පළාත් හයක මහ ඇමැතිවරු අද (22) කොළඹ විජේරාම මාවතේ හිටපු ජනපතිවරයාගේ නිල නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
හිටපු ජනපති හා මහ ඇමැතිවරුන් අතර එහිදී සාකච්ඡාවක් පැවැති බවත් එහිදී සාකච්ඡාවූ දේ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවත් වාර්තාවේ.
ඉසුරු දේවප්රිය, මහීපාල හේරත්, සරත් ඒකනායක, ශාන් විජයලාල්, චාමර සම්පත් දසනායක, ධර්මසිරි දසනායක යන මහ ඇමැතිවරුද ජී.එල්.පීරිස්, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්රනාන්දු, ප්රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන යන පිරිසද එම අවස්ථාවට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ සහෝදර කට්ටිය? කෝ පුත්තු ටික? (නි)
මේ රටට ආදරයටද, ජනතාවට ආදරයටද, තමන්ට ආදරයටද යන්න අපි තේරුම් ගත යුත්තෙමු. මේ දේශපාලකයන් ගැන අපි තවත් විශ්වාස කරමුද? (නි)
මේ සමහරුන්ගේ වහසි බස් වලට මහින්ද මහත්තයා රැවටෙන්නේ නැහැ. හැබයි වශියක්වත් දීලා අල්ලාගත්තොත් ඉවරයි (නි)
අති විශාල මහා වෙනසක් සිදුවේවි දෝ .....(බ)
ටෝනි, ඩිෆෙන්ඩර් යහපාලනේ කොහොමද? (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂ හමුවක් නම් ජී.එල්. පීරිස් කොහොමද එතනට එන්නේ? එයා වෙනම පක්ෂයක් හදලා නේද? (නි)
පරාදවෙලාත් පැත්තකට වෙලා ඉන්න බැරි හැටි (නි)
ටෝනි, ඩිෆෙන්ඩර් සංස්කෘතිය, පාතාල යුද්ධ, දේපල විකිණීම, මහාබැංකු වංචා, අහස උසට බඩුමිල, බොරු යෝජනා පෙන්වා රාජ්ය දේපල පුද්ගලික අංශයට පැවරීම... ඒවා හොඳයිද? (නි)
සෙනෙවිරත්න, අනිත් මිනිස්සුත් පරාද වුණාම පැත්තකට වෙලා හිටියද? මහින්ද පැරදුනේ එක පාරයි කියලා මතක තියාගන්න.. (නි)
ගෙදර ගියොත් අඹු නසී ,මඟ හිටියොත් තෝ නසී වගේ දෙයක් මහ ඇමතිලාට වෙලා තියෙන්නේ ! (බ)
අනිත් අයටත් ළගදිම එතුමා හමුවෙන්න හිතෙයි (බ)
මේ මහා ඇමතිවරු මහින්ද හමු වුනේ වෙන කිසිවක් නිසා නොවෙයි. එයාල දන්නවා ශ්රී ල නිපය මහින්දගේ සහාය නැතිව පළාත් සභා පරදින බව. එහෙම වුනාම ඒ ගොල්ලන්ගේ මහා ඇමති කමත් ඉදිරියදී නැති වෙන්න පුළුවන් නිසා. අනේ මෙහම තක්කඩි!!!! (බ)
ලොකු කතා කියා කියා ඉදල..දැන් ඡන්දෙ ළං වුනාම මහින්ද මහත්මය හම්බ වෙන්න එනවා..ලැජ්ජාවේ බැහැ..මහා මැතිවරණේදී කළෙත් ඕකනේ..(බ)
ටෝනි, ඩිෆෙන්ඩර් සංස්කෘතිය, පාතාල යුද්ධ, දේපල විකිණීම, එදා ඉඳලා කළේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑද? (නි)
මෙදා පාර දාන ඇමේ, ටිකක් බරයි වගේ. (බ)
සුදු වෑන් සංස්කෘතිය,යුද්ධයක් නැතත් ජනතාවගේ හිත්වලට භීෂණය ආයෙමත් ගේන්නයි මේ අර අඳින්නේ. (බ)
මහින්ද මහතා තනි පක්ෂයකින් ආවත් ජය සිකුරුයි (නි)
දවල් හීන දකින මහදැනමුත්තා හා ගෝල පිරිස (බ)
ටෝනි, ඇඳුම් ඇදගෙනද කතා කරන්නේ. පාට කණ්ණාඩි ගලවලා බැලුවොත් පෙනෙයි යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන රඟ. (නි)
ටෝනි, රියාද් වලට වෙලා කටවහගෙන ඉන්නවද. අපිනේ මෙහෙට වෙලා කරුමෙ විඳින්නේ (නි)
මේ කිසිකෙනෙක් අායෙත් නම් දිනන්නේ නැහැ (නි)
ටෝනි හරි. (නි)