ටිකක් ඒ පංතිවල තරුණ ගැහැණු පිරිමි ලමයි ඉස්සරහ ඇද බාලා බව අපි දන්නවා.එත් රටක අධ්‍යාවපනය කියන්නේ ඒ වගේ ටියුෂන් පංතියක් කරනවාට වඩා තරමක් බැරෑරුම් කාර්යයක් බව සිහි තබා ගන්න.ඒ වගේම කාලයක් යනතුරු දේශපාලන අඳ බාලයෙකු පරිදි නියැලී කෙනෙකුට අධ්‍යාපපනය වැනි විෂයක් කෙසේවත් ගැලපෙන්නේ නැහැ.මේ වගේ කෙනෙකු නැතිව ටිකක් අධ්‍යාපනයක් ලබපු වැදගත් මහත්මයෙකුට අධ්‍යානපනය බාර දුන්නා නම් මේ එක ප්‍රශ්නයක් වත් ඇතිනොවන බව පැහැදිලියි.
හූහූහූ..............................................
මෙයාට ගැලපෙන්නේ මාධ්‍ය ප්‍රකාශක වගේ තනතුරක්
තමන් ඔක්කොම දන්නවා කියලා හිතා ඉන්න නරින්ට මේවා හොද පාඩම්
එයාගේ මොළේ සිගරැට් වලට පිච්චිලා
ඇමතිතුමෝ,ඔලුවෙන් හිට ගන්න කලින් ඇදගෙන ඉන්නේ සරමක් බව අමතක කරන්න එපා
ජනාධිපති තුමනි, අධ්‍යාපන ඇමතිකම සඳහා මීට වඩා සුදුස්සෙක් නැද්ද මේ රටේ ...
දෙවි පිහිටයි අපේ දරුවොන්ගේ අනාගතයට ....
ඇමති කෙනෙක් වුණාම බොහෝ කල්පනාකාරීව වැඩ කළ යුතුයි.අපේ ඇමතිලා වැඩ අනා ගන්නවා .හරිම කණගාටුයි .
කලින් විදිහටම ක්‍රීඩාවම විතරක් බලා ගෙන හිටියා නම් හොඳයි නේද?
මේවගේ මිනිස්සු පාර්ලිමෙන්තුවට යවපුවාම මෙවන් අදහස් අහන්න ලැබීම විෂේශ දෙයක් නෙවෙයි
අපි උසාවියෙන් බලාපොරොත්තු වෙන්නේ නිවැරදි තීන්දුවක්
අසාධාරණයක් වූ ළමයින්ට සාධාරණයක් ඉටු කරන්න කියලා අපි උසාවියෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා
හොද විනිශ්චයක්.උසාවියට ගෞරව කළ යුතුයි
එයා පාසල් ගිය කෙනෙක්ද ??????
දේශපාලන බලය තිබූ පමණින් බුද්ධිමතෙකු විය නොහැකි බව තේරුම් ගන්න ඇමති තුමනි
අන්න නියම වැඩක්
කොහොම උනත් මේ වැඩ වලින් වෙන්නේ මේ සැරේ විභාගේ ( උ.පෙ.) කර අයගේ බලාපොරොත්තු තවත් කල් යන එකයි...
මහදැන මුත්තා හා ගෝලයෝ රොත්ත දැන් වේදිකාවේ ...
මෙයත් අර හැමදාම විපක්ෂයේ ඉන්න කෙනා වගේම ජනාධිපති වෙන්න හීන දැක දැක ඉන්න කෙනෙක්නෙ. ගණන් ගන්ඩ එපා ඒ උදවියට තියන අසනීපය කව්රු කව්රුත් දන්නවනේ.
ඇමති තුමෝ හෝ.... හෝ.... හෝ....